chamathka lakmini -නිරුවත් චරිතයකට ආරාධනා ලැබුණොත් මම බාර ගන්නවා

ආන්දෝලනාත්මක චරිත රඟන්නියක් ලෙස ඇය ප්‍රකටයි. රූප රචනා හරහා රටක් හඳුනා ගත් ඇය සිනමා නිළියක් ලෙසින් ද අප හමුවට ආවා. 'හුස්ම' සිනමාපටයේ ...



ආන්දෝලනාත්මක චරිත රඟන්නියක් ලෙස ඇය ප්‍රකටයි. රූප රචනා හරහා රටක් හඳුනා ගත් ඇය සිනමා නිළියක් ලෙසින් ද අප හමුවට ආවා. 'හුස්ම' සිනමාපටයේ අභියෝගාත්මක නිළි චරිතය රැඟුවේ ඇයයි.


ඒ සුරූපිනිය චමත්කා ලක්මිණී ගැනයි මේ...

මේ දිනවල ඔබව දකින්නේ යූ ටියුබ් ඔස්සේ එළි දක්වන නිර්මාණ හරහා?

ඔව්. මට එක දිගට යූ ටියුබ් නාළිකාවලින් කරන කතා මාලාවලට ආරාධනා ලැබුණා. එවන් නිර්මාණ කිහිපයක්ම මේ දිනවල දී විකාශය වෙනවා.

ඒ නිර්මාණවලට හොඳ ප්‍රේක්ෂක කණ්ඩායමක් ඉන්නවා?

මේ දවස්වල බොහෝ දෙනෙක් නිවෙසට වෙලා කාලය ගත කරන්නේ. එහෙම ඉන්න කොට වැඩිපුර යූ ටියුබ් නාළිකා හි ප්‍රචාරයවන නිර්මාණ නැරඹීමේ උනන්දුවක් තියෙනවා. අනෙක ඕන තැනක ඉඳන් අතේ තියෙන ෆෝන් එකෙන් පවා නරඹන්නත් පුළුවන්නෙ. මේ නිර්මාණකරුවෝ ඔවුන් ඉලක්ක කරගනිමින් තමයි මෙවැනි නිර්මාණ ඉදිරිපත් කරන්නෙ. ඇත්තෙන්ම ඒක හොඳ කාලීන අදහසක්.

මවක් විදිහටත් දැන් චමත්කා කාර්යබහුලයි නේද?

ඔව් මට ඉන්නේ පුතෙක්. තවම මාස අටයි. පුතා එක්ක ඉන්න කොට කාලය ගත වෙනවා දැනෙන්නෙම නැහැ.

ඔබ ඇයි සරාගීත්වය හුවා දැක්වෙන චරිතවලට පමණක් සීමා වෙලා තිබෙන්නේ ?

මම ඒ කාලෙ ඉදන් කළේ ඒ වගේ චරිතනේ. මට ආරාධනා ලැබුණේ ඔය කියන විදිහේ චරිතවලට තමයි. හැබැයි මම ඒ හිතා මතා තෝරා ගත් ඒවා නෙමෙයි. මගේ ස්වරූපය අනුව මට කතා කරන්නේ සරාගීත්වයට බර චරිතවලට. අර චරිත හොඳ නැහැ මේ චරිත කළොත් හොඳ කියලා මගේ වාරණයක් නැහැ. නිළියක් කියන්නේ චරිත රඟන කෙනෙක්නේ. ඒ නිසා මගේ වෘත්තීය තුළ මට ලැබෙන චරිතයට මම උපරිම සාධාරණයක් කරන්න වග බලා ගන්නවා. හැබැයි නොබෝ දිනකින් මේ ස්වරූපයට හාත්පසින්ම වෙනස් චරිතයක් නිරූපණය කරන්න මම සූදානම් වෙලා ඉන්නේ.

චමත්කා හරියට සරාගීත්වයේ සංකේතයක් වෙලා වගෙයි?

ඒක මම මිනිස්සුන්ගේ ඔළුවට දාපු ප්‍රතිරූපයක් නෙමෙයිනේ. මිනිස්සු විසින් මවා ගත් දේට මට කරන්න දෙයක් නැහැ. මම කරන්නේ මගේ වෘත්තිය. ඒ වෘත්තිය තුළ මා කරන්නේ චරිතයක් නිරූපණය පමණයි. එතැනින් එහාට ඒ නිළිකම මගේ ඔළුවේ නැහැ. මම රඟපාන චරිත ඔළුවේ තියාගෙන ඉන්න අයයි මා පිළිබඳ ඔය විදිහේ ප්‍රතිරුප මවාගෙන ඉන්නේ. මගේ සාමාන්‍ය ජීවිතය ගැන දන්නවා නම් ඔය හැමෝම පුදුම වෙනවා. මම ගෘහණියක්, අතිශය සරල කාන්තාවක්. ඒ පෞද්ගලික ලෝකය තුළ මම ඉතා හොඳින් ඒ වගකීම් ඉටු කරමින් ඉන්නවා. රඟපාන චරිතයකින් නළුවෙක් හෝ නිළියක් මනින එක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි.

හුස්ම සිනමා පටයේ රඟපෑමට එකඟවීම පිළිබඳ, වසර කිහිපයක් ගත වුණු තැන, ඔබට හිතෙන්නෙ කොහොමද?

එදා වගේම අදත් මට තියෙන්නේ ඒ ගැන ලොකු සතුටක්. මොකද මම දන්නවා ඒ චරිතය මම නිරූපණය කළේ නැත්නම්, ලංකාවේ කිසිම නිළියක් ඒ චරිතයට පණපොවන්න ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒකම ඇති නිළියක් විදිහට මම ඉන්න තැන ගැන හිතලා මට සතුටු වෙන්න.

ආයෙත් නිරුවත් චරිතයකට ආරාධනා ලැබුණොත්?

මම බාර ගන්නවා. ඒක රඟපෑමම පමණයි. එය මගේ පෞද්ගලික ජීවිතයට කොහොම බලපායිද යන කාරණය මට එතෙන්දි අදාළ නැහැ.

ටෙලි නාට්‍යය ඔස්සේ ඇයි ඔබව දකින්නේ නැත්තේ?

ඔය මෙගා නාට්‍ය කියන සංකල්පයට මම එතරම් ප්‍රිය නැහැ. නමුත් මම ටෙලි නාට්‍ය රංගනය ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. ඉදිරියේදී ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙනවා. මම එහි රඟපෑමට එකඟ වුණේ එය මෙගා නොවන නිසා.

ඔබේ පුංචි පුතත් නළුවෙක් වෙලා නේද?

ඔව්. සංජීව පුෂ්පකුමාර අයියගේ නිර්මාණයකට පුතාව ඉල්ලුවා. කවද හරි පුතා නළුවෙක් වෙනවා නම් ඒක එයාගෙ කැමැත්ත. හැබැයි දැනුම් තේරුම් ඇති කාලෙක එයා වෙන වෘත්තියක් සඳහා යොමු වෙනවා නම් මම ඔහුට කිසිදු බලපෑමක් කරන්නේ නැහැ.

ප්‍රසාද් සමරතුංග











COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: chamathka lakmini -නිරුවත් චරිතයකට ආරාධනා ලැබුණොත් මම බාර ගන්නවා
chamathka lakmini -නිරුවත් චරිතයකට ආරාධනා ලැබුණොත් මම බාර ගන්නවා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgCxBlRNuJfQQE36tD0N2ZpveSGG_FVRaLE52CUyrv-5L2UgQS-WTtncPdWnciYYMY6yGDAgRRN6OHaT83CDxRke9h7gugVbLNNi5NGl7wUsbFcfIWCt8BMncksra2Dt_nmrb2FlJycO9c/w480-h640/74896538_119303949826375_2375398075599376872_n.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgCxBlRNuJfQQE36tD0N2ZpveSGG_FVRaLE52CUyrv-5L2UgQS-WTtncPdWnciYYMY6yGDAgRRN6OHaT83CDxRke9h7gugVbLNNi5NGl7wUsbFcfIWCt8BMncksra2Dt_nmrb2FlJycO9c/s72-w480-c-h640/74896538_119303949826375_2375398075599376872_n.png
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2020/11/chamathka-lakmini.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2020/11/chamathka-lakmini.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy