නිරුවත කියන්නෙත් කලාවක්.." - ටෙක්ලා කුමුදු කුමාරි දුන් උත්තරේ මෙන්න

"මම වරදක් කළොත් ඒ සැණින් ඒ ආරංචිය එයාට යනවා. ඒ නිසා මමත් හරි පරිස්සමින් තමයි ජිවත් වෙන්නේ.. ." ජනප්‍රිය නිර්මාණ කිහිපයකින් දකින්න...



"මම වරදක් කළොත් ඒ සැණින් ඒ ආරංචිය එයාට යනවා. ඒ නිසා මමත් හරි පරිස්සමින් තමයි ජිවත් වෙන්නේ..
."

ජනප්‍රිය නිර්මාණ කිහිපයකින් දකින්න ලැබුණු රංගන ශිල්පී ටෙක්ලා කුමුදු කුමාරි ටික කාලයක් නිර්මාණවලින් දකින්න ලැබුණේ නැහැ. බොහෝ දෙනෙක් හිතන්නේ ඇය මේ වෙද්දී රංගනයෙන් ඉවත් වෙලා කියලයි. ආදරණිය මවක් වූ ටෙක්ලා ඇයගේ අලුත් තොරතුරු කතා කරන්න හිරුත් එක්ක එකතු වුණා. මේ ටෙක්ලාගේ අලුත් තොරතුරු ගැනයි.

කොහොමද ටෙක්ලා ජිවිතේ..?
සතුටින් සැහැල්ලුවෙන් ජිවත් වෙනවා. පවුලට මුලිකත්වය දීලා අම්මා කෙනෙක් හැටියටයි බිරිඳක් හැටියටයි මගේ වගකීම් ඉටු කරමින් ලස්සන පවුල් ජිවිතයක් ගත කරනවා.


කාලයක් නිහඬව හිටියා නේද, ඒ ඇයි..?
විවාහයත් එක්කම දුව ඉපදුණා. ඒ කාලේ තමයි මම වැඩවලින් ටිකක් ඈත් වෙලා දුව එක්ක හිටියේ. දුව ඉපදුණේ 2015 වර්ෂයේ. දැන් දුවට අවුරුදු 4ක් වෙනවා. එයා දැන් ටිකක් ලොකු නිසා මට යළිත් නිර්මාණ කටයුතු සඳහා සම්බන්ධ වෙනවා. ලොකුවට නිර්මාණවලින් ඈත් වෙලත් නැහැ. මේ වෙද්දී නිර්මාණ දෙකකට සම්බන්ධ වෙලා තියෙනවා. එක ටෙලි නාට්‍යක වැඩ අවසන්. මේ මාසේ ඇතුළත එය විකාශය වෙයි. ඒ වගේම යළිත් නිදහස් නිවේදිකාවක් විදිහටත් කටයුතු කරන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. හිරු රූපවාහිණියෙන් මාව ළඟදීම වෙනස් විදිහට දකින්න පුළුවන් වෙයි කියලත් මතක් කරන්න කැමතියි. ඒ වගේම හොඳ චරිත ලැබුණොත් ඕනෑම චරිතයක් භාර ගන්න මම බලාපොරොත්තු වෙනවා.


ඒ කියන්නේ කැමරාව ඉස්සරහා නිරුවත් වෙන්න වුණත් දෙපාරක් හිතන්නේ නැහැ කියන එකද..?
රංගන ශිල්පිණියක් විදිහට කැමරාව ඉදිරියට එද්දී තමන්ව ඒ කියන්නේ ටෙක්ලා කුමුදු කුමාරි කියන කෙනාව අමතක කරලා කැමරාව ඉදිරියට එන්න ඕන. එහෙම වුණොත් තමයි ඒ චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් වෙන්නේ. එහෙම කියලා කැමරාව ඉස්සරහා සම්පුර්ණයෙන් නිරුවත් වෙන්න මට පුළුවන්කමක් නැහැ. නිරුවත කියන්නෙත් කලාවක්. නමුත් මම දුවක් ඉන්න අම්මා කෙනෙක්, මගේ පවුල බැඳීම් වලින් හරිම ශක්තිමත් පවුලක්. මගේ පවුල් ජිවිතේ ගැන හිතලා මගේ දුව ගැන හිතලා මම ඒ වගේ තීරණයක් ගන්නේ නැහැ. ලස්සන පවුල් ජිවිතයක් ගත කරන මට කැමරාව ඉස්සරහා නිරුවත් වෙලා ඒ ජිවිතේ නැති කරගන්න ඕන නැහැ.


නිර්මාණ සඳහා සම්බන්ධ කරගද්දී ලිංගික අල්ලස් ඉල්ලන, අයුතු යෝජනා එන අවස්ථා එදත් තිබ්බා, අදත් තිබෙන බව කියනවා. ටෙක්ලා රංගනයට අවතීර්ණ වෙලා වසර ගණනාවක් වෙනවා, ඒ වගේ යෝජනා ඔබට ඇවිත් නැද්ද..?
එහෙම නැහැ කිව්වොත් කවුරුත් පිළිගන්නෙත් නැහැ. එහෙම නැහැ කිවොත් ඒක බොරුවක්. ඒ වගේ යෝජනා මට ඇවිත් තියෙනවා. ඇතැම් චිත්‍රපටි මට අත අරින්න සිද්ධ වුණා ඇතැම් සිද්ධි නිසා. ඒ වගේම කාන්තාවකට පිරිමියෙක් ඇදිලා එන්නේ කාන්දමක් වගේ. අපි දැන ගන්න ඕන කොහොමද හැසිරෙන්නේ කියලා. හොඳ නරක තේරුම් අරන් ජිවත් වෙන්න ඕන කියලා තමයි මට කියන්න තියෙන්නේ.


ඒ වගේ අවස්ථාවලදී ඔබ ඒ කාලේ පෙම්වතා, දැන් සැමියා වූ රොහාන්ට ඒ ගැන කියලා තියෙනවද..?
මම රංගනයට අවතීර්ණ වෙලා වසර 14ක් වෙනවා. රොහාන්ට මගේ කැමැත්ත මම දෙන්නේ 2000 වර්ෂයේ ජනවාරි 1දා. එයාව මට මුණගැහෙද්දී මම නිලියක් නෙමෙයි. නමුත් අපේ ආදරේ තවමත් එහෙමම තියෙනවා. මාව තේරුම් ගත් කෙනෙක් එයා. විවාහ වෙන්නේ 2015 වර්ෂයේ. විවාහ වුනාට පස්සෙත් ඒ අවබෝධය ආදරේ ආරක්ෂාව අඩු වෙලා නැහැ. මොන දෙයක් ගැන වුනත් කතාබහ කරන්න පුළුවන්. මගේ සිමාවේ ඉදලා මම වැඩ කරන නිසා රොහාන් මම ගැන දන්නවා. ඇත්තම කිව්වොත් රොහාන් කියන්නේ හොඳ සැමියෙක්. මට වැරදි කරන්න බැහැ මේ ක්ෂේත්‍රය තුල. මොකද හැමෝම එයාගේ යාළුවො. මම වරදක් කළොත් ඒ සැණින් ඒ ආරංචිය එයාට යනවා. ඒ නිසා මමත් හරි පරිස්සමින් තමයි ජිවත් වෙන්නේ.


ඉස්සර වගේම අදටත් ප්‍රතිචාර ලැබෙනවද..?
මම මාස්ක් එක දාගෙන එලියට බැස්සත් මාව දැකලා කතාබහ කරන අය ඉන්නවා. මම රඟපෑ නිර්මාණ ගැන ඔවුන් කතා කරනවා. ටෙක්ලා නේද කියලා ඇවිත් කතා කරනවා. නිතරම දකින්න නොලැබුනත් ප්‍රතිචාරවලින් නම් අඩුවක් නැහැ. මට කවුරුත් මුණට බැනලත් නැහැ.


දුවක් ඉන්න නිසා විලාසිතා කරද්දී පරිස්සම් වෙනවා ඇති..?
දුවක් ඉන්න අම්මා කෙනෙක් කියලා මට අමුතුවෙන් වෙනස් වෙන්න දෙයක් නැහැ. මම කොටට ඇන්දත් දිගට ඇන්දත් මට ගැලපෙනවා නම් මම ඒ විලාසිතාව භාවිතා කරනවා. ලස්සනට වගේම වෙනස් විදිහට තමයි මම අදින්න පළදින්න උත්සහ කරන්නේ.


හර්ෂණී වීරරත්න

COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: නිරුවත කියන්නෙත් කලාවක්.." - ටෙක්ලා කුමුදු කුමාරි දුන් උත්තරේ මෙන්න
නිරුවත කියන්නෙත් කලාවක්.." - ටෙක්ලා කුමුදු කුමාරි දුන් උත්තරේ මෙන්න
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg27R-ERc43q1bxtxeqGCuyJz1Tmvle4wcbBMsy1mzrIcaxxMWHj8Kow1dz6ltfJLHVaNA98Tp2cIkcFYMc4bCdEmGggIRVRmsl_K6o6NjN4cDVB4DDozPa-1hBm-OGge7FKO0wSxP5pRg/s600/14051571_1481743228506279_5202414716773008511_n.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg27R-ERc43q1bxtxeqGCuyJz1Tmvle4wcbBMsy1mzrIcaxxMWHj8Kow1dz6ltfJLHVaNA98Tp2cIkcFYMc4bCdEmGggIRVRmsl_K6o6NjN4cDVB4DDozPa-1hBm-OGge7FKO0wSxP5pRg/s72-c/14051571_1481743228506279_5202414716773008511_n.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2021/01/blog-post_8.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2021/01/blog-post_8.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy