තහනම් ගහේ ගෙඩි කන්න ගිය තරුණිය, නරුමයින් පස් දෙනෙකුගේ ගොදුරක් වූ හැටි

අපි ඇයට සිරියලතා යැයි කියමු. තිදෙනකුගෙන් යුත් පවුලක එකම ගැහැනු දරුවා වූ ඇය මවුපියන් සමඟ පදිංචිව සිටියේ හොරණ ඉංගිරිය ප්‍රදේශයේය. අ.පො.ස උසස්...




අපි ඇයට සිරියලතා යැයි කියමු. තිදෙනකුගෙන් යුත් පවුලක එකම ගැහැනු දරුවා වූ ඇය මවුපියන් සමඟ පදිංචිව සිටියේ හොරණ ඉංගිරිය ප්‍රදේශයේය.

අ.පො.ස උසස්පෙළ දක්වා ඉගෙනුම ලැබූ ඇය පාසල හැරයෑමෙන් පසු ඉංග්‍රිසි පාඨමාලාවක්ද හෑදැරුවාය.

මේ අතරතුර ඇයට මුහුණුපොත මඟින් ගාල්ල ඉමදුව ප්‍රදේශයේ තරුණයකු හඳුනා ගැනීමට හැකිවිය. සිරියලතා සහ එම තරුණයා මුහුණුපොත හරහා නිතර සම්බන්ධ වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස වැඩිකලක් යෑමට මත්තෙන් දෙදෙනා පෙම්වතුන් වූහ.

අවස්ථා කිහිපයකදීම පෙම්වතා ඉංගිරියට පැමිණ සිරියලතා හමුවූ අතර සිරියලතා තම පෙම් සබඳතාව ගැන මවුපියන්ටද කීවාය.

මවුපියන් ඊට දැඩි විරෝධය පළ කළද සිරියලතා ඒ කිසිවක් කනකට නොගත්තාය. ඇය මවුපියන්ට නොකියාම පෙම්වතාගේ නිවෙසට පලා ආවාය.

2019 ජනවාරි මස 02 වැනි දින පෙම්වතා සමඟ විවාහ වන විට සිරියලතා විසි වැනි වියේ පසුවූවාය. සිරියලතාගේ සැමියා කොළඹ නගරයේ පෞද්ගලික ආයතනයක රිය සහායකවරයකු ලෙස රැකියාව කළ අතර ඔහු මසකට එක් වරක් පමණ නිවසට පැමිණ දින තුන හතරක් නිවසේ ගත කොට යළි රැකියාව සඳහා කොළඹ ගියේය.

2019 වසරේ සැප්තැම්බර් මාසයේ සිට සිරියලතාද කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟලුම් කම්හලක රැකියාවට ගියාය.

රැකියාවට යන අතරතුර සිරියලතාට ඇයගේ සැමියාගේ මිතුරකු මෙන්ම අසල්වැසියකුද වන තිස් හැවිරිදි තරුණයකු නිතර මඟතොටේදී හමුවන්නට විය.

දිනක් ඔහු ඇගේ දුරකථන අංකය ඉල්ලා සිටියේය. සිරියලතාද කිසිදු පැකිළීමකින් තොරව ඔහුට තම දුරකථන අංකය ලබා දුන්නාය. එතැන් සිට ඔවුහු දුරකථනයෙන් පමණක් නොව මුහුණුපොත හරහාද පණිවුඩ හුවමාරු කරගත්හ.දින කිහිපයක් ගතවීමට මත්තෙන් සිරියලතා එකී තරුණයා සමඟ අනියම් සම්බන්ධතාවක් ඇති කරගත් අතර රාත්‍රියේදී ඔහු තම නිවෙසට ගෙන්වා ගැනීමටද කටයුතු කළාය.

සිරියලතා එම නිවෙසේ පදිංචිව සිටියේ තම නැන්දම්මා හා නෑනා සමඟ වුවද සතියකට දෙතුන් වතාවක් තහනම් ගහේ ගෙඩිවල රසවිඳීමට අසල්වැසි තරුණයා සිරියලතාගේ නිවසට පැමිණීම පුරුද්දක් කරගත්තේය.

ඔවුන් දෙදෙනාගේ සබඳතාව නිවෙසේ අයට මෙන්ම සිරියලතාගේ සැමියාටද රහසක්ව තිබුණද වැඩි කලක් යෑමට පෙර සිරියලතා සහ අසල්වැසි තරුණයා අතර තිබෙන සබඳතාව ගැන ගමේ තරුණ පිරිසකට ආරංචි විය.

ඔවුහු සිරියලතාගේ අනියම් පෙම්වතා ගැන දැඩි විමසිල්ලෙන් පසුවන්නට වූහ.

දිනය පසුගිය ඔක්තෝබර් මස 26 වැනිදාය. එදින සිරියලතාගේ අනියම් පෙම්වතා ඇයට දුරකථන ඇමතුමක් දී පැවසුවේ "අද රෑට මම ඔයා බලන්න එනවා. දොර ඇරලා තියන්න" කියාය.

සිරියලතාද ඔහු එනතෙක් සුදානමින් සිටි අතර රාත්‍රියේ සුපුරුදු පරිදි පෙම්වතා සිරියලතාගේ නිවෙසට පැමිණියේය. අනියම් පෙම්වතාගේ මිතුරන් පිරිසක් ඔහු නිවසට යනතෙක් මඟරැක සිටියහ.

ඒ බව නොදත් ඔහු සිරියලතාගේ කාමරයට ගොස් ඇයගේ ඇඳ මත වාඩි වී කතාබහ කරමින් සිටියේය. ඒ සමඟ කාමරයේ පිටුපසින් අඩි ශබ්දයක් ඇසුණු නිසා සිරියලතා ඒ දෙස විපරම් කර බැලුවාය. ඒ සමඟම විදුලි පන්දම් එළියක්ද කාමරය දෙසට එල්ල වන්නට විය.

"අරුන් මාව ෆලෝ කරනවා. මම එළියට ගිහින් කතාකරලා එන්නම්" යැයි සිරියලතාට කී පෙම්වතා නිවෙසින් පිටතට ගියේය. ටික වේලාවකින් ඔහු යළි සිරියලතාගේ කාමරයට ආවේය.

"අරූ විතරක් නෙමෙයි තවත් තුන්දෙනෙක් ඇවිත් ඉන්නවා. මම උන් එක්ක කඩේ ළඟට ගිහින් කතා කරලා ආපහු එන්නම්"යැයි සිරියලතාට කී ඇගේ පෙම්වතා නිවෙසින් පිටව යද්දී ඇය නිවසේ ඇතුළත විදුලි පහන් නිවා ඔහු එනතෙක් කාමරයට වී සිටියාය.

රාත්‍රි 11.45ට පමණ තම කාමරයේ ජනේලයට කිසිවකු තට්ටු කරනු සිරියලතාට ඇසිණ. අනියම් පෙම්වතා පැමිණ ඇතැයි සිතූ සිරියලතා නිවසේ ඉදිරිපස දොර විවර කළාය. ඒ සමඟම දෙදෙනකු සිරියලතාගේ කාමරයට ඇතුළු විය.

"උඹ අරුත් එක්ක ඉන්න විඩියෝ අපි ළඟ තියෙනවා. ඒ නිසා කෑගහන්නේ නැතිව හිටපන්" සිරියලතා කෑගසන්නට සූදානම් වෙද්දීම එකෙකු කීවේය. "වැඩිය දඟලන්න ආවොත් සේරම ගෙදර අයට කියනවා" අනෙක් පුද්ගලයාද කීවේය. සිරියලතාට උන්හිටි තැන් අමතක විය. ඔවුන් දෙදෙනා සිරියලතා ඇයගේ කාමරයට ඇදගෙන ගියේ ඇය බියෙන් තැතිගෙන සිටියදීය.

සිරියලතා යහන මත පෙරළාගත් එක් අයකු ඇයට අතවර කළේ තම මිතුරාට ඒ සියල්ල වීඩියෝ කරන ලෙසද පවසමිනි. මිතුරා ඔහු කී ලෙස ජංගම දුරකථනයේ කැමරාවෙන් සියල්ල වීඩියෝ කළේය.

විනාඩි 15කට පමණ පසු ඔවුන් දෙදෙනා සිරියලතාගේ කාමරයෙන් පිටව ගිය පසු ඇය තම අනියම් පෙම්වතාට දුරකථන ඇමතුමක් ගෙන සිදුවූ සියල්ල පැවසුවාය.

"අනේ මම ඔය මුකුත් දන්නෙ නැහැ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. වෙච්ච දේ වුණා. මම උන්ට කණේ ඇඟිල්ල ගහහන්න කතා කරන්නම්" අනියම් පෙම්වතා කීවේ එවැන්නකි. එහෙත් ඒ සිදුවීමෙන් පසු සිරියලතාට අනියම් පෙම්වතාගේ මිතුරන්ගෙන් ගැලවිල්ලක් නොවිණ. ඔවුහු දුරකථනයෙන් ඈ අමතමින් අනිසි යෝජනා කරන්නට වූහ.

තමාට පාඩුවේ ඉන්න දෙන්නැයි සිරියලතා කොතෙක් ඇවටිලි කළත් ඔවුන්ගෙන් ඇයට දිගින් දිගටම බලපෑම් සිදු විය. ඉකුත් 29 වැනිදා අලුයම 1.00ට පමණ සිරියලතාගේ අනියම් පෙම්වතාගේ මිතුරා යළි සිරියලතාගේ කාමරයට කඩා වැදුණේය.

"කෑගැහුවොත් මහත්තයාටයි ගෙදර අයටයි මේ ගැන කියනවා. අපි ළඟ වීඩියෝත් තියෙනවා." යැයි සිරියලතාට තර්ජනය කළ ඔහු බලහත්කාරයෙන් සිරියලතාට අතවර කළේය. "අනේ අයියේ අරූ මට දෙවැනි වතාවටත් කරදර කළා" සිරියලතා දුරකථන ඇමතුමක් ගෙන අනියම් පෙම්වතාට කීවාය.

"දැන් ඉතින් මොනවා කරන්නද?"ඔහුගේ ප්‍රතිචාරය එය පමණක් විය.

එහෙත් සිරියලතාට අනියම් පෙම්වතාගෙන් ගැලවීමක් නොවීය. ඔහු නිතරම දුරකථනයෙන් සිරියලතා අමතමින් ඇයට විවිධ යෝජනා ඉදිරිපත් කළද ඇය ඒවාට කැමති නොවූවාය.

මෙම සිදුවීම ගැන තම සැමියාට පවසන්නට සිරියලතා තීරණය කරන්නේ ඒ හැර වෙනත් විසඳුමක් ඇය නොදුටු නිසාය.සිදුවූ සියල්ල ඇය අකුරක් නෑර තම සැමියාට කීවාය.

"ඔයා ගිහින් පොලිසියේ පැමිණිල්ලක් දමන්න" සැමියා සිරියලතාට උපදෙස් දුන්නේය.

ඒ අනුව ඒ පිළිබඳ පොලිසියේ පැමිණිල්ලක් සටහන් වූ අතර පසුව සිරියලතාගේ සැමියාද ඒ ගැන පොලිසියට පැමිණ කටඋත්තරයක් ලබා දුන්නේය. පසුව ඉමදුව පොලිසිය මඟින් මෙකී සිද්ධියට සම්බන්ධ තරුණයන් පස් දෙනකු අත්අඩංගුවට ගත්තේය.

වයස අවුරුදු 30,21,18 යන වයස් කාණ්ඩවල පසුවන ඔවුන්ට ස්ත්‍රී දුෂණය ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 19 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.

ගාල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ, ගාල්ල කොට්ඨාස බාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විකුම් ගිණිගේ යන මහත්වරුන්ගේ උපදෙස් මත ඉමදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක උපුල්කුමාර, පො සැ 54802 ධනවංග, පො සැ 6115 කරුණාදාස යන නිලධාරින් හා කා. පො. සැ 5326 මල්කාන්ති යන නිලධාරීන් විසින් සිද්ධිය පිළිබඳ විමර්ශන සිදු කළහ.

ලලිත් චාමින්ද - ගාල්ල
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "සිළුමිණ" පුවත්පතෙන්..







COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: තහනම් ගහේ ගෙඩි කන්න ගිය තරුණිය, නරුමයින් පස් දෙනෙකුගේ ගොදුරක් වූ හැටි
තහනම් ගහේ ගෙඩි කන්න ගිය තරුණිය, නරුමයින් පස් දෙනෙකුගේ ගොදුරක් වූ හැටි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhcx2x9R7UZtzsOCqs9O-Urzz6SNzLa67ocTiHkuKD_7Q7Rlihczc1ji-ZOEkLQrXQ1GYOuWxt1vXJfYZhdryak2AngQSA91rPfxKmkjeSgG2G_vIrn0kz1ITJnJNKmNvAluw7_ygw988I/w332-h640/download.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhcx2x9R7UZtzsOCqs9O-Urzz6SNzLa67ocTiHkuKD_7Q7Rlihczc1ji-ZOEkLQrXQ1GYOuWxt1vXJfYZhdryak2AngQSA91rPfxKmkjeSgG2G_vIrn0kz1ITJnJNKmNvAluw7_ygw988I/s72-w332-c-h640/download.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2020/11/blog-post_66.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2020/11/blog-post_66.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy