මාධ්‍යවේදිනියක්, මෝස්තර නිරූපණ ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක් සහ ගුරුවරියක් වැනි භූමිකා රැසක් නියෝජනය කරන ෆැලන්

ඔබව හඳුන්වා දුන්නොත්? මම ෆැලන් නිමේෂා ධර්මසිංහ. දැනට හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රවෘත්ති අංශයේ මාධ්‍යවේදිනියක් ලෙස කටයුතු කරනවා. මාධ්‍ය ක්ෂේත්‍රය...



ඔබව හඳුන්වා දුන්නොත්?

මම ෆැලන් නිමේෂා ධර්මසිංහ. දැනට හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රවෘත්ති අංශයේ මාධ්‍යවේදිනියක් ලෙස කටයුතු කරනවා.

මාධ්‍ය ක්ෂේත්‍රයේ ආරම්භය ගැන කියමු?

මම මුලින්ම මාධ්‍යට සම්බන්ධ වෙන්නේ නිදහස් මාධ්‍යවේදිනියක් විදිහට. එතකොට මම උසස් අධ්‍යාපනය හදාරනවා. ඒ අතරේදි මට සුප්‍රීම් ආයතනයේ නිවේදිකාවක් සහ නිෂ්පාදකවරියක් ලෙස කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා. ඊටපස්සේ තමයි හිරු ආයතනයට සම්බන්ධ වෙන්නේ. මගේ මාධ්‍ය ගමන පටන් අරගෙන දැනට අවුරුදු දෙකක් විතර වෙනවා.

පොඩි කාලේ ඉඳලා හීනයක් තිබුණාද මාධ්‍යවේදිනියක් වෙන්න?


ඔව්. පොඩි කාලේ ඉඳලාම බලාපොරොත්තුවක් තිබුණා. පොඩි කාලේ ඉඳලාම හීන දැක්කේ මාධ්‍යවේදිනියක් වෙන්න. හැබැයි මම මුලින්ම උසස් පෙළට කළේ බයෝ සයන්ස්. ඊටපස්සේ ආයෙත් ආර්ට් සබ්ජෙක්ට් කරලා මීඩියා ඩිග්‍රී එකත් අරගෙන මාධ්‍යට එන්නේ.

ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ වගකීම ඔබ දකින්නේ කෙලෙසද?

ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම මට අළුත්. මොකද මම කලින් කළේ වැඩසටහන් නිෂ්පාදනයනේ. වැඩසටහන් නිෂ්පාදනයේ ඉඳලා ඇවිත් නිව්ස් රූම් එකක වැඩ කරනවා කියන්නේ ඒක හාත්පසින්ම වෙනස් දෙයක්. ඇත්තටම මට මුලදි ඒක ලොකු අභියෝගයක් වුණා. නිව්ස් රූම් එකක වැඩ කරන්න නම් ඒ කෙනාට ලොකු කායික වගේම මානසික ශක්තියකුත් තියෙන්න ඕනේ. ප්‍රවෘත්ති මැදිරියක විදිහට වැඩ කරනවා කියන්නේ එයාට අනෙක් ඕනෑම තැනකට වැඩ කරන්න පුළුවන්. මුලදි ගොඩක් අපහසු වුණා. පස්සෙ ටිකෙන් ටික මම ඒකට මාව හුරු කරගත්තා. දැන් ඒ පන්නරය දවසින් දවස අළුත් වෙනවා.

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

මගේ තාත්තා මට ලොකු සහයෝගයක් ලබා දෙනවා. එයාට ඕනෑ වුණේ මාව ගුරුවරියක් කරන්න. මම ගුරුවරියක් විදිහටත් දැන් වැඩ කරනවා. තාත්තා මුලදී නම් කැමති වුණේ නැහැ මාධ්‍යට එනවාට. හැබැයි මගේ අධ්‍යාපනය පැත්ත සහ අනෙක් දේවල් හොඳ නිසා තාත්තාගෙන් අවසරය ලැබුණා.

ඒ කියන්නේ ඔබ ගුරුවරියක්?

ඔව්. සාමාන්‍ය පෙළ, උසස් පෙළ සිසුන්ට මාධ්‍ය අධ්‍යනය, ඉතිහාසය, ඉංග්‍රීසි යන විෂයන් උපකාරක් පන්ති ගුරුවරියක් ලෙස උගන්වනවා. එතනදි මම ගුරු භූමිකාව රඟපානවා. ඒ තුළින් ලබන අත්දැකීම් හරි විශිෂ්ටයි. දරුවෙකුගේ ඇස් පාදන එක හැමෝටම කරන්න බැහැ. මගෙන් ඉගෙනගත්තු ළමයි විශ්වවිද්‍යාල වරම් ලබලත් තියෙනවා.

ඔබ නිරූපණ ක්ෂේත්‍රයටත් සම්බන්ධයි?


ඔව්. මම මෝස්තර නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩ කරනවා. Choreographer කෙනෙක් විදිහටත් කටයුතු කරනවා. ඒ වගේම මියුසික් වීඩියෝ වලට සම්බන්ධ වෙලා තියෙනවා. නුදුරේදීම ඉන්දීය චිත්‍රපටයක නිෂ්පාදකවරියක් විදිහට සම්බන්ධ වෙන්න බලාගෙන ඉන්නවා. ඒක මගේ ජීවිතයේ වැදගත්ම දෙයක් කියලා මම හිතනවා. මම කැමති නෑ එක තැනකට කොටු වෙන්න. අවස්ථාවල් රැසක් ලැබිලා තිබෙනවා. ඒවාගෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා.

මේ වැඩ ඔක්කොම ඔබ කරන්නේ කොහොමද?

මට ගොඩක් කට්ටිය ඉස්සර ඉඳලා කිව්වේ එක දෙයක් කරන්න තෝරගන්න කියලා. හැබැයි මම දක්ෂ හැමදේම කළා. මා තුළින් ගන්න පුළුවන් හැමදේම මම ගන්නවා කියන මතයේ තමයි මම ඉන්නේ. ඒ නිසා මම මගේ කාලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරනවා. එතකොට හැමදේම කරන්න පුළුවන්.

විශේෂයෙන් මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?

අනිවාර්යයෙන්. ක්ෂේත්‍රයට එන්න මට ගොඩක් උදව් කළා මගේ අම්මා, තාත්තා, අක්කා, අයියා ඇතුළු පවුලේ අය. එතකොට තිවංක අයියා, දිනේෂ් අයියා. ඒ වගේම හිරු නාලිකාවේ නාලිකා ප්‍රධානී ශෙහාන් භරණගේ, සුප්‍රීම් නාලිකාවේ නාලිකා ප්‍රධානී කංචන කොඩිතුවක්කු යන අය මට ගොඩක්ම වැඩවලට සහයෝගය දෙනවා.

කැළුම් දේවින්ද



COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: මාධ්‍යවේදිනියක්, මෝස්තර නිරූපණ ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක් සහ ගුරුවරියක් වැනි භූමිකා රැසක් නියෝජනය කරන ෆැලන්
මාධ්‍යවේදිනියක්, මෝස්තර නිරූපණ ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක් සහ ගුරුවරියක් වැනි භූමිකා රැසක් නියෝජනය කරන ෆැලන්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgA0NMZRA2UP_xJxyH2UZuwk0SVBUSIwCiU9u2KjgyZzr9IxKf1-ehSMyBxXsojyGbHQExMepHOBHawTPsa8kNQE5NuBOMDcG-uBDIBcieWbFm9_XG6sEGzIk8b0Bq7AxbhmAgOSDkPnIc/s600/20201221Falen-1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgA0NMZRA2UP_xJxyH2UZuwk0SVBUSIwCiU9u2KjgyZzr9IxKf1-ehSMyBxXsojyGbHQExMepHOBHawTPsa8kNQE5NuBOMDcG-uBDIBcieWbFm9_XG6sEGzIk8b0Bq7AxbhmAgOSDkPnIc/s72-c/20201221Falen-1.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2020/12/blog-post_27.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2020/12/blog-post_27.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy