HomegossipGallery

ක්‍රිකට් ක්‍රීඩකයෙකු සමඟ සම්බන්ධ කරමින් පැතිරෙන කටකතා ගැන ජනප්‍රිය නිළි ගායත්‍රී ඩයස් දුන්න උත්තරේ මෙන්න

  රූපලාවන්‍ය ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් හැටියට ඇය වරින් වර ඔබ හමුවට එනවා. විටෙක බිරිඳක් වගේම දෙදරු මවක් වුණ ඇය හරි අපූරු...

 රූපලාවන්‍ය ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් හැටියට ඇය වරින් වර ඔබ හමුවට එනවා. විටෙක බිරිඳක් වගේම දෙදරු මවක් වුණ ඇය හරි අපූරු සුන්දර රූ සපුවකට හිමිකම් කියනවා. මේ නිසාම ඇය අන්තර්ජාලයේ හරි ජනප්‍රිය නිළියක්. නමින් ගයාත්‍රි ඩයස්. පසුගිය දවස්වල ඇයටත් හරි හරි කතාන්දර තමයි ගෙතුණේ. ඒවාට අන්තර්ජාලයේම උත්තර දීලා, අන්තිමේ ඒ උත්තරයත් ලක්ෂ ගණන් නරඹලා මිලියන ගණන් රීච් කරලා. ඊටත් පස්සේ ඇය ඒ ගැන සති අන්තයේ නිකුත් වන පුවත්පතකට කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.


ගයාත්‍රි මේ දවස්වල මොකද වෙන්නේ ?
 
ඇත්තම කියනවා නම් මේ දවස්වල වැඩි හරියක් ඉන්නේ සැලෝන් එකේ. මොකද දැන් අපිට වැඩ නැහැනේ. අපිට දැන් රඟපාන ඒවාත් අඩුවෙලා. ඊයේ පෙරේදා වැඩ කිහිපයක් කළා. අනික පටන්ගත්තු වැඩ කිහිපයක් අතරමග නතර වුණා. ඒක හින්දා සැලෝන් එකේ වැඩකටයුතුවලට වැඩි ඉඩක් වෙන් කරන්න අදහස් කළා.
 
ක්ෂේත්‍රය පිරිහීමකට ලක්වෙලා ද?
 
කේෂ්ත්‍රය පිරිහෙනවා නම් පිරිහීමකට ලක්වෙන්නේ ක්ෂේත්‍රයේ සිටින සියයට පනහක වගේ පිරිසක් නිසා. තව සියයට පනහක් ඉන්නවා ප්‍රේක්ෂකයන්. මොකද ප්‍රේක්ෂකයන්  අතරත් හොඳ ප්‍රේක්ෂකයෝ වගේම කුහක ප්‍රේක්ෂකයෝත් ඉන්නවා. මම ඒ වචනය පාවිච්චි කරන්න හේතුවක් තියෙනවා.
 
ඒ මොකක්ද ?
 
නිතර නිතර මම ඒක අත්දැකීමෙන් ලබන දෙයක් බවට පත්වෙලා තියෙනවා. මොකද අපි මොන දේ කළත් ඒ දේ පිළිගන්න පිරිසකුත් ඉන්නවා. අපි කොච්චර හොඳ දෙයක් කළත් ඒක නරක විදිහට පිළිගන්න පිරිසකුත් ඉන්නවා. ඒකට හේතුව සමහර මිනිස්සුන්ගේ හිත්වල ලොකු තරහක් ඉසිරියාවක් තියෙනවා. ඉතිං මෙතැන දී ඕක වෙන්නේ මම හිතන්නේ මට කවුරු හරි කැමැති බෝයි කෙනෙක් ඉන්නවා කියන්නකෝ. ඒ බෝයි ෆ්‍රෙන්ඩ්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට මාව දිරවන්නේ නැතිවෙන්න පුළුවන්. එතකොට එයාගේ සැමියා මට කැමැති නම් එයාට මාව පෙන්වන්න බැරි වෙන්න පුළුවන්. ඉතිං මෙන්න මේ වගේ බොහොම සුළු පටු අදහස් හින්දා අපිට වෛර කරන කුහක පිරිසකුත් මේ ප්‍රේක්ෂකයෝ අතර ඉන්නවා. නමුත් අපි කොයි වෙලාවකවත් කිසිම කෙනකුට නකර විදිහට සලකන්නේ නැහැ.
 
මොකද සමහර වෙලාවට අපේ නිව්ස් එකක් ගියහම පින්තූරයක් ගියහම ඒක යටින් අපිට හොඳ කමෙන්ට් වගේම සෑහෙන බැණපු කමෙන්ට්ස් පවා තියෙනවා. මොකද මම දරුවෝ දෙන්නෙක් ඉඳලා ලස්සනට ඉන්න එකත් සමහරුන්ට ප්‍රශ්නයක්. ඉසිරියාවක්. ඒක බලාගෙන ඉන්න බැරි ගතියක් තියෙනවා.
 
කටකතා ගැන මොකද හිතන්නේ ?
 
කටකතා කියෙන්නෙත් ඉතිං අපි මිනිස්සු අතර හුඟක් වෙලාවට කතාවෙනවා කියන එකනේ. ඒ කියන්නේ මිනිස්සුන් අතර අපි ඉන්නවා කියන එකයි. අපි මොන දේ කළා වුණත් අපි මොනවාද කරන්නේ මොනවාද මෙයාට තියෙන ප්‍රශ්න, හස්බන්ඞ් නැතිද? වෙනමද ඉන්නේ කියනවා වගේ කමේන්ට් පවා වැටෙනවා. හස්බන්ඩ් එක්කද ඉන්නේ කා එක්කද ඉන්නේ කියන එක කාටවත් අදාළ නැහැනේ? අපි කරන දේ දැකලා සතුටු වෙන්න පුළුවන් නම් එච්චරයි. මොකද අපේ රස්සාව රඟපාන එකනේ. ප්‍රේක්ෂකයන් අතර ඉන්න රංගන ශිල්පීන් පිළිබඳ දේවල් දැනගැනීමේ පුදුමාකාර වුවමනාවක් තියෙනවා. ඉතිං ඔහොම තමයි කටකතා හැදෙන්නේ. මම ඉතිං ඒවගේ පිරිස් ගැන හරියට අනුකම්පා කරනවා. ඒකනේ මම හිනාවෙලා සතුටින් ඉන්නේ. ඒ ගොල්ලෝ ඒ දේවල් කරන්න කරන්න මම සතුටින් ඉන්නවා. හරි මෝඩ වැඩක් ඒ මිනිස්සු කරන්නේ. අපේ නම් විකුණලා තව පිරිසක් ජීවත් වෙනවා.
 
පසුගිය දවස්වල ඔබට කොවිඩ් හැදිලා කියලත් යූටියුබ් නාලිකාවල ප්‍රචාරය වුණා ?
 
මට කොරෝනා හැදිච්ච කිසිම කෙනෙක් එක්ක සහසම්බන්ධයක් තිබුණේ නැහැ. මගේ නම ඔතැනට ඈඳුණේ කොහොමද කියන්න මම දන්නේ නැහැ. මොන කතාවක් ගියත් මගේ නම ඈඳෙනවා. ඔය පසුගිය කාලයේ ගායිකාවක් සමග සම්බන්ධ වෙච්ච යම්කිසි සිදුවීමකට මාව ඈඳගෙන තිබුණා. එතකොට වෙන වෙන ප්‍රශ්නවලටත් මගේ නම ඈඳාගෙන තිබුණා.
 
මේ කාලේ ක්‍රීඩකයකුගේ නමත් ගෑවිලා කතාවක් පැතිරුණා නේද?
 
ඇත්තම කියනවා නම් මම ඒ ක්‍රිකටර්ව දන්නේ නැහැ. ඒ ක්‍රිකටර්ගෙන් ඇහැව්වොත් කියයි මාව ඇස් දෙකටවත් දැකලා තියෙනවාද කියලා. ඒ ළමයාව පෞද්ගලිකව තියා කොහොමවත් දන්නේ නැහැ. අනික මම ක්‍රිකට් ෆෑන් කෙනෙක් නෙමෙයි. මම ඔය කියන ක්‍රිකටර්ව ඇස් දෙකටවත් දැකලා නැහැ. ඒ ක්‍රිකටර්ට මගේ නම ඈඳලා එක එක ඒවා කියනවා. ඉතිං ඔය වගේ මොන දේ වුණත් කොහේ හරි කට කතාවත් හැදුනොත් මගේ නම එකතු කරන්න පිරිසක් එකතුවෙලා ඉන්නවා. ඔය අතරේ කොරෝනා ප්‍රශ්නයටත් මගේ නම ඈඳලා තිබුණෙ. ඒ නිසා තමයි වීඩියෝවක් දැම්මේ මට එහෙම නැහැ කියලා. ඒකට හේතුව වුණේ මට කොරෝනා නැහැ කියලා කාටවත් පුන පුනා කියන්න අවශ්‍ය නැහැ. නමුත් මගේ දරුවෝ ඉන්නවා. දරුවෝ යම් යම් තැන්වලට යන්න ඕනෑ. ඔවුනට තියෙන බාධා නැති කරන්න ඕනෑ. මගේ සැලෝන් එකට මිනිස්සු යනවා එනවා. ඔවුන්ගේ බය නැතිකරන්න ඕනෑ. එතකොට මම රඟපානවා. මගේ සෙට්වල ඉන්න අයගේ බය නැතිකරන්න ඕනෑ. මේ දේවල් හින්දා මගේ වැඩ නැතිකර ගන්න බැහැනේ. මේ ලෙඩේ කියන දේ මට අද නැතිවුණාට හෙට හැදෙන්න පුළුවන්. අනිත් එක කොරෝනා කියන්නේ සමාජ රෝගයක් නෙමෙයි. ඒක සාමාන්‍ය ලෙඩක්. මේක ලොකු දෙයක් කරගෙන දඟලන නිසා තමයි මම වීඩියෝ එකක් දැම්මේ.
 
මේ වීඩියෝව විශාල ප්‍රමාණයක් නරඹලා තිබුණා නේද?
 
මොන තරම් මේ පිළිබඳ උනන්දුද කියන එක මටත් පුදුමයක්. මේ වෙන කොට ලක්ෂ දොළහක් මේ වීඩියෝව නරඹලා තියෙනවා. විනාඩි පහේ වීඩියෝව. ඒ වගේම මිලියන 2.5 ක් මේ වීඩියෝව රීච් වෙලා තියෙනවා. ඉතිං මේ තරම් උනන්දුවක් අපේ මිනිස්සුන්ට මං කෙරෙහි තියෙනවා. මම දන්නේ නැහැ ඇයිද කියන්න. මිනිස්සු පුදුමාකාර විදිහට අපි ගැන හොයනවා. මට ඒ ගැන තියෙන්නේ පුදුමාකාර සතුටක්.
 
ගයාත්‍රිට කාලෙන් කාලෙට නළුවන්ගේ නිවේදකයන්ගේ ගායකයන්ගේ වගේම ක්‍රීඩකයන්ගේ නම් පැටලෙන්නේ ඇයි? මොකද ඒ ගැන හිතන්නේ ?
 
ඉතිං මම දන්නේ නැහැ. ඕකත් අර මුලින් දීපු උත්තරයට සමානයිනේ. මම කා එක්ක හරි චුට්ටක් කතා කළත් කවුරු හරි හිතන්නේ වෙන දෙයක්. මම හිතන්නේ මම මගේ වයසේ හැටියට පිළිවෙළකට ජීවත්වන කෙනෙක්. හැමෝටම ඔය ප්‍රශ්නය තියෙනවා. මට ඕනෑ තරම් ප්‍රේක්ෂකයෝ ඉන්නවා මට ගොඩක් ආස කරන. ඉතිං ඒ අයට ඉසිරියාවක් තියෙනවා මම කාත් එක්ක හරි කතාබහ කරලා ඉන්නවාට. මට කටකතාවක් හදන්න ඒ ගොල්ලෝ ටක් ගාල බලනවා. ඉතිං ඔය නළුවන්ගේ, නිවේදකයන්ගේ, ගායකයන්ගේ නම් සම්බන්ධ කිරීම ගැන මම දන්නේ නැහැ. ඇත්තම කියනවා නම් මම ඒ ගැන හොයන්නේ නැහැ. සමහර වෙලාවට ඔය වගේ දේවල් මට ආරංචි වෙන්නෙත් වෙබ් සයිට් එකකින් තමයි. ඉතිං මම ඔය දේවල් ගැන දන්නේ නැහැ කියන කට්ටිය තමයි දන්නේ.
 
 
ඉරිදා දිවයින
මීවිත, දිනේෂ් විතාන




Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: ක්‍රිකට් ක්‍රීඩකයෙකු සමඟ සම්බන්ධ කරමින් පැතිරෙන කටකතා ගැන ජනප්‍රිය නිළි ගායත්‍රී ඩයස් දුන්න උත්තරේ මෙන්න
ක්‍රිකට් ක්‍රීඩකයෙකු සමඟ සම්බන්ධ කරමින් පැතිරෙන කටකතා ගැන ජනප්‍රිය නිළි ගායත්‍රී ඩයස් දුන්න උත්තරේ මෙන්න
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEie5R0PhQf4ybfN4TCjrXy6_92Ma54Gxd-FmXyAhC1RztXL75ch1HUtFKP8d51IGp5FUPDh7QsraDFGKm2QrDJ6Y3aP3eDyzEdoAvhw4-VBlgid0gsKZYehT65NjBzA4eK0NLGwyGyYY14/s600/776-gayathri-dias.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEie5R0PhQf4ybfN4TCjrXy6_92Ma54Gxd-FmXyAhC1RztXL75ch1HUtFKP8d51IGp5FUPDh7QsraDFGKm2QrDJ6Y3aP3eDyzEdoAvhw4-VBlgid0gsKZYehT65NjBzA4eK0NLGwyGyYY14/s72-c/776-gayathri-dias.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2020/12/blog-post_13.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2020/12/blog-post_13.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy