HomegossipGallery

Poojani Bhagya-ගෙදර අය එක්ක ගෙවන ජීවිතය තමයි මගේ ආදරය.

පූජනී’ කොහොමද මේ දවස්වල ජීවිතය? ටිකක් කාර්ය බහුලයි. හැබැයි ජීවිතය සතුටින්. මේ නාට්‍ය එක්ක කාර්ය බහුල වීම නිසා කාලය ගෙවන්නේ සතුටින්. ලිලන්ත ක...


පූජනී’ කොහොමද මේ දවස්වල ජීවිතය?

ටිකක් කාර්ය බහුලයි. හැබැයි ජීවිතය සතුටින්. මේ නාට්‍ය එක්ක කාර්ය බහුල වීම නිසා කාලය ගෙවන්නේ සතුටින්. ලිලන්ත කුමාරසිරි මහතාගේ නාඩි ITN එකේ රාත්‍රී 8.30 ට රවින්ද්‍ර විජේරත්න සහ තරංග දිසානායක මහතාගේ අපි අපේ සිරසෙ 8.30 ට ප්‍රභාත් රෝෂණගෙ ‘අහස් මාළිගා’ හිරු එකේ රාත්‍රී 8.30 ට. ඒ හැර මෙම 23 දා සිට ජාතික රූපවාහිනිය ඔස්සේ රාත්‍රී 8.30 ට නාලන් මෙන්දිස් මහතාගේ ‘නෑනලා’ විකාශයට නියමිතයි.



පූජනී මේ ආ ගමන දිහා ආපසු විපරම් කර බැලුවොත්?


මුලින්ම ක්ෂේත්‍රයට ආවේ 2010 දී දරුවනේ චිත්‍රපටයෙන්. පාසල් අධ්‍යාපනයෙන් පසුව 2018 දී හිරු අවුරුදු කුමරිය’ ලෙස තේරුණා. ඒ නිසා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් හඳුනා ගන්න ලැබුණා. ‘හුස්මක් තරමට’ (හිරු) රඟපෑමට ලැබු​ෙණත් ඒ නිසයි. රවීන්ද්‍ර විජේරත්න මහතාට ස්තූතිය පුදන්න ඕනෑ. වසර කිහිපයක් ගෙවී ගිහිල්ලත් බොහෝ දෙනා මට කියන්නේ ‘නයෝනා’ කියලයි.


‘නාඩි’ නාට්‍යයේ ‘තිසරි’ මොන වගේ කෙනෙක් ද?

එහි ප්‍රධාන චරිතයක්. මගේ වයසට සහ මෙතෙක් ආ රංගන ගමනේ දී මට ලැබුණු බර චරිතයක්. ලොකු කැපකිරීමක් කළ හැකි චරිතයක්. මගේ වයසට වඩා අසීරු චරිතයක් කිව්වොත් හරි.


එතකොට අපි අපේ සකුරා?


ඇය සල්ලිකාර මන්ත්‍රී පවුලක සරසවි යන තරුණියක්. පවුල් පසුබිම එක්ක සැහැල්ලුවෙන් ජීවිතය ගෙවන චරිතයක්. ලොකු අයියා කෙනෙක් ඉන්නවා. මේ චරිතයේ ස්වභාවය අනුව මගේ සැබෑ ජීවිතයේ රිද්මයට සමීප චරිතයක්.



අහස් මාළිගා ෂෙහානි?

උසස් පෙළ විභාගයට පෙනී සිටින එහෙත් විනෝදයෙන් ජීවිතය ගෙවන චරිතයක්.



විකාශයට නියමිත ‘නෑනලා’ ගැනත් කියමු’

ඒ නාට්‍යය මට මගේ රංගන ජීවිතයේ ලැබුණු තවත් සුවිශේෂී චරිතයක්. වැදගත් පොහොසත් පවුලක කැම්පස් යන දුවක්. වයසට වඩා මනසින් ළද බොළඳ චරිතයක්. මගේ අම්මට රඟපාන්නෙ යශෝද‌ා විමලධර්ම මහත්මියයි. එය මම ලැබූ ලොකු භාග්‍යයක්.



පූජනී විනෝදාංශයට කරන්නෙ බල්ලන් බළලුන් ඇති කරන එක නේ ද?

ඔව්, දැන් බල්ලන් 10 ක් විතරත්, බළලුන් 11 ක් විතරත් ඉන්නවා. මේ ඔක්කොමලා පාරේ අසරණ වෙලා සිටිය දී අරන් ගිහින් හද‌ා ගත්ත සතුන්. මෙයාලට උදේට දවල්ට කෑම හදන්නත් ඕනෑ. හැබැයි ඒක මට වදයක් නෙවෙයි. එයාලා නිසා මට හදිසියේ ගමනක් යන්නවත් විදියක් නැහැ. අසරණ සතුන්ට පිහිට වන්නේ කැමැත්තෙන්.



අද පූජනිගෙ වෘත්තිය?

වෘත්තිය රංගනයයි.



රඟපෑම තෝරා ගැනීම ගැන අද හිතන්නේ කොහොම ද?

අපි හොඳට ඉන්නවා නම් මේ අංශය කියන්නේ හොඳම තැනක්. තමන්ගේ හැසිරීම් එක්ක තමයි සෑම දෙයක්ම තීරණය වෙන්නෙ. මට මගේ අතීතය දෙස බලද්දී මම හිටියෙ මෙහෙමයි මම ආවේ මෙහෙමයි කියලා ආදර්ශවත් විදියට සිටින්නට පුළුවන් නම් එය ඉතා ගෞරවයක්.



මේ විදියට හිතන, පූජනීගෙ ආදරය මොන වගේ ද?

ගෙදර අය එක්ක ගෙවන ජීවිතය තමයි මගේ ආදරය.



එතකොට පසුගිය දිනවල විවහ වුණාය කියලා ඡායාරූප ඵල කර තිබුණා නේද?

එය ෆොටෝ ෂූට් එකකට කළ ඡායාරූප පෙළක් විතරයි. මේ නිසා මටත් අනෙක් ශිල්පියාටත් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වුණා. හැමෝම අපෙන් ඇහුවෙ. බැඳල ද කියලයි.



පූජනීගේ සැබෑ ප්‍රේමය ගැන කියන්නට බැරි ද?

දැනට අද‌ාළ නැහැ.



ආදරය දකින්නෙ මොන විදියට ද?

බොහොම පිවිතුරු දෙයක්. අවංකව ආදරේ කළොත් ඒක කවද‌ාවත් කාටවත් කඩලා බිඳලා ද‌ාන්න බැහැ.



රඟපෑම ගැන හිතන්නේ මොන විදියට ද?


සැබෑ ජීවිතයත් රඟපෑම කරගත්ත බොහෝ අය ඉන්නවා. නමුත් සැබෑ ජීවිතය කියන්නේ රඟපෑමක් නෙවෙයි. රඟපෑම කියන්නේ සැබෑ ජීවිතයේ අපි දකින චරිත ප්‍රති නිර්මාණය කිරීමයි.



ජීවිතේ සැළසුම් කරලා තියෙන්නේ මොන විදියට ද
?

ලොකු බලාපොරොත්තු නැහැ. පුංචි පුංචි බලාපොරොත්තු තියෙනවා. මගේම පුංචි ව්‍යාපාරයක් කිරීම අරමුණක්. එත් තවම මම ක්ෂේත්‍රයට ආවා විතරනේ.

මගේ මහන්සියෙන් ගමනක් යාම තමයි අරමුණ.



සටහන/ඡායාරූප: සඳුන් ගමගේ

















Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: Poojani Bhagya-ගෙදර අය එක්ක ගෙවන ජීවිතය තමයි මගේ ආදරය.
Poojani Bhagya-ගෙදර අය එක්ක ගෙවන ජීවිතය තමයි මගේ ආදරය.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj-1vnHvIaqALctq-JFiTs7IEBLJxuh2Hp1DhNokmf2ImMD4Bbts11yzPBpMbRSU9ZHrP_TryCMJemiUzDGIqDO9_iibM1Z3nqZLC_-RmomOP2J06B5973u86Yr6wSrrQDvZ7RRUSK4Rxc/w640-h426/ModelLK.com-Sri-Lanka-Model-Poojani-Bhagya-202007302-8.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj-1vnHvIaqALctq-JFiTs7IEBLJxuh2Hp1DhNokmf2ImMD4Bbts11yzPBpMbRSU9ZHrP_TryCMJemiUzDGIqDO9_iibM1Z3nqZLC_-RmomOP2J06B5973u86Yr6wSrrQDvZ7RRUSK4Rxc/s72-w640-c-h426/ModelLK.com-Sri-Lanka-Model-Poojani-Bhagya-202007302-8.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2020/10/poojani-bhagya.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2020/10/poojani-bhagya.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy