සියදිවි නසාගැනීමෙන් ජීවිතක්ෂයට පත් වූ ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක වන චිත්‍රාගේ සිරුර අද ඇයගේ ඥාතීන් වෙත භාරදීමට නියමිතව තිබෙනවා. "පාණ්...
සියදිවි නසාගැනීමෙන් ජීවිතක්ෂයට පත් වූ ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක වන චිත්‍රාගේ සිරුර අද ඇයගේ ඥාතීන් වෙත භාරදීමට නියමිතව තිබෙනවා.
"පාණ්ඩියන් ස්ටෝර්ස්" නමැති ටෙලි නාට්‍ය හරහා ඇය ඉන්දියාව පුරා ජනප්‍රියත්වයට පත් වූ බවයි එරට මාධ්‍ය වාර්ථා කළේ.
පසුගිය 8 වනදා ඇය නවාතැන්ගෙන සිටි හෝටලය තුළ ගෙල වැලලාගෙන මිය ගොස් තිබුණා.
හේමන්ත් නමැති පුද්ගලයෙකු සමග ඇය ඉදිරියේදී විවාහ වීමට නියමිත බව මාධ්‍ය වාර්තා පළ වුණ ද, මොවුන් දෙපළ කාටත් හොර රහසේ මාස දෙකකට පෙර විවාහවී ඇති බව ද සඳහන්.
එමෙන්ම ඇය මිය යන අවස්ථාවේදී හේමන්ත් නමැති පුද්ගලයා ද චිත්‍රා සමග සිට ඇති අතර පොලිසිය ඔහුගෙන් ද ප්‍රශ්න කිරීම් සිදු කර තිබෙනවා.
චිත්‍රාගේ මරණය සම්බන්ධයෙන් ඇයගේ මව කියා සිටියේ, තම දියණිය සියදිවි හානි කරගැනීමට තරම් දුර්වල මානසිකත්වයෙන් යුත් කෙනෙකු නොවන බවයි.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය මේ වනවිට විශේෂ විමර්ශන දියත් කර ඇති බවයි ඉන්දිය මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.
COMMENTS