HomegossipGallery

Udari Warnakulasooriya-ජනප්‍රිය නිළි උදාරි වර්ණකුලසූරියගේ කොරෝනා අත්දැකීම

කලාවේ ඇගේ ගමන ඇර­ඹෙන්නේ සින­මා­වෙන් වූවත් ඇය ප්‍රේක්ෂක හද­වත් ස්පර්ෂ කිරී­මට සමත් වන්නේ පුංචි තිරය හරහායි. එතැන් පටන් රංගන ශිල්පි­නි­යක් ලෙස...

Diana, Princess of Wales-ඩයනා නැවත උපදි?
Oshadi Himasha Chavindi-Photo Shoot-කැත විදිහට බලන මිනිස්සුන්ට පෙන්නේ කැත විදිහටයි
Oshadi Himasha Chavindi-Photo Shoot-ඕෂධීගේ ප්‍රෙග්නන්ට් ෂූට් එක
කලාවේ ඇගේ ගමන ඇර­ඹෙන්නේ සින­මා­වෙන් වූවත් ඇය ප්‍රේක්ෂක හද­වත් ස්පර්ෂ කිරී­මට සමත් වන්නේ පුංචි තිරය හරහායි. එතැන් පටන් රංගන ශිල්පි­නි­යක් ලෙස සින­මාවේ සහ පුංචි තිරයේ එකසේ ප්‍රේක්ෂක ආද­රය දිනා ගන්නට තරම් ඇය සමත් වෙයි.

කලින් කලට විරා­ම­යක් ලබ­මින් සිය රංග කාර්ය­යයේ නිරත වුණත් ඇයව කිසි විටෙ­කත් ප්‍රේක්ෂ­ක­යාට අම­තක නොවන චරි­ත­යක් බව ඇගේ කතා­බ­හෙන් අපි නිග­ම­නය කළේ.

ඒ, උදාරි වර්ණ­කු­ල­සූ­රිය නම් වූ ඒ ජන­ප්‍රිය රංගන ශිල්පි­නියයි.. මේ ඇය ගැන සතිඅන්ත පුවත්පතක ලියවී තිබූ සුහද කතාබහක්.

සිංග­ප්පූ­රුවේ දිගු නිවා­ඩු­වක් ගත කර උදා­රිට හදි­සි­යේම ලංකා­වට එන්න හිතුණේ ඇයි?

චිත්‍ර­ප­ටවල භාර­ගත්තු වැඩ කොට­සක් තියෙ­නවා. ඒ රූ ගත කිරී­ම්ව­ලට තමා ලංකා­වට ආවේ.

මේ වගේ කාලෙක සැරෙන් සැරේ එහේ මෙහේ යන්න එන්න බය හිතුණේ නැද්ද?

අවු­රුදු 13ක ඉඳලා මගේ පදිං­චිය සිංග­ප්පූ­රුවේ. රංගන කට­යු­තු­ව­ල­ටයි දුවගේ පාසල් නිවා­ඩු­ව­ටයි මම මෙහෙ එනවා. ඉතින් ඇගේ නිවාඩු අව­සන් වෙද්දි මට ආයිත් ඇයව ඇර­ල­වන්න එහේ යන්න සිද්ධ වුණා. කොවිඩ් තත්ත්ව­යත් එක්ක මට එයා­ලත් එක්ක පහු ගිය කාලේ ගත කරන්න ලැබුණා. ලංකා­වට ඇවිත් දැන් සති තුනක් විතර වෙනවා. තව මාස හයක් වගේ යන­කල් මට සිංග­ප්පූ­රු­වට යන්න බැරි වෙයි. නමුත් දුවට නිවාඩු ලැබුණු ගමන් තාත්තයි දුවයි ඒවි මාව බලන්න.

හෝට­ල­යක සඳලු තල­යට වෙලා නිරෝ­ධා­ය­නය වුණා කියලා ආරංචි?

ඔව්. දවස් 14 ක් මං මෙහේ ඇවිත් ඒ සඳහා වෙන් කර තිබුණු හෝට­ල­යක නිරෝ­ධා­ය­නය වුණා. ඉතින් මගේ කාමරේ තිබුණු බැල්කනි එකට යන්න අව­සර තියෙන නිසා වැඩි­පුර එතන තමයි කාලේ ගත වුණේ.

දැන් ගෙද­රට වෙලා මොකද කරන්නේ?

රූ ගත කිරීම් ඇර­ඹෙන්න තව මාස දෙකක් විතර යයි. ඒ වැඩ­ව­ලට ලැස්ති වෙන්න මගේ නිරෝ­ධා­යන කාල­යත් ලොකු රුකු­ලක් වෙලා තියෙනවා.

කොරෝනා නිසා උදාරී ආසා­වෙන් මග බලන් හිටපු නිර්මාණ දෙක­ක­ටත් බාල­ගිරි දෝෙස් ලැබු­වලු නේද ?

ඔව්. මම දැනට චිත්‍ර­පට පහක රංග­න­යෙන් දායක වෙලා තිය­නවා. එයින් ජයන්ත චන්ද්‍ර­සිරි මහ­ත්ම­යාගෙ ‘මිදුනු විශ්වය‘,ජැක්සන් ඇන්තනි මහ­ත්ම­යාගෙ ‘එක­ගෙයි සොකරි‘ යන චිත්‍ර­පට මේ වසරේ මුල්භා­ග­යේදී තිර­ගත වෙන්නයි තිබුණේ. නමුත් මේ තත්ත්වය නිසා ඒ සියල්ල කල් දමන්න වෙලා. ජන­වාරි මාසේ වෙද්දි ඒ චිත්‍ර­පට තිර­ගත වේවි කියලා බලා­පො­රො­ත්තු­වෙන් ඉන්නේ.

උදාරි දැන් සංකිර්ණ චරි­ත­ව­ලට පම­ණක් යොමු වුණු බවක් පේනවා?


මෑත­කාලේ ආරා­ධනා ලැබු­ණේම එවැනි චරි­ත­ව­ලට. බොහෝ විට ඓති­හා­සික චරිත නැති­නම් ගැමි චරිත.

ඔබ රංග­නය වෙනු­වෙන් ඕනෑම කැප කිරී­ම­කට සූදා­නම් රංගන ශිල්පි­නි­යක්ද?


රංග­නය කියන්නෙ මගේ ජීවි­තය නෙමෙයි. මගෙ පවුල සහ දරුවා වෙනු­වෙන් තමා මගෙ පළ­වෙනි තැන. රංග­නය මගේ වෘත්තිය පම­ණයි. නමුත් මට ලැබෙන නිර්මාණ තෝරා ගන්නේම ඒවාට සාධා­ර­ණ­යක් කරන්න පුළු­වන්ද බල­ලයි.

රංග­න­යෙන් කාර්ය­බ­හුල වීම නිසා ඔබට පවුල මග­හැ­රෙ­නවා ඇති ?


මගේ සැමියා වෘත්තී­යෙන් වෛද්‍ය­ව­ර­යක්. අපි දෙදෙ­නාට අපේ වෘත්තීන් ගැන හරි අව­බෝ­ධ­යක් නැති වුණත්. ඔහු­ගෙන් මට කිසිම බල­පෑ­මක් නැහැ. මට ගැට­ලු­වක් තිබු­ණොත් අපි සාකච්ඡා කර­නවා. දුව ශෙනෙර්යා උමෙ­යිලි. තවම වයස අවු­රුදු අටයි. එයත් සිංග­ප්පූ­රුවේ තමා අධ්‍යා­ප­නය ලබන්නෙ. ඉතින් නිවාඩු ලැබු­නම අපි එකතු වෙනවා. මම මෙහෙ නම් එයාලා ලංකා­වට එනවා. නැති­නම් බාර ගත්තු වැඩ ඉවර කරපු ගමන් මම එහේ යනවා.

ඔබ රිදි තිරයේ සහ පුංචි තිරයේ එකසේ දකින රංගන ශිල්පි­නි­යක් ?


මම ආවේ සින­මා­වෙන්. නමුත් ප්‍රේක්ෂ­කයා මාව වැලඳ ගන්නේ පුංචි තිර­යෙන්. ඒ ‘බොඳ මිදුම්’ ටෙලි නාට්‍ය­යෙන්. මෙතෙක් මගේ ගමන ගැන මම හරිම තෘප්ති­මත් සින­මාවේ සහ පුංචි තිරයේ දෙකේම එකසේ රැඳෙන්න ලැබීම පෙර පිනක්… භාග්‍යක්. ඒ නිසා මට පුංචි තිරය සහ රිදි තිරය කියලා වර්ගී­ක­ර­ණ­යක් නැහැ. මම ඒ දෙක­ටම එක වගේ ආද­රෙයි.

උදාරි පස් වතා­වක් ජන­ප්‍රි­ය­තම සම්මා­නය දිනා ගන්නවා. ඔබේ හීනය එතැ­නද?

හොඳම නිළි­යට හිමි සම්මා­නය හීන­යක් තමයි…වෘත්තී­මය වශ­යෙන් එවැනි සම්මා­න­යක් ලැබී­මම දෙයක්. නමුත් මට තවම එකට අයි­ති­වා­සි­කම් නෑ. ඒ වෙනු­වෙන් මම මහන්සි වෙනවා.

ඔබේ ජීවි­තයේ හැර­වුම් ලක්ෂ්‍යය ඔබේ තාත්තා ?

තාත්තා ග්‍රේෂන් ප්‍රනාන්දු. මං පොඩි­කා­ලෙ­දිත් “මගේ දුව කවදා හරි රූප සුන්ද­රි­යක් කර­නවා“ කියලා ඔහු විහි­ළු­ව­ටත් කිය­න­වලූ. තාත්තා තමයි මේ හැම­දේ­ටම මාව යොමු කළේ. අම්ම­ටයි මටයි හොරෙන් ඇප්ලි­කේ­ෂන් දාලා එදා තාත්තා මාව එක්ක­ගෙන ආපු ගමන තමා මම දැන් මෙච්චර දුරක් ඇවිත් තියෙන්නේ. මවු­පි­යන්ගේ සහ මගේ සැමි­යගේ ආශි­ර්වා­ද­යයි අපේ දුවගෙ වාස­නා­වයි තමා මේ හැම දේම.

උදාරී රටින් බැහැ­රව සිටි­යත් අධ්‍ය­ක්ෂ­­ව­රුන්ට, ප්‍රේක්ෂ­ක­යන්ට අම­තක නොවන රහස මොකක්ද?


මං කලින් කිව්වා වගේ ආශි­ර්වා­දය සහ වාස­නාව. නම් වශ­යෙන් නොකි­ව්වත් මම ගොඩක් ස්තූති වන්ත වෙනවා හොඳ නිර්මාණ වලින් මාව එළි­යට දාන්න මහන්සි වූ අධ්‍ය­ක්ෂ­ව­රුන්ට , මං වෙනු­වෙන් අකු­රක් හරි ලියන, ලියපූ මාධ්‍ය­වේ­දීන්ට, අනෙ­කුත් සියලු මාධ්‍ය ආය­ත­න­ව­ලට වගේම මාව කිසි­වි­ටෙ­කත් අම­තක නොකළ මගේ ප්‍රේක්ෂ­ක­යන්ට.



















උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත
Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: Udari Warnakulasooriya-ජනප්‍රිය නිළි උදාරි වර්ණකුලසූරියගේ කොරෝනා අත්දැකීම
Udari Warnakulasooriya-ජනප්‍රිය නිළි උදාරි වර්ණකුලසූරියගේ කොරෝනා අත්දැකීම
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjVrKAQ5nDy219l7LhqbbpVnfPFsWczeDPdgXaidNpa1fxr7DAK_RUOTYL-YuYzQQj0cEX7VYLWQsvR8fkMJT7qer1cn89IT8SLDWqh4-hBORGgtstmXDnjDEvw9uGH6SGzpf0lYXAcm90/w640-h426/15370-udari-warnakulasooriya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjVrKAQ5nDy219l7LhqbbpVnfPFsWczeDPdgXaidNpa1fxr7DAK_RUOTYL-YuYzQQj0cEX7VYLWQsvR8fkMJT7qer1cn89IT8SLDWqh4-hBORGgtstmXDnjDEvw9uGH6SGzpf0lYXAcm90/s72-w640-c-h426/15370-udari-warnakulasooriya.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2020/10/udari-warnakulasooriya.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2020/10/udari-warnakulasooriya.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy