ලබන මාසයේ ඉඳන් අලූත් නාට්‍යයක් ආරම්භ කරන්න සූදානමින් ඉන්නේ. ඒ ඇරෙන්න මේ දවස්වල නිදහසේ ඉන්නවා. මේ රූගත කිරීම් ආරම්භ කරන නාට්‍යය ඉක්මනට විකා...
ලබන මාසයේ ඉඳන් අලූත් නාට්‍යයක් ආරම්භ කරන්න සූදානමින් ඉන්නේ. ඒ ඇරෙන්න මේ දවස්වල නිදහසේ ඉන්නවා. මේ රූගත කිරීම් ආරම්භ කරන නාට්‍යය ඉක්මනට විකාශනය කරයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා.
රඟපෑමට එන්න ලැබීම ගැන මොකද හිතන්නේ ?
සමහරක් වෙලාවට සතුටු හිතෙනවා. සමහර වෙලාවට දුක හිතෙනවා.
ඇයි දුක හිතෙන්නේ ?
දුක හිතෙනවා කියලා කියන්නේ අපි කොච්චර මහන්සිවෙලා වැඩ කළත් අපිට ඒ චරිතයට මම දෙයක් කළේ නැහැ කියලා හිතෙන තැන්වලදී ගොඩක් දුක හිතෙනවා. දැන් නම් පහුගියදා නිමාව දුටු සිහිනියේ සාර්ථකත්වයත් එක්ක තව තව වැඩ කරන්න ආසා හිතෙනවා.
රඟපෑමට ලැබෙන ආරාධනා අඩුද?
ආරාධනා අඩු නැහැ. එහෙම දෙයක් නැහැ. හිමින් සැරේ වැඩ ටික කරගෙන යනවා.
ගායනයට එන්න හදනවා කියන්නේ ?
මගේම කියලා ගීතයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. අවුරුද්දක වගේ ඉඳන් කාලයක තමයි මගේ හිතේ ඒ ආසාව ඇතිවෙලා තියෙන්නේ. මම හිතන්නේ ඒකත් මට ඉක්මනටම ඉෂ්ට කරගන්න පුළුවන් වේවි කියලා. එ ගැනත් මම මේ දිනවල වැඩකටයුතු කරගෙන යනවා. ඊට අමතරව මම වෙන කිසිම වැඩකට යොමුවුණේ නැහැ.
මෙවර ලැබුණේ මොනවගේ චරිතයක්ද?
මේ චරිතයත් හරි හුරුබුහුටි දඟකාර, අලූත් විදිහට අඳින පළඳින චරිතයක්.
ෂෙහානි විලාසිතාවලට බර චරිතයක් ?
ඔව්. මම විලාසිතාවලට බර චරිතයක්. එ හින්දා මට ලැබෙන්නේ එ වගේ චරිත තමයි.
ෂෙහානිට කැපිලි කෙටිලි නැතිද?
මම එ දේවල් ඔළුවට ගන්නේ නැහැ. එහෙම වෙනවා ඇති. නමුත් මට එවැනි ප්‍රශ්න තියෙනවාද කියන්න මම දන්නේ නැහැ. මේ ක්ෂේත්‍රය ප්‍රසිද්ධ නිසානේ ඒ දේවල් එළියට යන්නේ. අද කාලේ ඕනෑම ක්ෂේත්‍රයක තරගකාරීත්වයක් තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් මම ඔය දේවල් වැඩිය ඔළුවට ගන්නේ නැතිව හැමෝමත් එක්ක හොඳින් ඉඳලා මගේ වැඩ කරගෙන ඉන්නයි බලන්නේ.
ගායිකාවක් වෙන්නද සූදානම?
එහෙම නැහැ. මම හිතනවා මට ගායනා කරන්න පුළුවන් කියලා. ඒක නිසා මගේම කියලා ගීතයක් කරන්න අදහස් කළා. පොඩි කාලේ ඉඳලා මට ආසාවක් තිබුණා සින්දුවක් කරන්න.
පසුගිය කාලේ කොහේද ගිහින් හිටියේ ?
මම අවුරුදු දෙකක් විතර කාලයක් වැඩ කරන්නේ නැතිව හිටියා. එතකොට මට මීට කලින් තිබුණ ජනප්‍රියත්වය එ ලෙසම අදටත් තියෙනවා. අපි වැඩ කරන විදිහ අනුවයි ජනප්‍රියත්වය ලැබෙන්නේ. ඒක කාලෙන් කාලෙට වෙනස් වෙනවා. මම නැවත මගේ ජනප්‍රියත්වය හදාගත්තා කියලා හිතනවා.
රංගන ශිල්පිනියකට ලැබෙන ආදරයට එහා ගිය ආදරය ගැන කතා කළොත්?
ඒකත් අපි ඉදිරියට කතා කරමු.
පසුතැවීම් එහෙමත් තියෙනවාද?
පසුතැවීම් මට විතරක් නෙමෙයි ඕනෑම කෙනකුට තියෙනවා. ඒක ඕනෑම කෙනකුට පොදුයි.
දිනේෂ් විතාන
දිවයින






COMMENTS