ඒත් පූජා මාව වතුරට තල්ලු කරන දර්ශනයේ දී නම් මම බය වුණා

ජීවිතය කියන්නෙ තරගයක් නෙවෙයි මට, අනික් අය එක්ක ගහමරාගෙන ඇණකොටා ගෙන අයිතිකරගන්න තරම් වටින වස්තුවක් මගේ ජීවිතේ නැහැ. මට දෙයක් අයිති වෙන්න තියෙ...



ජීවිතය කියන්නෙ තරගයක් නෙවෙයි මට, අනික් අය එක්ක ගහමරාගෙන ඇණකොටා ගෙන අයිතිකරගන්න තරම් වටින වස්තුවක් මගේ ජීවිතේ නැහැ. මට දෙයක් අයිති වෙන්න තියෙනවා නම් ඒක අයිති වේවි, නැත්නම් ඒක නැති වේවි. 

මේ විදියට කියන්නෙ ‘‘නීල පබළු’’ නාට්‍යයේ කුරුළුයි. සඳුන් රාජකරුණාගේ නීලපබළු නාට්‍යයේ කුරුළු නිසා බොහෝ දෙනාගේ ආදරය ලබන මේ තනාෂා හට සැබෑ ජීවිතයේ දී විශේෂ කෙනෙක්ගේ ආදරය ලැබෙන බව කියන්න පුළුවනි. 

• තනාෂා මේ දිනවල වැඩ රාජකාරි කොහොමද? 

නිරූපන වැඩවලින් නම් ටිකක් ඈත්වෙලා හිටියේ. ඒත් දැන් ආයෙත් පටන් ගත්තා. ඒ එක්කම ‘‘නීල පබළු’’ නිසා ටිකක් කාර්යබහුල වෙලා. 

• ඒ කියන්නෙ තවදුරටත් අධ්‍යාපනය කරන්නේ නැද්ද? 

දැන් මට ඒකට ටිකක් කාලය මදිවෙලා. ඉදිරියේ දී රංගනය සහ නිරූපනය ගැන වැඩිපුර අවධානය යොමු කරන අතරේ ව්‍යාපාරයකුත් කිරීම අරමුණයි. 

• අද කුරුළුට ලැබෙන ප්‍රතිචාර කොහොමද? 

එදා මේ නාට්‍යය පටන් ගත් දවසේ ඉඳලාම වගේම අදත් ආදරය ලැබෙනවා. පාරට බැස්සත් වැඩිහිටියන්ගේ ආදරය බොහෝමයි. මේ කතාව දිගටම බලන්න කියලා මම ආදරයෙන් හැමෝටම ආරාධනා කරනවා. මොකද විශේෂ වෙනස් වීමක් වෙන්න තියෙන නිසා. ප්‍රේක්ෂකයා නොසිතූ විදියේ දෙයක් වේවි. 

• කුරුළු නිසා පුද්ගලිකව මුහුණදුන් සිදුවීම් එහෙම තියෙනවද? 

ඉදිරියේ විකාශයට නියමිත කොටස් වෙනුවෙන් කළ රූගත කිරීමක් ගැන කියන්නම්. කුරුළු අනතුරකට ලක්වෙනවා. ඒ වාහනය එක්ක වතුරට වැටෙන සීන් එකක්. ඒ සීන් එක කරද්දි වාහනය පදවාගෙන ආ අයියාට එක පාරටම බ්‍රේක් කරන්න බැරි වුණා. ඒ වෙලාවේ කළු ගඟට රථය පෙරළෙන්නෙ නැතුව බේරුණේ අනූනමයෙන්. එදා එහෙම වුණා නම් කුරුළුගෙ වගේම මගෙත් ජීවිතය කෙළවර වෙන්න තිබුණා.
තවත් වතාවක මැරයින් පිරිසක් මාව ගලක් මතින් පහළට තල්ලු කරන අවස්ථාවක් තිබුණා. ඒ වෙලාවෙ මගේ අතකට තුවාල වුණා. තවම ඒකට බෙහෙත් දානවා. 
කලින් විකාශය වූ දර්ශනවල දී ගීත ජවනිකාවේදී බෝට්ටුව පෙරළුන අවස්ථාවත් සිහිපත් කරන්නම ඕනැ. සුමිරාන් අයියා වතුරට බයයි. සඳුන් අයියා බෝට්ටුව පෙරළන්න කියලා විධානය දෙද්දීත් එයා පෙරළුවේ නැහැ. ඒත් පසුව ඒ සීන් එක කොහොම හරි කළා. 

• කුරුළු වතුරට බය නැද්ද? 

නැහැ ආසයි. ඒත් පූජා මාව වතුරට තල්ලු කරන දර්ශනයේ දී නම් මම බය වුණා. 

• තනාෂාට පීනන්න පුළුවන්ද? 

පුළුවනි. 

• ඇත්ත ජීවිතේ පූජා සහ ඔබ කොහොමද? 

ඇත්තටම නම් අපි හොඳ යෙහෙළියන්. මේ නාට්‍ය කණ්ඩායමේ ඔක්කොම හරි එකමුතුයි. චංචලා සහ තරුෂි අක්කා, රුක්ෂානා, පියුමි ඇතුළු ඔක්කොමලා යාළුවෝ. මේ දිනවල මට ගොඩාක් වෛර කරන ශිරෝමා වසන්ති අක්කා හැබෑවට මට බොහොම ආදරෙයි.

• ඇයි ‘‘නීලපබළු’’ විතරක් රඟපාන්නේ?

මුල් කාලයේ දී නම් එහි ගිවිසුමට අනුව කොටස් 150 ක් යන කල් ඒක විතරයි රඟපෑවේ. පසුව නිර්මාණ ගණනාවකට ආරාධනා ලැබුණා. ඒත් විවිධ දේ එක්ක ඒවාට දායක වෙන්න බැරි වුණා. හැබැයි ඉදිරියේ දී ලැබෙන චරිත ගැන හිතලා රඟපානවා. දැනටම අලුත් දෙකකට ආරාධනා ලැබිලා. ඒත් එක දිගට කාර්යබහුලවීමට තියෙන අකමැත්ත නිසා මම ටිකක් ඒවා මග හැරලා ඉන්නේ. එක් වතාවක් එකකට කාර්යබහුල වුණාම ඇති. 

• ඒ එක්කම තනාෂාගේ සැබෑ ආදරය ගැනත් කියමු. 

එයා මට බොහොම උදවු කරනවා. විශේෂයෙන්ම මගේ අම්මා හැරුණාම මගේ පිටුපස සිටින හෙවනැල්ල එයා. මම ෂූටිං යද්දි පවා ඇවිත් මට උදවු කරනවා. මගේ නාට්‍ය කණ්ඩායමේ අය එක්කත් හරි එකතුයි. ඒ සියල්ල වගේම අවබෝධය නිසා හරිම පහසුවක් මගේ කරන වැඩවලට. 

• ආදරය දැනෙන්නෙ කොහොමද? 

මම බොහෝ විට මගේ අවට සිටින අයගෙ ආදර කතා දැකලා තියෙනවා. එයාලගෙ ප්‍රශ්න දැකලා තියෙනවා. මගේ පුද්ගලික අත්දැකීම් එක්ක මට ඕනෑ වුණේ මගේ ගමනට හයියක් වෙන කෙනෙක්. ඒ අතින් මම වාසනාවන්තයි. ඒ වගේ කෙනෙක් ලැබුණොත් ආදරය හැමෝටම සුන්දර අත්දැකීමක් වේවි. 

• දැන් විවාහයට සූදානමින්ද ඉන්නේ? 

තව අවුරුදු දෙකකින් විතර විවාහ වෙන්න හිතාගෙන ඉන්නෙ.

• එයා මොනවද කරන්නේ? 

එයා ව්‍යාපාර කරන්නෙ. නමුත් එයාට හොඳ කලා රසිකත්වයක් තියෙන කෙනෙක්. සාමාන්‍යයෙන් තමාගෙ පෙම්වතිය තිරයේ දී හෝ අනුන්ගේ පෙම්වතියක වීම ඊර්ෂ්‍යාවක්නෙ. ඒත් එයා මගේ රඟපෑමේ අඩුපාඩු හරි තියෙනව නම් පෙන්වලා දෙන කෙනෙක්. 

• කුරුළුගෙ ආදරයට වඩා වෙනස්! 

ඔව්. මේ දිනවල කුරුළු ආදරය අත් හැරලා නිහඬව ආදරය කරන කෙනෙක්. සැබෑවට නම් මට නිහඬව ආදරය කරන්න බැහැ. කුරුළු එයාගෙ අභිමන්ව පූජා කරලා ඉන්නවා වගේ මට මගේ අභිමන්ව කාටවත් දෙන්න බැහැ. මම එහෙම දෙන්නෙත් නැහැ. තනාෂා එච්චරටම සැබෑ ජීවිතේ අභිමන්ට ආදරෙයි. 

• සැබෑ ආදරය එක්ක නත්තලට මොනවද කරන්නෙ? 

රටේ පවතින තත්ත්වය එක්ක එළියට නම් යන්නෙ නැහැ. ගෙදර කට්ටිය එක්ක සතුටින් පරිස්සමින් ගත කරන්නයි බලාපොරොත්තුව.

• 2021 අලුත් අවුරුද්දේ අලුත් ප්‍රාර්ථනා මොනවද? 

ලොකු ප්‍රාර්ථනා නැහැ. මේ වතාවේ මුළු ලෝකයටම ප්‍රශ්න ඇතිවූ මොහොතක්. ව්‍යසනයක් ආ වසරක් වුණා. ඒ වගේම නොවී අපි හැමෝටම නිදහසේ සරලව ජීවත්වීමේ අවකාශය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 

සඳුන් ගමගේ


COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: ඒත් පූජා මාව වතුරට තල්ලු කරන දර්ශනයේ දී නම් මම බය වුණා
ඒත් පූජා මාව වතුරට තල්ලු කරන දර්ශනයේ දී නම් මම බය වුණා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiuisWOLa2DwpyvV1ZkZNGKyBjenw8I8zweCToIv6vx3fA388UM4QrpHoHkAQE1IV7LuI6y3OzrkNqwpTiPFCMm-sgXLmWx0Z0EzO1rAhr8BqegF5m269HyqVU78Wq0WFelQ4mAAzb15qM/s600/tanasha-1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiuisWOLa2DwpyvV1ZkZNGKyBjenw8I8zweCToIv6vx3fA388UM4QrpHoHkAQE1IV7LuI6y3OzrkNqwpTiPFCMm-sgXLmWx0Z0EzO1rAhr8BqegF5m269HyqVU78Wq0WFelQ4mAAzb15qM/s72-c/tanasha-1.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2021/01/blog-post_5.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2021/01/blog-post_5.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy