දුව මට වඩා උපේක්ෂාට එකතුයි.ජනප්‍රිය නිළි උපේක්ෂා ස්වර්ණමාලිගේ ආදරණිය සැමියා සමන්ත කියයි

උපේක්ෂා ස්වර්ණමාලි කියන චරිතය නොදන්නා කෙනෙක් නැහැ. විවිධ චරිත ඔස්සේ ජනතාවට සමීප වූ ඈ කාලයක් දේශපාලනයටත් සම්බන්ධ වුණා. ආදරණිය දියණියකගේ මවක්...



උපේක්ෂා ස්වර්ණමාලි කියන චරිතය නොදන්නා කෙනෙක් නැහැ. විවිධ චරිත ඔස්සේ ජනතාවට සමීප වූ ඈ කාලයක් දේශපාලනයටත් සම්බන්ධ වුණා. ආදරණිය දියණියකගේ මවක් වෙන උපේක්ෂා ගැන කතා කරන්න හොඳම චරිතය තමයි ඇයගේ ආදරණිය සැමියා සමන්ත . හැමෝම දන්න උපේක්ෂා ගැන ඇයගේ ආදරණිය සැමියා කියන්නේ මෙහෙම කතාවක්.

උපේක්ෂා රංගනය එක්ක කාර්යබහුල වෙද්දී ඔබ ව්‍යාපාර කටයුතු එක්ක කාර්යබහුල ඇති නේද..?

කොරෝනා තත්ත්වය නිසා පසුගිය කාලයේ ලැබුණු ඇඳිරි නීති කාලයේ බිරිඳ හා දුව එක්ක නිදහසේ විවේකිව කාලය ගත කළා. අත්‍යවශ්‍ය කටයුතු සඳහා විතරයි අවසර අරගෙන එලියට ගියේ. මේ කාලේ නම් ව්‍යාපාර කටයුතු එක්ක හොඳටම කාර්යබහුල වෙලා ඉන්නේ. උපේක්ෂාත් තෝරා ගත් නිර්මාණ කිහිපයක වැඩකරගෙන යනවා.


දුව වැඩිපුරම එකතු උපේක්ෂාටද, ඔබටද..?
දුව මට වඩා උපේක්ෂාට එකතුයි. එයා තමයි නිතරම දුව එක්ක ඉන්නේ. ඒ නිසා මට වඩා දුව ආදරේ මම හිතන්නේ අම්මාට තමයි. නමුත් මම ගෙදරින් පිට ඉන්න වේලාවට වීඩියෝ කෝල් අරගෙන මාත් එක්ක කතාබහ කරනවා. මම ගෙදරට යන වෙලාවට තාත්තා කියාගෙන දුවගෙන එනවා. මාව දැක්කම සතුටින් මාව පිලිගන්නවා. උපේක්ෂා ශුටින් යන සමහර වෙලාවට දුව ඉන්නේ මාත් එක්ක තමයි.


උපේක්ෂා කියන්නේ කාලයක් තරුණයින් කැමතිම චරිතයක්, ඇයගේ ජනප්‍රියත්වය කොයි මොහොතකවත් විවාහ ජිවිතේට බලපාලා නැද්ද..?

එයාගේ ජනප්‍රියත්වය විවාහ ජිවිතේ බලපාලා නැහැ. එයාව දැක්කොත් ගොඩක් අය ලඟට ඇවිත් කතා කරනවා. ෆොටෝස් ගන්නවා. ඒවාගෙන් නම් අඩුවක් නැහැ. ඒ ප්‍රතිචාර දකිද්දී මටත් සතුටුයි. සමහර මානසික ආතතිවලින් ඉන්න මිනිස්සු එයාට කෝල් කරන අවස්ථා තියෙනවා. ඒ වගේ අවස්ථාවලදී මම තමයි ඒ ඇමතුම් වලට සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ ඒ දුරකථන අංක බ්ලොක් කරනවා. නැත්තම් කරදර නිසා. ඒ හැරුනාම කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ.


විවාහයත් සමඟ බොහෝ රංගන ශිල්පිණියන්ට සැමියා වාරණ දානවා, ඔබේ වාරණවලට උපේක්ෂාත් කොටු වෙලාද ඉන්නේ..?
කොහෙත්ම නැහැ. මම එයාට කිසිම විදිහකින් බලපෑමක් වෙන්නේ නැහැ. රඟපාන්න එපා කියන්නෙත් නැහැ. නමුත් එයා දැන් අම්මා කෙනෙක් නිසා චරිත තෝරා ගද්දි ප්‍රවේසම් වෙන්න කියලා නම් කියනවා. කොහොමත් ඒ දේවල් ගැන උපේක්ෂාට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. එයා දන්නවා කරන්න ඕන මොනවාද නැත්තේ මොනවාද කියලා. දරුවට හා පවුලට ප්‍රශ්නයක් නොවී තමයි එයා රංගන කටයුතුවල පවා නිතර වෙන්නේ. ඒ නිසා මට එයාට වාරණ දාන්න අවශ්‍ය වෙලා නැහැ.


ඔබ සමඟින් විවාහ වනවිටත් ඇය රංගන ශිල්පිණියක්, විවාහයට ඇයගේ නිළිකම ප්‍රශ්නයක් වෙයි කියලා හිතුණේ නැද්ද..?

එයාගේ රංගන ජිවිතේ විවාහ ජිවිතේට එකතු කරගෙන නැහැ. මම එයාට විවාහ වෙන්න යෝජනා කරද්දී එයා මුලින්ම මගෙන් ඇහුවේ බැන්දට පස්සේ මට රංගනයෙන් අයින් වෙන්න කියනවද කියලා. මම කිව්වා නැහැ තෝරාගෙන හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙන එකට මගෙන් ගැටලුවක් නැහැ කියලා. මගේ ඒ කැමැත්ත එක්ක තමයි එයා විවාහයට කැමති වුණේ. ඇත්තම කිව්වොත් රංගනය කියන්නේ එයාගේ ජිවිතේ වගේ දෙයක්. ඒ නිසා මට ඒක වෙනස් කරන්න අවශ්‍ය වුණේ නැහැ. විවාහ වුනාට පස්සේ මම උපේක්ශාට කිව්වා නම් දැන් රඟපාන්න එපා කියලා එයා මගෙන් ඈත් වෙලා යයි. ඒ තරමටම එයා රංගනයට ආසා කරනවා. ඒ ආසාව මම කොහෙත්ම නැති කරන්නේ නැහැ.


ඇයව ඔබට මුණගැහෙන්නේ කොහොමද කියලත් මතක් කරමු..?

එයා දේශපාලනයට සම්බන්ධ වෙලා ඉන්න කාලේ තමයි මට මුණගැහෙන්නේ. එයාගේ දේශපාලන වැඩවලට මම දායක වෙලා තියෙනවා. ඒ වැඩවලට නිතරම මුණගැහෙද්දී හිතවත්කමක් ඇති වුණා. පසුව අපි ආදරේ කළා. ඊට පස්සේ තමයි විවාහ වෙන්න තීරණය කළේ.


ඔබ නිසාද ඇය දේශපාලනයෙන් ඉවත් වුණේ..?
නැහැ. එයාට දේශපාලනය කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. එයා ඒක තේරුම් ගත්තා. එයා කොහොමත් දේශපාලනයට කැමති කෙනෙක් නෙමෙයි. නමුත් මම එක දෙයක් කියනවා එයා දේශපාලනය කරද්දී මන්ත්‍රී කෙනෙක් විදිහට රුපියලක්වත් හොරකම් කළේ නැහැ. අවංකවම සේවය කළා. ඒ දේ නම් මම වගකීමෙන් කියනවා. ජනතාව සමහර වෙලාවට නොදැන චෝදනා කළා. එක එක කතා හැදුවා. කොහොමත් දේශපාලනයට සම්බන්ධ වෙන අයට එතරම්ම ජනතාවගේ ප්‍රසාදය හිමි වෙන්නේ නැහැ, එයා දේශපාලනයෙන් ඈත් වුනාට පස්සේ මුල් කාලේ තිබ්බ ආදරේ නැවත ජනතාවගෙන් ලැබුණා.


ඔබ දේශපාලනයට සම්බන්ධ වෙන්නද අර අඳින්නේ..?

ජනතාවට සේවය කරන්න ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වෙන්නම ඕන නැහැ. නමුත් මම තවම එහෙම තීරණයක් අරගෙන නැහැ. ඒ තීරණය කාලයට භාර දෙනවා. කිසිදෙයක් බලෙන් ලබා ගන්න මම උත්සහ කරන්නේ නැහැ. බලෙන් එන්නේ නැහැ.


උපේක්ෂා වෙනුවෙන් කලා නිර්මාණවලට නිෂ්පාදන දායකත්වය ලබා දෙන්නත් අදහසක් ඇති නේද..?
ටෙලි නාට්‍යයක් වගේම චිත්‍රපටියක් කරන්න අදහසක් තියෙනවා. ඊට මේ වෙද්දී මුල්තැන දීලා මුලික අඩිතාලම මේ වෙද්දී දාලා තියෙන්නේ.


හර්ෂණී වීරරත්න


COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: දුව මට වඩා උපේක්ෂාට එකතුයි.ජනප්‍රිය නිළි උපේක්ෂා ස්වර්ණමාලිගේ ආදරණිය සැමියා සමන්ත කියයි
දුව මට වඩා උපේක්ෂාට එකතුයි.ජනප්‍රිය නිළි උපේක්ෂා ස්වර්ණමාලිගේ ආදරණිය සැමියා සමන්ත කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhLKxnMuFQ3AnCSzgHSz0M0PxCqZa2eW0xRdIlP3w5H4fJQUlFA_7OUU_-OVDe9RoCkZ3R9WI5AD-cWqXYOqp2k2q65-KzJI3EotLoTQH8_NwJUogkz5LJvI_MD3Brk8JLLHYhNzSaVduc/s600/11063419_10153909388826061_2731696993257981291_o.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhLKxnMuFQ3AnCSzgHSz0M0PxCqZa2eW0xRdIlP3w5H4fJQUlFA_7OUU_-OVDe9RoCkZ3R9WI5AD-cWqXYOqp2k2q65-KzJI3EotLoTQH8_NwJUogkz5LJvI_MD3Brk8JLLHYhNzSaVduc/s72-c/11063419_10153909388826061_2731696993257981291_o.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2021/01/blog-post_15.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2021/01/blog-post_15.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy