Dishney Rajapakshe- වෘත්තියෙන් ගුරුවරියක් වන ඩිස්නි

පුංචි තිරයේ ටෙලි කතා බොහෝමයකින් ප්‍රේක්ෂකයින්ට සමීප වුනු ඇය ඩිස්නි රාජපක්ෂ. ඇත්තටම ඇය රංගන ශිල්පිනියක් විතරක් නෙවේ,ත් වෙනවා. ඉතින් ඇය ඇගේ අල...



පුංචි තිරයේ ටෙලි කතා බොහෝමයකින් ප්‍රේක්ෂකයින්ට සමීප වුනු ඇය ඩිස්නි රාජපක්ෂ. ඇත්තටම ඇය රංගන ශිල්පිනියක් විතරක් නෙවේ,ත් වෙනවා. ඉතින් ඇය ඇගේ අලුත්ම තොරතුරු සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියා තිබුණා...

මේ දවස්වල මොන වගේ කටයුත්තකද ඩිෂ්නි මෙච්චර කාර්ය බහුල වෙලා ඉන්නේ ?
මම කුරුණෑගල ජාත්‍යන්තර පාසලක් පවත්වාගෙන යනවා. එහි ගුරුවරියක් විදියටත් කටයුතු කරනවා. ඉතින් මේ දවස්වල ප්‍රාථමික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඔන්ලයින් උගන්වන එක තමයි මගේ ප්‍රධාන රාජකාරිය. පාසලේ ගුරුවරියන් පුහුණු කිරීම සිදු කෙරෙන්නෙත් මගේ අනු දැනුම යටතේ. විසිටිං ලෙක්චර් කෙනෙක් විදිහටත් කටයුතු කරනවා. ඉතින් මේවා තමයි මම මෙච්චර කාර්ය බහුල වෙන්න හේතුව.

ගුරු වෘත්තියට නිළිකමෙන් මොනවගේ බලපෑමක් ද ඇති වුණේ?
මුල් කාලේ දී මම රඟපාන්න ආවෙත් දෙගිඩියාවකින්. නිතරම කල්පනා කළේ රඟපෑවට පස්සේ ලැබෙන නිළිකම කියන ටයිටල් එකත් එක්ක ගුරුවරියක් විදිහට ළමයින්ගෙන්, මවුපියන්ගෙන් මොන වගේ පිළිගැනීමක් තියේවිද කියලයි. සමහර අයගේ ක්‍රියාකලාප නිසා නිළිකම කියන වෘත්තිය පහළ මට්ටමකට වැටුණු අවස්ථා තිබුණා. එහෙම වුණාම 'ආපෝ මෙයත් නිළියක්නේ' කියලා සමාජය බලන විදිහක් තියෙනවා. හැබැයි මම නිළියක් වුණාට පස්සෙත් වගකීමෙන් හැසිරෙන විදිහ හැමෝගෙම අගය කිරීමට ලක් වුණා. අම්මලා තාත්තලා වුණත් කැමතියි දැන් මම ම එයාලගේ දරුවන්ට උගන්වන එකට. ළමයිනුත් මං එනකල්ම ආසාවෙන් බලාගෙන ඉන්නේ.

ගුරුකම නිසා නිළිකම ප්‍රතික්ෂේප කළ අවස්ථාත් ඇති?
මම චරිතයක් බාර ගන්න කලින් දෙවතාවක් නෙමේ තුන් හතර වතාවක් හිතනවා. විශේෂයෙන් වෙළෙඳ දැන්වීම්වල. මට රඟපාන්න ආරාධනා ලැබුණු වෙළෙඳ දැන්වීම් බහුතරයක් මට ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වුණා. මම දවස තිස්සෙම ළමයින්ට හොඳ පුරුදු උගන්වනවා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෝපායයන්, සම බල ආහාර වේලක් කියන්නේ මොනවද කියලත් කියා දෙනවා. එහෙම තියෙද්දි මට බැහැනේ වෙළෙඳ දැන්වීම් වලින් පෙන්වන සමහර අහිතකර දේවල් වලට පෙනී ඉඳලා ඒවා හොඳයි කියන්න. මම කියන කරන දේවල් දිහා මගේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ බලාගෙන ඉන්නවා. හිතට එකඟව මට බැහැ ඔවුන්ට බොරු කරන්න.

ඔබ මේ දවස්වල පොත් ලියනවා කියලත් ආරංචියි?
ඔව්. ඒවා ලියන්නෙත් ළමයින්ටම තමයි. ඉංග්‍රීසි සාහිත්‍යමය පද්‍ය රචනා අඩංගු පොත් කිහිපයක් තමයි මම ලියමින් සිටින්නේ.

සැබෑ ජීවිතයේදී අප්‍රකාශිත ප්‍රේමයක් හිත තුළ තියාගෙන ඉඳලා නැද්ද?
නැහැ කවදාවත්ම නැහැ. හැබැයි ප්‍රේමය නිසා මම ඕනෑ තරම් විඳවලා තියෙනවා. ආදරය කරද්දී දුක..කඳුළ...වගේ ඔය කියන නොයෙක් දේවල් ලැබෙනවානේ. මටත් ඒව හිමි වෙලා තියෙනවා. ඒ මුහුණ දුන් අත්දැකීම් වලදී මම හැසුරුණු විදිහ, හැඟීම් ප්‍රකාශ කරපු අන්දම පසු කාලීනව මම නිරූපණය කරපු චරිත සාර්ථක කර ගන්න යොදා ගත්තා.

මේ වන විට ඔබ පෙම්වතියක්ද කියලා මම ඇහැව්වොත්?
ඔව් කියලා තමයි මම දෙන උත්තරේ.

ඔබේ රංගන ජීවිතය ගැන ඔහුට තියෙන්නේ මොනවගේ අදහසක් ද?
ඔහු දන්නවා මම වැරදි නැහැ බොහොම වගකීමෙන් කටයුතු කරන කෙනෙක් කියලා. ඒ නිසා ඔහුගෙන් මට කිසිදු තහංචියක් නැහැ. මේ ක්ෂේත්‍රයේ නොවුණත් ඔහු හොඳ රසවින්ඳනයක් ඇති කෙනෙක්. පොඩි කාලේ මම නිළියක් වෙන්න හිතාගෙන හිටියට පස්සේ ඒ සිතුවිල්ල යටපත් වුණා. ඒ කාලේ ඔහු තමයි මාව මේ ක්ෂේත්‍රයට යොමු කළේ. එතනින්ම හිතාගන්න පුළුවන් නේ.. ඔහු මට ලබා දෙන්නේ මොන වගේ සහායක් ද කියලා.

ඔබ ආදරය ඉදිරියේ මොන වගේ කෙනෙක්ද?
සාමාන්‍ය ජීවිතයේ දී බොහෝ දෙනෙක් මාව දකින්නේ කෙළින් වැඩ කරන කෙනෙක් හැටියට. කාට වුණත් කියන්න තියෙන දෙයක් මූණටම කීමයි මගේ සිරිත. "ඩිෂ්නිට අනම් මනම් කියලා අපිට ගුටි කන්න තමා වෙන්නෙ" කියලා සමහරු කියනවා. වෙලාවකට මම කොල්ලෙක් වගේ කියලයි මගේ ළඟම යාළුවෝ කියන්නේ. හැබැයි එච්චර දඟකාර කෙළිලොල් මම, ආදරය ඉස්සරහ හාත්පසින්ම වෙනස්.

සාමාන්‍ය ජීවිතයේ මට සෘණාත්මක දෙයක් වුණොත් කොයි වෙලාවකවත් වැටෙන්නැතුව ඉන්න මනස හදාගන්න පුළුවන්. හැබැයි ආදරේ කරද්දි පොඩි දේකට වුණත් මගේ හිත හරියට රිදෙනවා. මම ආදරය ඉස්සර හරිම සංවේදී චරිතයක්.

ඩිෂ්නි, ළඟදි චිත්‍රපටිවලට දායක වුණේ නැද්ද?
චිත්‍රපට දෙකකට මට කතා කරලා තිබුණා. එහි රූගත කිරීම් අරඹන්න සැලසුම් කරලයි තිබුණේ. නමුත් මේ වසංගතය එක්ක ඒවා ඉදිරි දිනවලට කල් ගියා. ඒ චරිත දෙකෙන් එකක් ආන්දෝලනාත්මක එකක් වේවි කියලයි මට හිතෙන්නේ. ඒ නිසා වැඩි විස්තර දැන්ම නොකියා ඉන්නම්.

ප්‍රසාද් සමරතුංග
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "සිළුමිණ" පුවත්පතේ "රසඳුන" අතිරේකයෙන්...





COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: Dishney Rajapakshe- වෘත්තියෙන් ගුරුවරියක් වන ඩිස්නි
Dishney Rajapakshe- වෘත්තියෙන් ගුරුවරියක් වන ඩිස්නි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi9QU-kG5ZrZ08WPKVHftYW5n8kR1B6J93fou2ocChko4PaYKQFDEZ9Tf1NeieTTVOKOVLEWu8AgEzpBp417aVX3z1HlBXQsE8e67ZArkBMGTJkJ-mXb7vuVayisYP_Vh-76mb1tlJmg6k/s600/ModelLK.com-Sri-Lanka-Model-Dishney-Rajapakshe-202006102-4.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi9QU-kG5ZrZ08WPKVHftYW5n8kR1B6J93fou2ocChko4PaYKQFDEZ9Tf1NeieTTVOKOVLEWu8AgEzpBp417aVX3z1HlBXQsE8e67ZArkBMGTJkJ-mXb7vuVayisYP_Vh-76mb1tlJmg6k/s72-c/ModelLK.com-Sri-Lanka-Model-Dishney-Rajapakshe-202006102-4.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2020/11/dishney-rajapakshe.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2020/11/dishney-rajapakshe.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy