Yureni noshika-යුරේනිගේ ෆේස්බුක් සටහන

යුරේනි නොෂිකා කිව්වම ඈව අඳුනන්නේ නැති කෙනෙකු නැති තරම්. නිතරම වගේ වෙනස් විදිහේ විලාසිතා-වලින් බුකියේ කතාබහට ලක් වෙන ඇය, හදිසියේම ඇගේ මුහුණූ...



යුරේනි නොෂිකා කිව්වම ඈව අඳුනන්නේ නැති කෙනෙකු නැති තරම්. නිතරම වගේ වෙනස් විදිහේ විලාසිතා-වලින් බුකියේ කතාබහට ලක් වෙන ඇය, හදිසියේම ඇගේ මුහුණූ පොතට අමුතුම සටහනක් එකතු කරලා තිබුණා.


මේ තියෙන්නේ ඒ සටහන....

අද මම princess Diana ගේ සහ Donald Trump ගේ Documentries බැලුවා. මට හිතුනා මේ documentries දෙක බලලා ඉවරවෙනකොට මට හිතට දැනුනු හැගීම් ටිකක් ඔයාලත් එක්ක බෙදාගන්න. මේ ලෝකේ මිනිස්සු කොට්ඨාස දෙකක් ඉන්නවා. කට්ටියක් තමන්ගේ ජීවිතයේ වේදනාව , තනිකම හංගගෙන මනුශ්‍ය සංහතිය වෙනුවෙන් හිනාවෙලා මිනිසුන්ව සතුටු කරනවා.

මිනිසුන්ගේ හිත් සතුටු කරලා මිනිස්සුන්ගේ හිත් සැහැල්ලු කරලා ලබන හැගීමෙන් එයාලගේ ජීවිතයේ තියෙන හිස්බව පාලුව මොහොතකට හරි අමතක කරන්න පුලුවන් වෙන නිසා.Princess Diana එ වගේ කෙනෙක් .

අනිත් කොට්ඨාසය තමයි මනුස්සකමක් ගෑවිලවත් නැති නමුත් ජීවිතයේ ඉලක්ක ජයගන්න ඕනෑම කැපකීරීමක් කරන්න සූදානම් හැමදේම සුභවාදීව දකින අහියෝග හමුවේ නොසැලි තමන්ගේ සතුට , තමන්ගේ දියුනුව පමනක් ගැන හිතෙන තව කෙනෙක් ගැන දෙපාරක්වත් හිතන්නේ නැති මිනිසුන් . එ වගේ කෙනෙක් තමයි Donald Trump කියන්නේ. හැබැයි මේ වගේ කෙනෙක්ගෙන් ගන්න පුලුවන් හොද දේවල් තියෙනවා . එ තමයි ආත්ම විශ්වාසය නොපසුබස්නා වීර්‍ය් , being focused , optimism ,අහීයෝග වලට නිර්භයව මූණ දීම. මේකෙන් ඔප්පු වෙනවා ඕනම නරකයි කියන මනුස්සයෙක්ගෙන් වුනත් අපිට ගන්න හොද දේවල් තියෙනවා කියන එක. ඉතිහාසය කොච්චර හිට්ලර් කුරිරු පාලකයෙක් කියලා හෙලා දැක්කත් හිට්ලර් නොහිටින්න අද ජර්මනියක් නැහැ . එක නිසා මේ ලෝකේ මොන වර්ගයේ මිනිසුන් අපිට මුන ගැහුනත් අමතක කරන්න එපා අපිට හැම කෙනෙක්ගෙන්ම ජීවිතයට ගන්න යම් හොඳ දෙයක් තියෙනවා .

දෙවෙනි කාරණය - මේ දෙන්නම ලෝකයේ පිලිගත් බලවත් ප්‍රසිද්ධ පුද්ගලයන් දෙන්නෙක්. මම දැකපු විදිහට මේ දෙන්නටම පොදුවේ බලපාපු කරුනු තිබුනා . තනිකම සහ ආදරය. Donald Trump ගේ documentry එකේ අවසාන භාගේ කියනවා ' He was a child inside , he'd love to be loved ' Donald වගේ බලය සල්ලි ඕන තරම් තියෙන කෙනෙක්ට විශ්වාස කරන්න පුලුවන් පිරිස අඩුවෙනවා . එතකොට බොහො වෙලාවට තමන් තනිවෙනවා. ලෝකයක් ඉස්සරහා වීරයෙක් උනත් ගෙදරට ආවම පාලුව තනිකම හිස්බවින් මිදෙන්න අමාරුයි.

Princess Diana ගැන කියන්න තියෙනනෙත් මූලු ලෝකයක් වශී කරගත්ත හිනාවක් රූපයක් තිබ්බ ඇය , මුලු ලෝකයේම ආදරය දිනාගත් ඇයට සැබෑ ජීවිතයේ ආදරය මිරිගුවක් උනා. ඇය සැබෑ ජීවිතයේ බිත්ති 4 ට කොටුවෙලා තනිකම දරාගන්න බැරිව දහස් වාරයක් අඩපු කෙනෙක් , ජීවිතය නැති කරගන්න ගිය කෙනෙක්.

Donald & Diana දිහා පිටින් බැලුවම පේන්නේ ඔවුන්ට මොනාද නැත්තේ .හැමදේම තියෙන සර්ව සම්පූර්ණ ජීවිත කියලා. මේක තමයි යතාර්ථය. මේ ලෝකේ හැමදෙයක්ම ස්වභවධර්මය හැමකෙනෙක්ටම දෙන්නේ නැහැ .

සර්ව සම්පූර්ණ ජීවිත අපි කාටවත් හම්බ වෙන්නේ නැහැ . එක නිසා අපි හැම මනුස්සයෙක් ගැනම සානුකම්පිතව බලන්න පුරුදු වෙමු . Social media වල තව කෙනෙක්ව හෙලා දකින්න කලින් අපි සර්ව සම්පූර්ණ මිනිස්සුද කියන ප්‍රශ්නය අපෙන්ම අහමු .හැම කෙනෙක්ගෙම දුර්වලකම් විතරක් දැකලා හිනාවෙන්නේ නැතුව ගන්න පුලුවන් පොඩි හරි හොද දෙයක් තියෙනවානම් අරගෙන තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න. අපි වපුරන දේ තමයි අපිට අස්වැන්න විදිහට කවදාහරි නෙලා ගන්න වෙන්නේ!!




COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: Yureni noshika-යුරේනිගේ ෆේස්බුක් සටහන
Yureni noshika-යුරේනිගේ ෆේස්බුක් සටහන
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg4h0X8KMyQjvHbihi3NQS5QJGsieXsH2FV2vcaEYiC39c9BUCIWroSG33SiK80dNTbx6bQBhbbJgq44_zObDTl6tC53CJC4Tb8rOkvsdkVcq5s1cGxvpCcrlGJWivvuCYR68fkePfF5W4/w477-h640/20201106Yureni-2.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg4h0X8KMyQjvHbihi3NQS5QJGsieXsH2FV2vcaEYiC39c9BUCIWroSG33SiK80dNTbx6bQBhbbJgq44_zObDTl6tC53CJC4Tb8rOkvsdkVcq5s1cGxvpCcrlGJWivvuCYR68fkePfF5W4/s72-w477-c-h640/20201106Yureni-2.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2020/11/yureni-noshika.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2020/11/yureni-noshika.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy