රිය අනතුරකින් රටම කැළඹු තරුණිය කවුරුත් නොදත් ඇත්ත හෙළි කළ හැටි

ඇය නමින් සින්ඩි වික්‍රමනායකයි. වයස අවුරුදු 21ක තරුණියකි. පදිංචිය කොළඹ ප්‍රදේශයේය. දැනට ඇය ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් හදාරමින් සිටී. ...

ඇය නමින් සින්ඩි වික්‍රමනායකයි. වයස අවුරුදු 21ක තරුණියකි. පදිංචිය කොළඹ ප්‍රදේශයේය. දැනට ඇය ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් හදාරමින් සිටී. ඒ කොළඹ පෞද්ගලික විශ්වවිද්‍යාලයකයි.

සින්ඩි ගැන අපට මෙහෙම කතා කරන්න සිදුවූවේ එක් රැයකින් ඇය මෙරට ජනප්‍රිය තරුවක් වූ නිසාය. ඇය එලෙස ජනප්‍රිය වූයේ රියලිටි වැඩසටහනකින්, ටෙලි නාට්‍යයක හෝ චිත්‍රපටයක රඟපාමින් නොවේ. රිය අනතුරක් සම්බන්ධයෙනි.

ඔබත් පුදුමයට පත් වනවා ඇති. ඒ රිය අනතුරක් නිසා එක් රැයකින් මෙලෙස ජනප්‍රිය වන්නේ කෙසේද කියා. ඒ දැනට සති දෙකකට පමණ ඉහතදී කුරුඳුවත්ත නෙළුම් මාවත අසලදී සිදු වූ රිය අනතුර නිසාවෙනි.

එම රිය අනතුර සම්බන්ධයෙන් රටම කතා කරන්න පටන් ගත්තේ එය සිදු කළේ නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ දියණියක් නිසාය.

සමාජ වෙබ් අඩවි ජාලා සහ බොහෝ මාධ්‍ය ඔස්සේ එම අනතුර සම්බන්ධයෙන් විශාල ප්‍රචාරයක් ලබා දුන්නේය. ඒ අතර එම අනතුර සිදුකළැයි කියන තරුණියකගේ පින්තූරයක්ද සමාජ වෙබ් අඩවි ජාලා සහ විවිධ මාධ්‍ය ඔස්සේ සංචරණය විණි.

එහෙත් ඇත්තටම සිදුවූයේ වැරැද්දකි. එලෙස විවිධ සමාජ වෙබ් අඩවි ජාලා සහ මාධ්‍යයන් ඔස්සේ ප්‍රචාරය වූයේ වෙනත් තරුණියකගේ පින්තූරයකි. එනම් සින්ඩි වික්‍රමනායකගේ පින්තුරයයි.

ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ එම තරුණියගේ පින්තූරය භාවිතා කර නොයෙක් ආකාරයේ උසුලූ විසුලූ සහ මඩ ගැසීම් කර තිබුණි. ඒවා දුටු ඇයට කරන්නේ කුමක් ද කියා එක් වරම සිතා ගැනීමට නොහැකි වූවාය. ඇය අන්ත අසරණ වූයේ නොකළ වරදක් තමන්ගේ පිට පටවමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකුගේ දුවක් යැයි කියමින් තමන්ට කරන එම නිග්‍රහයන් පිළිබඳවයි.

අවසානයේ ඇය සමාජයට ඇත්ත පහදා දිය යුතු යැයි තීරණය කළාය. ඒ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් සින්ඩි වික්‍රමනායක තරුණිය ‘ඉරිදා දිවයින’ සංග්‍රහය සමග සිදුකළ සාකච්ඡාවක් ඇසුරින් සැකසුණු ලිපියකි පහතින් පෙළ ගැසෙන්නේ.

”සින්ඩි වික්‍රමනායක ඔයා එක රැයකින් රටේ ජනප්‍රිය තරුණියක් බවට පත්වුණා නේද?”

”රට පුරා ජනප්‍රිය තරුණියක් නම් වුණා. ඒත් බලන්න මට ඒකෙන් සිදුවුණ අපරාධය.”

”මොන වගේ අපරාධයක්ද ඔයාට සිදු වුණේ.”

”බලන්න මිනිස්සු මට කොච්චර බැන්න ද අපහාස කළා ද?. ඒ නොකළ වරදකට. ඇත්තටම මම ගියේ මගේ යාළුවට උදව් කරන්න විතරයි. ඒක හරියාකාරව නොදැක්ක පිරිසක් සමාජ වෙබ් අඩවි ජාලා විශේෂයෙන්ම ේජැඉදදන ආදී මාධ්‍ය ඔස්සේ වැරදි ප්‍රචාරයන් කරලා තිබුණා. ඒ නිකං නොවේ මගේ පින්තූරත් සමගයි. මම ඉහළ පොලිස් නිලධාරියකුගේ දුවක් සහ එම අනතුර සිදු කළේ මමයි කියා මට නිකං බොරු චෝදනා එල්ල කරලා තිබුණා.”

”ඒක එහෙම නොවෙයි නම් ඔබ කියන ඇත්ත මොකක්ද?”

”එම රිය අනතුර සිදුවූයේ මගේ හොඳම යෙහෙළියක් අතින්. එම අනතුර සිදු වූ දිනයේ ඇය සහ තවත් මිතුරු මිතුරියන් කිහිප දෙනෙකු සමග අපි කලකට පසු මුණගැසුණා. අපි සුහදව කෝපි බොමින් ආ ගිය තොරතුරු කතා කරමින් සිටියා.”

”පැය ගානක් එලෙස රැඳී සිටිමින් අපි වෙන් වී යළි නිවෙස් වෙත යන්න තීරණය කළා. ඒ අනුව මමයි තවත් යෙහෙළියන් දෙදෙනකු එක් මෝටර් රථයකට ගොඩ වුණා. අපට ඉදිරියෙන් ජීප් රථයේ අනතුර සිදුකළ මගේ යෙහෙළිය සහ තවත් මිතුරකු ගියා. ඉදිරියෙන් ගමන් කළේ ඔවුන්ගේ ජීප් රථයයි.”

”සාමාන්‍ය වේගයකින් ගිය ජීප් රථය කුරුඳුවත්ත ප්‍රදේශයට ධාවනය වෙමින් තිබුණා. එය එක්වරම නෙළුම් පොකුණ මාවත අසල පිහිටි නන්දා මෝටර්ස් ගොඩනැගිල්ල දෙසට ඇදී ගියා. මම එය හොඳින්ම දුටුවා. ඒ එක්කම මට පැහැදිලිව පෙනුණා එය අනතුරක් බව. මට එකපාරටම මොනවත් හිතාගන්න බැරි වුණා. ඒ සමගම අපි ගිය මෝටර් රථය ද නතර කළා.”

”එලෙස නතර කළ ගමන් මම එම මෝටර් රථයෙන් බැස අනතුරට ලක්වූ ජීප් රථය දෙසට දිව්වා. ඒ මගේ හොඳම යෙහෙළියට අනතුරක් සිදුවී ඇද්දැයි බැලීමටයි. එහෙත් වාසනාවකට මෙන් ඇයට කිසිදු අනතුරක් සිදුවී නොතිබුණි.”

”එදා රිය අනතුර දවසේ සිදුවූ ඇත්ත සිද්ධිය එයයි. එහෙත් එතන සිටි යම් අයෙක් මාගේ පින්තූරයක් රැගෙන විවිධ සමාජ මාධ්‍යවලට ලබාදී වැරදි ප්‍රචාරයක් සිදුකර තිබුණා. එම රිය අනතුර සිදු කළේ මම කියා. බලන්න ඒක කොච්චර වැරදි දෙයක්ද. ඉන් පස්සෙ විවිධ සමාජ වෙබ් අඩවි ජාලා ඔස්සේ මගේ චරිතය ඝාතනය කරන්න පටන් ගත්තා. බලන්න ඒක කොච්චර වැරදි දෙයක්ද. යාළුවකුට උදව් කරන්න ගිහිල්ලා අන්තිමට මට වෙච්ච දෙයක්.”

”ඒක ඇත්ත අපි ඔබගේ කතාව පිළිගන්නවා. ඒත් ඔබ එතන හැසිරෙන ආකාරය වැරදියි. ඔබ සම්පූර්ණයෙන්ම නිරෝධායන නීති උල්ලංඝනය කර තිබුණා. අඩුම තරමේ ඔබ මුඛ ආවරණයක්වත් පැළඳ සිටියේ නැහැ.”

”ඇත්ත මම ඒක පිළිගන්නවා. ඒත් බලන්න එම සිදුවීම දිහා. ඒක හරිම සංවේදී සිද්ධියක් යාළුවෙක් මගේ ඉදිරිපිටම අනතුරකට ලක්වෙනවා. එතකොට මට නිරෝධායන නීති මතක් වෙනවද. මට එකපාරටම මතක් වුණේ මගේ යහළුවා විතරයි. මම දුවලා ගිහිල්ලා බැලූවේ ඇයට මොකද්ද සිදු වුණේ කියලා. ඒ වෙලාවේ මට මුඛ ආවරණ මතක් වුණේ නැහැ.”

”බලන්න ඉතින් ඒ වෙලාවේ මම සාධාරණ නැද්ද? මට වටින්නේ මගේ යාළුවව. ඒකයි මම කලබලේ අන් කිසි දෙයක් ගැන හිතන් නැතුව ඇයව බලන්න ගියේ. එහෙත් ටික වෙලාකින් මම මුඛ ආවරණ පැළඳ ගත්තා.”

”සින්ඩි වික්‍රමනායක එම සිදුවීම අපට පැවසුවේ එලෙසින්ය. අවසාන වශයෙන් අප ඇයගෙන් විමසුවේ තවත් යමක් කියන්නට ඇද්ද කියාය.”

”ඔව් කියන්න තියෙනවා. මා ගැන අසත්‍ය ප්‍රචාරය සිදු කළ අයට මම කියන්නේ කවදාවත් හොයන්නේ බලන්නේ නැතුව මේ වගේ දේවල් ආයෙ කිසිදිනක සිදු කරන්න එපා කියලා. මොකද එයින් සිදුවන හානිය සුළුපටු නොවේ.”


ගයාන් සමරසිංහ
මෙම ලිපිය ඉරිදා දිවයින පුවත්පතින් උපුටා ගන්නා ලද්දකි...



COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: රිය අනතුරකින් රටම කැළඹු තරුණිය කවුරුත් නොදත් ඇත්ත හෙළි කළ හැටි
රිය අනතුරකින් රටම කැළඹු තරුණිය කවුරුත් නොදත් ඇත්ත හෙළි කළ හැටි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiDS7RljbXiQ7b9A0wEgIp4-Nqg3CZBKTcwBaCze4p9sXeDmZBsH361_6IUOhAXQFj6UZURnOia_azl2FP1fIPhdqd1vdpzJC2M1na07BbHrv3tU2d3AGrOaHi5zJbCCaSxnC32nSfJTIk/w640-h380/sindy.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiDS7RljbXiQ7b9A0wEgIp4-Nqg3CZBKTcwBaCze4p9sXeDmZBsH361_6IUOhAXQFj6UZURnOia_azl2FP1fIPhdqd1vdpzJC2M1na07BbHrv3tU2d3AGrOaHi5zJbCCaSxnC32nSfJTIk/s72-w640-c-h380/sindy.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2020/11/blog-post_29.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2020/11/blog-post_29.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy