බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් පැහැරගෙන ගොස් ලිංගික වහලියක් ලෙස අලෙවි කිරීමට ගිය පුවතක් ඉතාලියෙන් වාර්තා වනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ...
බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් පැහැරගෙන ගොස් ලිංගික වහලියක් ලෙස අලෙවි කිරීමට ගිය පුවතක් ඉතාලියෙන් වාර්තා වනවා.විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 20 හැවිරිදි වියේ පසුවන මෙම තරුණිය නිරුපිකාවක් ලෙස කටයුතු කරන තැනැත්තියක් බවයි.Chloe Ayling නමැති මෙම තරුණියට ඡායාරූප කිහිපයක් ලබා ගැනීම සඳහා ඉතාලියේ වෙළඳ සංකීර්ණයකට පැමිණෙන ලෙස දන්වා ඇති අතර එහිදී ලුකස් හර්බා
නමැති පුද්ගලයෙක් විසින් ඇයට විෂ ද්‍රව්‍යක් මගින් සිහිසුන් කර තිබෙනවා.
මෙලෙස සිහිසුන් කළ තරුණිගේ අත් සහ පාද වලට මාංචු යොදා කුඩා ගමන් මල්ලක දමා පැහැරගෙන ගොස් ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.පසුව ගොවිපොළක් වෙත රැගෙන ගොස් ඇති අතර පැහැරගත් තරුණිය එහි දින 06ක් රඳවාගෙන තිබෙනවා.එහිදී තරුණිය පැහැරගත් පුද්ගලයා විසින්,ඇය ඇඳ සිටි ඇඳුම් ගලවා අත් පා බැඳ ලිංගික වහළියක් ලෙස ඇයව හැඩ ගන්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් කරුණු වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් Chloe Ayling ගොවිපොළ තුල රඳවාගෙන සිටි දින 06ක කාලය තුල ඇය වයස අවුරුදු 02ක දරුවෙකුගේ මවක් බවට හෙළිවී තිබෙනවා.ඒ පිළිබඳව දැනගත් පැහැරගැනීම සිදුකළ තැනැත්තා ඇයව මුදා හැර ඇති අතර පසුව ඔහු පොලිසියට භාර වී ඇති බව සඳහන්.
පොලිසියට භාර වූ සැකකරු එහිදී සියලු පාපොච්චාරණය කර ඇති අතර තමන් බ්ලැක් ඩෙත් ගෲප් නැමති කණ්ඩායමක සාමජිකයෙක් බවත් යුරෝපය තුල ක්‍රියාත්මක වන
මෙම කණ්ඩායම විසින් මෙලෙස තරුණියක් පැහැරගෙන ලිංගික වහලියන් ලෙස අලෙවි කිරීමේ ජාවාරමක් පවත්වාගෙන යන බවට කරුණු අනාවරණය වී තිබෙනවා.
පැහැර ගැනීමට ලක්වූ Chloe Ayling බ්‍රිතාන්‍ය පවුම් 270,000 අලෙවි කිරීමට සැලසුම් කර තිබු බවයි එහිදී අනාවරණය වී ඇත්තේ.
















COMMENTS