තිස් හැවිරිදි වියේ පසුවූ නර්තන ශිල්පිණියක් වෙඩි තබා ඝාතනය කළ පුවතක් විදෙස් මාධ් ය වාර්තා කරනවා. නතාලියා ප් රෝනිනා නමැති රුසියානු ජාතික...
තිස් හැවිරිදි වියේ පසුවූ නර්තන ශිල්පිණියක් වෙඩි තබා ඝාතනය කළ පුවතක් විදෙස් මාධ්ය වාර්තා කරනවා.
නතාලියා ප්රෝනිනා නමැති රුසියානු ජාතික නර්තන ශිල්පිණියකුයි මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ.
විදෙස් මාධ්ය වැඩිදුරටත් වාර්තාකර තිබුණේ රුසියාවේ - ඇකඩමිචෙස්කායා දුම්රිය ස්ථානය අසල පිහිටා තිබූ ඇයගේ නිවස අසල දී මෙම ඝාතනය සිදුව ඇති බවයි.
අදාල තරුණිය සමඟ සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය දේශපාලඥයෙකුගේ බිරිඳ විසින් ලබාදුන් කොන්ත්රාත්තුවක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවට සැකයක් මතුව තිබෙනවා.
ඝාතකයා විසින් මෙම ඝාතනය සිදුකරන අයුරු අසල තිබූ ආරක්ෂිත කැමරාවකද සටහන්ව තිබීම විශේෂත්වයක්.
මුහුණ ආවරණය කරගත්ත පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය සිදුකරන අයුරු එහි සටහන් වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය පවසන්නේ සී.සී.ටී.වී දර්ශන මෙහි පරීක්ෂණ සඳහා වැඩි සහයෝගයක් නොදක්වන බවයි.
කෙසේ වෙතත් අදාල තරුණියට රසිකයෙකුගෙන් කලක සිට අනවශ්ය ආකාරයේ බලපෑම් එල්ල වී ඇති බවට කරුණු අනාවරණය වී ඇති අතර මෙම ඝාතනය සම්බන්ධව සැකයක් ඔහු දෙසටද එල්ල වී තිබෙනවා.
COMMENTS