ගුණාත්මක ටෙලිනාට්‍යවල අද තෝරා බේරා ගන්න දෙයක් නැහැ-සුජානි මේනකා

ටෙලිනාට්‍ය ගණනාවක සුවිශේෂී චරිත රඟපාපු ජනප්‍රියම රංගන ශිල්පිනියක් තමයි සුජානි මේනකා කියන්නේ. එහෙත් කාලෙක ඉඳලා ඇය ටෙලිනාට්‍යවල වගේම, කිසිම මා...



ටෙලිනාට්‍ය ගණනාවක සුවිශේෂී චරිත රඟපාපු ජනප්‍රියම රංගන ශිල්පිනියක් තමයි සුජානි මේනකා කියන්නේ. එහෙත් කාලෙක ඉඳලා ඇය ටෙලිනාට්‍යවල වගේම, කිසිම මාධ්‍යයක ඇය පිළිබඳව කතාබහ වුණේ නැහැ.

ටෙලිනාට්‍ය කලාවටම නැතුවම බැරි වුණු ඇය එකපාරටම ටෙලිනාට්‍ය කලාවෙන් ඉවත් වුණාද? එහෙමත් නැතිනම් ඇයට මොකද වුණේ කියලා දැනගැනීමට කාලෙක ඉඳලා ඇයට කතා කිරීමට උත්සාහ කළා. ඒත් ඇයව අපට සම්බන්ධ කරගැනීමට නොහැකි වුණා. ඒත් අපි උත්සාහය අත්හැරියේ නැහැ. එහෙත් පසුගිය දිනෙක ඇය කාලෙකට පස්සේ අප සමඟ දොඩමලු වුණා.

ලබන්නාවූ නව වසර සුබම සුබ වසරක් වේවා සුජානි?
ඔබටත්, ඒ වගේම මම සමඟ හැමදාමත් සිටිය මගේ ආදරණීය රසික රසිකාවියන්ටත් මේ ලබන්නා වූ වසර සුබම සුබ වසරක් වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

හිටිගමන් ටෙලිනාට්‍ය රඟපෑම නතර කරන්න ඔබ හිතුවේ ඇයි?
එයනම් මගේ විශේෂ පෞද්ගලික හේතුවක් මත තමයි. ඒ වෙලාවේ මම ගොඩාක් කාර්යබහුල වෙලා හිටියේ. අනෙක් කාරණාව තමයි මට ගැළපෙන්නැති චරිත ලැබුණෝතින් මම රඟපාන්න කැමැති නැහැ.

එදා තිබුණු ගුණාත්මක නිර්මාණ කලාව අද උඩුගම් බලා පීනන බවද ඔබ කියන්නේ?
ගුණාත්මක ටෙලිනාට්‍යවල අද තෝරා බේරා ගන්න දෙයක් නැහැ. අපට ගැළපෙන විදියට තමයි ඒ චරිත අපට ලැබෙන්නේ. ඒ කාලවල එක දිගට ගුණාත්මක නිර්මාණ බිහිවුණා. අපිත් හරිම ආශාවෙන් තමයි වැඩ කළේ. ඒ දවස්වල මට නිර්මාණයක් මඟහැරුණානම් මඟ හැරුණු දින නැතිකම නිසා නැතුව මම ප්‍රතික්‍ෂේප කළේ නැහැ. වර්තමානයේ අපි දකින නිර්මාණ අතරින්පතර ගුණාත්මක නිර්මාණ දකිනවා. අලුත් පරපුර ඉන්න හොඳ නිර්මාණ කරන. ඒ වගේම අපේ හිටිය පරණ අයත් උත්සාහ කරනවා හොඳ නිර්මාණ කිරීමට.

අද දකින නිර්මාණ ගැන ඔබ කලකිරීමකින්ද මේ කතා කරන්නේ?
මෙහෙමයි… හොඳ නිර්මාණ දකිනවා. ඒ අතර කිසිම හරයක් නැති නිර්මාණත් දකිනවා. ඒවා දකින කොට හිතෙනවා මේවා කාට රසවිඳින්නද හදන්නේ කියලා. සමහර අවස්ථාවල මගේ අතට හොඳ පිටපත් ලැබිලා බාරගත්තු අවස්ථා තිබිලා තියෙනවා. ඒවට ගිහින් බඩු විකුණනවා වගේ තමයි කරන්නේ. ඉතින් එහෙම දැක්කාම එපාවෙලා ගෙදර එනවා වෙන කෙනෙක් දම්මලා කරන්න කියලා. තෘප්තියක් නැතුව වැඩ කරන්න මම කොහෙත්ම කැමැති නැහැ. ඔබ වගේ හිත් තුළ කලකිරීම් නිසා තමයි මම පොඞ්ඩක් නිහඬ වෙලා හිටියේ. අනෙක බිමල් කැමැති නැහැ මම එහෙම නිර්මාණවල රඟපානවට.

ඒ කාලවල ඔබ දෙදෙනාගේ තිබුණු කාර්යබහුලත්වය නිසා බිමල්ගේ වැඩකටයුතු කරලා දෙන්නවත් හරිහමන් වෙලාවක් තිබුණේ නැතුව ඇති?
ඇත්තටම ඔව්… අපි දෙන්නාම ටෙලිනාට්‍යවල වැඩකටයුතු කරපු නිසා දෙන්නාම කාර්යබහුල වෙලා හිටියේ. හැබැයි පසුගිය අවුරුදු දෙකේ මම ගෙදරට වෙලා හිටිය නිසා හිතට ලොකු සැහැල්ලුවක් දැනුණා. ඒ වගේම බිමල්ගේ වැඩකටයුතුවලට උදවු වෙලා ගෙදරට වෙලා හිටියා.

වර්තමානයේ ටෙලිනාට්‍ය යුවළවල් අතර මත ගැටුම්, විරසක වීම් අපට දකින්නට, අහන්නට ලැබෙනවා. සුජානි, බිමල් කැදැල්ලේ තියෙන රහස මොකක්ද?
පවුලක් වුණාම පොඩි පොඩි ප්‍රශ්න එනවා. ඒක සාමාන්‍ය දෙයක්. දෙන්නා අතර තේරුම් ගැනීම තමයි වැදගත්. යාළුවෙලා තමයි අපිත් බැන්දේ. ජීවත් වෙද්දි අපි දෙන්නාට දෙන්නා තේරුම් ගත්තා. ප්‍රශ්න ආවත් ඉවසීමෙන් ඒ ප්‍රශ්න දිහා බලාගෙන හිටියාම කිසිම ප්‍රශ්නයක් නැහැ. ගැළපෙන අය නැහැ. ලෝකයේ කොහෙවත් ගැළපෙන විදියට අපි ජීවත් විය යුතුයි. මම ඒ දේ ඉගෙන ගත්තෙත් පවුල් ජීවිතය ගතකරනකොට තමයි. ඕක තමයි අපේ රහස.

ඔබේ දකින විශේෂත්වයක් තමයි මාධ්‍ය සමඟ ඔබ ලොකු ගනුදෙනුවක් නැති බව?
එයට හේතුව වැඩක් කරන්නැතුව මොනවා කතා කරන්නද. ඒ නිසා මම කතා කරන්න කැමැති නැහැ. මගේ වැඩක් යනකොට ඒ ගැන කතා කරන්න සුදුසු කාලයක් ආවම මම මාධ්‍ය සමඟ කතාබහ කරනවා. නැත්නම් මාධ්‍යවලින් ප්‍රශ්න හොය හොයා කතා කරයි. එහෙම ප්‍රශ්න නැහැ අපිට. මම කැමැති නැහැ.

සුන්දර කැදැල්ල එළිය කරන්න සුබ ආරංචියක් එහෙම නැද්ද අලුත් අවුරුද්දෙ?
අපේ ජීවිතයට සුදුසු කෙනා සුදුසු කාලවල එයි. එතකන් දෙන්නා බලාගෙන සතුටින් ජීවත් වෙනවා.

වසන්ත විතාරණගේ
මෙම ලිපියේ උපුටා ගැනීම "මව්රට" පුවත්පතේ "හාර්ට්ස්" අතිරේකයෙන්..

COMMENTS

BLOGGER: 1
Loading...
Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: ගුණාත්මක ටෙලිනාට්‍යවල අද තෝරා බේරා ගන්න දෙයක් නැහැ-සුජානි මේනකා
ගුණාත්මක ටෙලිනාට්‍යවල අද තෝරා බේරා ගන්න දෙයක් නැහැ-සුජානි මේනකා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg8NrhJZk9u4FPM9G5OaihD-Dtp9Z3Wj-9RXPhwKYC6sZewI0z9D8Hol_73s9vrANNQJ43nU9ghHMjS_GjzTFAgtLqtyeqA5mlOUNoQ2DD2Sr1inqK0csbO6acxiPLpz9UUGseSCT00sdU/s600/121266364_3636197683109913_4534082012760787263_o.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg8NrhJZk9u4FPM9G5OaihD-Dtp9Z3Wj-9RXPhwKYC6sZewI0z9D8Hol_73s9vrANNQJ43nU9ghHMjS_GjzTFAgtLqtyeqA5mlOUNoQ2DD2Sr1inqK0csbO6acxiPLpz9UUGseSCT00sdU/s72-c/121266364_3636197683109913_4534082012760787263_o.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2021/01/blog-post_2.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2021/01/blog-post_2.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy