Homegossip

Nathasha Perera-මගේ සමේ පැහැයට, මගේ විවාහය ගැන විවිධ කතා ඇති වුණා.

අපි අවුරුදු දෙකක් විදේශගතව සිටියා. නැවතත් දීර්ඝකාලීනව විදේශගත වෙන්න අදහසක් නැහැ. ඒත් ඉඩ ලැබෙන විධියට ඕස්ට්‍රේලියාවට ගිහින් එන්න බලාපොරොත්තු ...

සුරූපි ගායිකාවගෙ ඇග පේන ඇදුම නිසා අන්තර්ජාලය කැළඹෙයි
කුසල් මෙන්ඩිස් විවහා වෙයි? - කුසල් මට වඩා බාලයි - ප්‍රමෝදි කෞෂල්‍යා
ජැකලින්ගේ ව්‍යායාම


අපි අවුරුදු දෙකක් විදේශගතව සිටියා. නැවතත් දීර්ඝකාලීනව විදේශගත වෙන්න අදහසක් නැහැ. ඒත් ඉඩ ලැබෙන විධියට ඕස්ට්‍රේලියාවට ගිහින් එන්න බලාපොරොත්තු වෙනවා.

පසුගිය දවස්වල සමාජ මාධ්‍යයක් තුළ නතාෂා වැඩි කතා බහට ලක්වුණා නේද?

ඔව්. ගොඩක් කාලෙකට පස්සෙ වෙනස්ම ආකාරයක සංගීතමය වැඩසටහනකට මට ආරාධනාවක් ලැබුණා. මේ වැඩසටහනෙදී අපේ ජීවිතයට සමීප ගීත මොනවද? අපි ඒ ගීතවලට කැමැත්තක් දක්වන්නෙ ඇයි වගේ කාරණා ගැන කතා කරනවා. ලතා වල්පොළ මහත්මිය ගායනා කරන 'නමෝ මරියනි...' ගීතය මගේ ජීවිතයට ගොඩක් සමීප ගීතයක්. ඒ නිසා මම ඒ ගීතයට ලොකු කැමැත්තක් දක්වනවා. ඒ නිසා මම වැඩසටහනේදී මේ ගීතය ගායනා කළා. ඒ වගේම කතෝලික දහම, මරියතුමිය මගේ ජීවිතයට සමීප වෙන්නේ කොහොමද කියන කාරණයත් මම මෙතැනදී කතා කළා. ඒ නිසා ඇතැම් අය හිතුවා මම බුදු දහමෙන් කතෝලික දහමට මාරු වෙලා කියලා. මම හිතන විදිහට තමන්ගේ ආගම මාරු කරන එක අම්මා තාත්තා වෙනස් කරනවා වගේ දෙයක්. මම බෞද්ධ දර්ශනය පිළිපදින බෞද්ධ කාන්තාවක්. මම ඒ ගැනත් වැඩසටහනේදී කතා කළා. සම්පූර්ණ වැඩසටහන නොබැලුව සුළුතර පිරිසක් තමයි මේ කතාබහ ඇති කළේ.

මේ වැඩසටහනේදී නතාෂාගේ ජීවිත කතාව ගැනත් අපිට අහන්න ලැබුණා. ඒ ගැනත් විවිධ මත පළ වුණා.

ලබන අවුරුද්දෙදී මම කලා ක්‍ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු 20ක් වෙනවා. මේ අවුරුදු 20දී මම කවදාවත් මගේ පෞද්ගලික දේවල් ගැන කතා කරලා නැහැ. එක පාරටම මම ඒ ගැන කතා කළාම ගොඩක් අයට මේක විශ්වාස කරන්න අමාරු වුණා. මං හැදුව සුරංගනා කතාවක් කියලා ඇතැම් අය කියලා තිබුණා. නමුත් ඒ විදිහට සුරංගනා කතාවක් ගොතලා, කියලා මට ලබාගන්න දෙයක් නැහැ. ඒ නිසා මම ඒ ගැන ලොකුවට හිතන්න ගියේ නැහැ.

මේ ගැන හිතුවෙ නැහැ කිව්වට මේ ගැන නතාෂා මුහුණුපොතේ අදහස් පළ කරලා තිබුණා නේද?

ඇත්තටම මම ඒ පෝස්ට් එක දැම්මේ මට ආදරය කරන අය වෙනුවෙන්.

මේ සිද්ධියත් එක්ක මට අපේ රටෙන් වගේම විවිධ රටවල්වලින් වැඩිහිටි මවුවරුන්, පියවරුන් බොහෝ දෙනෙක් කතා කළා. ඉතින් මට දැන් අම්මලා, තාත්තලා ගොඩක් ඉන්නවා. ඒ ගැන මට ගොඩක් සතුටුයි. මට මේ කාල සීමාව පුරාවටම සීයට අනූනවයක්ම ලැබුණේ හොඳ ප්‍රතිචාර, ප්‍රේක්‍ෂක ආදරය. ඒ නිසා බොහොම සුළු පිරිසක් ගහන ගල්, මුල් ලොකුවට දැනිලා නැහැ. මම මේ පෝස්ට් එක දැම්මේ මම වෙනුවෙන් කතා කළ, මට ආදරය කරන අය වෙනුවෙන්. මොකද මට ආදරය කරන ප්‍රේක්‍ෂකයන්ගෙන් බහුතරයක් කාන්තා පාර්ශ්වයයි. ගොඩක් වෙලාවට තරුණ නංගිලා, අක්කලා, මාව නොදන්නවා වුණත් ළඟට ඇවිල්ලා කතා කරනවා. ඔයා ගොඩක් ලස්සනයි කියලා මාව අගය කරනවා. ඉතින් බොහොම සුළුතරයක් අඩුපාඩු සහිත වුණත් මට වැඩිපුර ඒ වගේ අය දැකගන්න ලැබිලා නැහැ.

නතාෂා ගැන මීට පෙර විවිධ මත පළ වුණ වෙලාවල් තිබුණා. මේ වගේ අවස්ථාවලදී සැමියාගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?

කාලෙන් කාලෙට එක එක ගොසිප් හැදෙන එක කලාකරුවකුගේ ජීවිතේම කොටසක් වගෙයි. මගේ සමේ පැහැයට, මගේ විවාහය ගැන විවිධ කතා ඇති වුණා. ඒ හැමවෙලාවෙම ප්‍රහාන් මට ලොකු ශක්තියක් වුණා. එයා හැමවෙලාවෙම කියන්නේ මේ වගේ දේවල්වලට දක්වන්න පුළුවන් හොඳම ප්‍රතිචාරය, ප්‍රතිචාරය නොදක්වා හිඳීම කියලයි. මේ වගේ ගැටලුවලදී විතරක් නෙවෙයි ජීවිතයේ එන හැම සැපතකදීම, දුකකදීම ප්‍රහාන් මට ලොකු ශක්තියක්. ප්‍රහාන් කතෝලික භක්තිකයෙක්. ඒත් ඔහු මාත් එක්ක පන්සල් යන්න, බෞද්ධ ආගමික වතාවත්වල යෙදෙන්නත් ඉතාම කැමැතියි.

කලා ශිල්පිනියක් වගේම නතාෂා නීතිඥවරියක් නේද?

මම University of London හි නියෝජිත ආයතනයක් වන Royal Institute වෙතින් නීතිවේදී උපාධිය ලබාගත්තා. පසුව මම නීති විද්‍යාලයට ඇතුළු වුණා. නීතිවේදී උපාධිධාරිනියක් නිසා අවුරුදු තුනක විභාග කටයුතු එක අවුරුද්දකින් කරගැනීමට මට හැකි වුණා. 2015 දෙසැම්බර් 10 වැනිදා මම ශේ්‍රෂ්ඨාධිකරණයේදී නීතිඥවරියක ලෙස දිවුරුම් දුන්නා. නීතිඥවරියක් ලෙස කටයුතු කරන අතරමඟදී විදේශගත වෙන්නට සිදුවුණා. මගේ වෘත්තිය නීතිඥ වෘත්තියයි. නැවතත් එම කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.

අවසාන වශයෙන් නතාෂාගේ ඉදිරි කලා කටයුතු ගැනත් දැනගන්න කැමැතියි?

මට ඉඩ ලැබෙන හැම වෙලාවෙම කලා කටයුතුවල යෙදෙන්න උත්සාහ කරනවා. ඉදිරියේදී මගේ ගීතයක් දැකගන්න ලැබේවි. මට ආදරය කරන හැමකෙනා වෙනුවෙන් ඉදිරියේදී හොඳ නිර්මාණ තිළිණ කරන්න මම බලාපොරොත්තු වෙනවා.

සෙව්වන්දි හෙට්ටිආරච්චි










Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: Nathasha Perera-මගේ සමේ පැහැයට, මගේ විවාහය ගැන විවිධ කතා ඇති වුණා.
Nathasha Perera-මගේ සමේ පැහැයට, මගේ විවාහය ගැන විවිධ කතා ඇති වුණා.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgTRBbY4BG7wRPCsXdbqTn2NAsOi-abIqxAEMJBHIaUymIYGcJHcrmSP_mYzaN9hIZMGBs-4bqGzwCpI4QynORZVsdutFhTl1AEVJ6XfJa3w57ViwyfBCinS1D8mXw2zCcZm5OfCinUv4A/w640-h480/20201110Natasha-1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgTRBbY4BG7wRPCsXdbqTn2NAsOi-abIqxAEMJBHIaUymIYGcJHcrmSP_mYzaN9hIZMGBs-4bqGzwCpI4QynORZVsdutFhTl1AEVJ6XfJa3w57ViwyfBCinS1D8mXw2zCcZm5OfCinUv4A/s72-w640-c-h480/20201110Natasha-1.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2020/11/nathasha-perera.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2020/11/nathasha-perera.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy