ඉන්දුනීසියාවේ තරුවක්වු සුරනි

සුරනි දැන් ඉන්දුනීසියාවේ තරුවක්ද? ඉන්දුනීසියාවේ තරුවක් වගේ දැනෙන්නෙ. මොකද දැන් ඉන්දුනීසියාවෙන් තමයි මට වැඩිපුරම කමෙන්ට්ස් එන්නෙ. ඒගොල්ලන් මග...



සුරනි දැන් ඉන්දුනීසියාවේ තරුවක්ද?

ඉන්දුනීසියාවේ තරුවක් වගේ දැනෙන්නෙ. මොකද දැන් ඉන්දුනීසියාවෙන් තමයි මට වැඩිපුරම කමෙන්ට්ස් එන්නෙ. ඒගොල්ලන් මගෙන් ඉල්ලලා තිබුණා “ආඩම්බරයි බැලුවම නම්” ගීතය සජීවීව ගායනා කරන්න කියලා. ඉතින් මම එහෙම ගායනා කරලා මගේ යූටියුබ් නාළිකාවට දාපු ඒ වීඩියෝ එකට වැඩිපුරම ඉන්දුනීසියානු ජාතිකයන්ගෙන් තමයි ප්‍රතිචාර තියෙන්නෙ. ගොඩක් සන්තෝෂයි. ඉන්දුනීසියාවෙනුත් මට රසිකයන් පිරිසක් එකතුවුණු එක ගැන.

එකවරම මේ ගීතයට ඉන්දුනීසියාවේ මෙතරම් ආකර්ෂණයක් ඇතිවුණේ කොහොමද?

මේ අවුරුද්දෙ ඉන්දුනීසියානු DJ කෙනෙක් ඔවුන්ගේ ආරයට  මේ ගීතය නැවත නිර්මාණය කළා. දැන් මේ ගීතය ඉන්දුනීසියාවේ ටික් ටොක් චැලේන්ජ් එකක් විධියටත් යනවා. ටික් ටොක් වීඩියෝ ලක්ෂ ගණනක් නිර්මාණය කරලා තියෙනවා. ආඩම්බරයි බැලුවම නම් ගීතයේ කෝරස් එක තමයි ඔවුන් මෙහෙම සිංහල භාෂාවෙන් ගායනා කරන්නේ. සිංහල භාෂාවෙන් ගායනා කරන එක ගොඩක් වටිනවා. කවර්ස් පවා ඔවුන් නිර්මාණය කරලා තියෙනවා. මගේ ගීතයත් මිලියන ගණනක් ප්‍රේක්ෂකයන් මේ වන විට නරඹා තිබෙනවා. එච්චරට රැල්ලක් විධියට ආඩම්බරයි බැලුවම නම් ගීතය ඉන්දුනීසියාවේ දැන් ප්‍රසිද්ධයි.

මේ ගීතය සුරනිගෙද? ඉරාජ්ගෙද?

මේ සින්දුව මගේ කියලා මුළු ලංකාවම දන්නවා. මේ වෙනකොට මම හිතන්නෙ නෑ ඒ ගැන කාටවත් කිසි සැකයක් තියෙනවා කියලා. 2008 ඉඳල මේ ගීතය මම හැම තැනම ප්‍රසංගවල ගායනා කරලා තියෙනවා. මේ ගීතය මම ලොකු වියදමක් දරලා මගේ පළමුවැනි ඇල්බම් එකට නිර්මාණය කරවගත්ත එකක්. මේ ගීතයේ සංගීත නිර්මාණය කළේ ඉරාජ් වීරරත්න. පද රචනය කළේ වසන්ත දුග්ගන්නාරාළ. සිංහල රැප් එකක් තියෙනවා. ඒක ලිව්වෙ මම. ඉංගී්‍රසි රැප් එක ලිව්වේ Killer B. සංගීත සංයෝජනය කළේ රංග දසනායක. ගීතයේ රූප රචනය කළේ අයේෂ් විජේරත්න.

ඉන්දුනීසියාවට එන්න කියලා ආරාධනා ලැබුණේ නැද්ද?

ගොඩක් දෙනෙක් කියලා තිබුණා මාව බලන්න කැමතියි කියලා. එහේ ප්‍රසංගයක් කරන්නෙ නැත්ද කියලා ඇහුවා. නමුත් කොරෝනා තත්ත්වයත් එක්ක අපිට කොහේවත් ගිහිල්ලා කොන්සර්ට් එකක්වත් කරන්න අමාරුයි. ඒ නිසා ඒක ගැන වැඩිය හිතුවෙ නැහැ. ඉදිරියේදී මේ හැම දෙයක්ම සමථයකට පත්වුණාට පස්සෙ මොකක්ද කරන්න පුළුවන් කියලා බලනවා.

පසුගිය මාසේ ඔබේ අලුත්ම ගීතයක් නිකුත් කළා නේද්?

ඔව්. “කාටත් හොරා” කියන ගීතය නිර්මාණය කළේ කසුන් පොල්ගම්පල. පද රචනය කළේ චතුක මදුරංග. රූප රචනය කළේ චමිල් පතිරණ (තාල රූප) කේ. පී. ට්වින්ස් තමයි නර්තනය නිර්මාණය කළේ. මේ ගීතයටත් හොඳ ප්‍රතිචාර ලැබුණා. මොකද මේ ගීතයෙන් පස්සෙ ගොඩක් අය ඇයි මෙච්චර කාලයක් නිහඬව හිටියේ? ඇයි වැඩ කරන්නෙ නැත්තෙ? ක්ෂේත්‍රයේ හැංගිලා ඉන්න එපා කියලා කියන්න ගත්තා. ඒ වගේම ගොඩක් අය මේ නිර්මාණය අගය කරලා තිබුණා.

ඉදිරියේදී එන්න තියෙන නිර්මාණ ගැනත් කියමු?

ජනවාරි මාසේ මුල වගේ “අයදිමි සමා” කියන ගීතය නිකුත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. අඩිලාන් ෂරිෆ්ඩීන්ගේ සංගීතයෙන් සහ අචල සොලමන්ගේ පද රචනයෙන් හැඩවුණු ගීතයක්. ඉතාමත්ම ලස්සන මෙතෙක් කල් මගෙන් අහපු නැති ආකාරයේ ගීතයක් තමා “අයදිමි සමා” කියන්නෙ. මේ ගීතයේ රූප රචනයට මගේ සැමියා ක්‍රිෂාන්තද සිල්වා සහයෝගය  ලබා දුන්නා. වීඩියෝව අධ්‍යක්ෂණය කළේ රමේෂ් මලින්ත විසිනුයි. ඉතින් ඉතාමත්ම ඉක්මනින් ප්‍රේක්ෂකයන්ට මේ ගීතය බලාගන්න පුළුවන්.

මේ දවස්වල ඔබ සම්බන්ධවෙලා ඉන්න අනෙකුත් වැඩකටයුතු ගැනත් කියමු?

මේ දවස්වල ටිකක් වැඩිපුර වැඩසටහන්වලට  සහභාගි වුණා. මොකද නත්තල් මාසෙ නිසා නත්තල් වැඩසටහන්වලට රූපවාහිනි නාළිකාවලින් ආරාධනා ලැබෙනවා වැඩියි. ඒ වගේම  ආඩම්බරයි  බැලුවම නම් ගීතය ඉන්දුනීසියාවේ ජනප්‍රියවීම ගැන කතා කරන්නත් විවිධ නාළිකාවලින් ආරාධනා ලැබෙනවා. ඒ නිසා මේ දිනවල ටිකක් කාර්යබහුලයි. 

කොරෝනා තත්ත්වයත් එක්ක විදේශීය ප්‍රසංග ඔබට මඟහැරෙන්නට ඇති?

ඔව්. මම හැම අවුරුද්දෙම විදෙස් සංචාරවල නිරත වුණා. පසුගිය අවුරුද්දෙ විදෙස් සංචාර තුනකට වගේ සහභාගි වුණා. මේ අවුරුද්දෙ මං විතරක් නෙමේ මුළු ලෝකෙම කලාකරුවන්ට මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න වුණා. මොකද ප්‍රසංග කියන්නෙ සෙනඟ ගැවසෙන තැනක් නිසා ඒවා කරන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. විදෙස් සංචාර විතරක් නෙමේ රට තුළ කරන ප්‍රසංග පවා කරන්න බැරිවෙලාවක් මේක. ඉතින් අපි බලාපොරොත්තු  වෙනවා ඉදිරියේදී මේ හැමදේම යථා තත්ත්වයට පත්වෙයි කියලා.

ඔබේ ගීත බොහොමයක් වේග රිද්මයේ ගීත. මේකට විශේෂ හේතුවක් තියෙනවද?

නර්තනයට ගොඩක් කැමති නිසා වේග රිද්ම ගීතවලට මම ගොඩක් කැමතියි. මම ගායනය තරමටම නර්තනයටත් කැමතියි. මේ දෙකම එකට කරන්න පුළුවන් තැනක් තමයි වේග රිද්මය කියන්නෙ. වේග රිද්ම ගායනය ඇතුළේ ගායනය සහ නර්තනය දෙකම කරන්න පුළුවන්. ඒ නිසා මම නිතරම බලන්නෙ වේග රිද්ම ගීතයක් හදන්න. මම ඇල්බම් 02ක් කළා. නමුත් මේ ඇල්බම්වල හැම ගීතයක්ම වේග රිද්ම ගීත නොවෙයි. 

පහසුවෙන් ප්‍රේක්ෂකයන් ග්‍රහණය කර ගැනීමට හැකි වීමත් වේග රිද්ම ගීත නිර්මාණයට හේතුවක්ද?

ඔව්. ඉතින් මම එදා ඉඳලාම ප්‍රසංග වේදිකාවේදී ගායනයත් සමඟ නර්තනයේ යෙදෙනවා. ඉතින් ඒ ඉදිරිපත් කිරීමේදී ප්‍රේක්ෂකයන්වත් ගායනයට වගේම නර්තනයටත් සම්බන්ධ කර ගන්නවා. මම හිතනවා ප්‍රේක්ෂකයන් ඒකට කැමතියි කියලා. ගොඩක් අය ප්‍රසංගවලට එන්නේ සතුටු වෙන්න. නටන්න. ඉතින් මේ දේවල් ප්‍රේක්ෂකයන්ට ලැබුණම එයාලා ගොඩක් කැමතියි. මම හිතනවා ඒ නිසයි ප්‍රේක්ෂකයො මගේ ගීතවලට කැමැති කියලා. 

ඔබ කළ නිර්මාණ පිළිබඳව ඔබ තෘප්තිමත්ද?

ඔව්. මම කරපු නිර්මාණ ගැන මට සතුටුයි. මම කරපු ගොඩක් නිර්මාණ තියෙනවා ගොඩක් ජනප්‍රිය වුණු. ඉදිරියේදී නර්තන සහ රංගනයත් එකතු කරගෙන අලුත් නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා.

COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: ඉන්දුනීසියාවේ තරුවක්වු සුරනි
ඉන්දුනීසියාවේ තරුවක්වු සුරනි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiHKQSUmYEryV5ESXSlQr6uKDqM8rbriN3HQRS38cLqlSbC3nkQwe9o7rdkNdOOWngd65jWDbVXQfxIF00mE70NGxLE7J8IkjeAATa-o5PT9yp6LngovNwa5tf2okXB-WYB15eDUdNlRc4/w640-h638/1203.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiHKQSUmYEryV5ESXSlQr6uKDqM8rbriN3HQRS38cLqlSbC3nkQwe9o7rdkNdOOWngd65jWDbVXQfxIF00mE70NGxLE7J8IkjeAATa-o5PT9yp6LngovNwa5tf2okXB-WYB15eDUdNlRc4/s72-w640-c-h638/1203.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2020/12/blog-post_42.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2020/12/blog-post_42.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy