කාංචනා මෙන්ඩිස්... ඇයව ඔබට මතකද? ටෙලි තිරයේ අහිංසකාවියක්, විටෙක දඟකාර කෙල්ලක්, තවත් විටෙක ආදරවන්තියක්.. විදිහට කාලයක් තිස්සේ ප්‍රේක්ෂක ආදරය...
කාංචනා මෙන්ඩිස්... ඇයව ඔබට මතකද? ටෙලි තිරයේ අහිංසකාවියක්, විටෙක දඟකාර කෙල්ලක්, තවත් විටෙක ආදරවන්තියක්.. විදිහට කාලයක් තිස්සේ ප්‍රේක්ෂක ආදරය නොමඳව දිනාගත්තූ ඇය මේ වෙද්දි පදිංචි වෙලා ඉන්නේ එංගලන්තයේ...
ඉතින් ඇය ඇගේ අලුත්ම තොරතුරු සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.
ඉතින් කියමුකො ඔබගේ අලුත් තොරතුරු?
මම එංගලන්තයේ පදිංචි වෙලා ඉන්න බව මගේ ආදරණීය රසික රසිකාවියන් දන්නවා. මේ කොරෝනා වසංගතයට මුළු රටේම ජනතාවට මුහුණදෙන්න සිදුවෙලා. ඉතින් ඒ කරුණු කාරණා සියල්ල සමඟ දැඩි ආරක්ෂාකාරීව අපිත් සතුටින් ජීවත් වෙනවා.
කලාව මතක් වෙනකොට ආපහු ලංකාවට එන්න හිතෙන්නෙ නැද්ද?
කලාව මට මගේ දෙවියන් වහන්සේ දුන්න දායාදයක්. කලාව මගේ ශරීරයේ දුවන එක නහරයක් වගේ. කලාව කවදාවත් මට අමතක කරන්න බැහැ. කලාව මතක් වෙනවා මට හැමතිස්සෙම. ඉඩකඩ ලැබෙන හැම මොහොතකම ලංකාවේ සිදුවෙන නිර්මාණ මමත් මගේ පවුලේ අයත් රසවිඳිනවා.
වර්තමානයේ නිර්මාණ තුළ කිසිම ගුණාත්මක බවක් නැති බව බොහෝදෙනා චෝදනා නඟනවා. එය ගැන ඔබටත් යමක් කිව හැකිද?
දැන් තිබෙන නිර්මාණ වෙළෙඳාමක් වෙලා. එහි කිසිම හරයක් නැති බව මමත් දකිනවා. ඒ අතර මම කියූ පරිදි සුවිශේෂී විශිෂ්ට නිර්මාණ බිහිවෙනවා.
ඔබ විශිෂ්ට කලා ශිල්පිනියක්. ඇයි ඔබ කලාවෙන් දුරස් වෙලා?
මම කලාවෙන් සමුගෙන නැහැ. හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙන්න මම කැමැතියි. හොඳ සිනමා නිර්මාණයකට මට ආරාධනාවක් ලැබුණා. රටේ මේ තිබෙන ප්‍රශ්නත් ඉවර වුණාම මම ලංකාවට එනවා.
වසන්ත විතාරණගේ





COMMENTS