HomegossipGallery

Oshini Shanaya-මේ වෙද්දි නාට්‍ය 10කට පමණ සම්බන්ධ වෙලා තිබෙනවා-ඔෂිනි ෂනායා

ඔෂිනි කියන්නේ කලා ක්ෂේත්‍රයේ විවිධ ඉසව් නියෝජනය කරන නවක ශිල්පිනියක්. මේ වනවිට ඇය කලා නිර්මාණ රැසකටම ඇගේ දායකත්වය ලබා දී තිබෙනවා. ඔෂිනිගේ අනා...



ඔෂිනි කියන්නේ කලා ක්ෂේත්‍රයේ විවිධ ඉසව් නියෝජනය කරන නවක ශිල්පිනියක්. මේ වනවිට ඇය කලා නිර්මාණ රැසකටම ඇගේ දායකත්වය ලබා දී තිබෙනවා. ඔෂිනිගේ අනාගත බලාපොරොත්තුව වන්නේ ලංකාවේ දක්ෂතම රංගන ශිල්පිනියක් වීම. ඒ හීනය සැබෑ කරගන්න යන ගමනේදී ඒ ගැන අහන්න අපි ඔෂිනිව සමබන්ධ කරගත්තා.

ඔබව හඳුන්වා දුන්නොත්?

මගේ නම ඔෂිනි ෂනායා. මම නර්තනයෙන්, රංගනයෙන් නිරූපණයෙන් කලාවට සම්බන්ධ වෙලා තියෙනවා. ප්‍රධාන වෘත්තීය තමයි නර්තනය. මේ දවස්වල පැවැත්වෙන මිස් ශ්‍රී ලංකා පැජන්ට් එකට සහභාගී වෙලා තිබෙනවා. එහි අවසන් දොලොස් දෙනා අතර සිටින නිසා ඒ වැඩ කටයුතුවල තමයි මේ දවස්වල මුල් තැන දීලා තියෙන්නේ.

ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ කොහොමද?

මම අවුරුදු 16 පටන් තමයි නර්තනයෙන් ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ. ඊටපස්සේ මම මගේම කියලා නර්තන කණ්ඩායමක් පටන් ගන්නවා. 2018 සිද්ධාර්ථ ගෞතම ටෙලි නාට්‍යයට මගේ නර්තන කණ්ඩායම සම්බන්ධ වෙනවා. ඒ හරහා තමයි වැඩ කරන්න අවස්ථාව ලැබෙන්නේ.

දායක වෙලා තිබෙන නිර්මාණ ගැන කිව්වොත්?

මේ වෙද්දි නාට්‍ය 10කට පමණ සම්බන්ධ වෙලා තිබෙනවා. මේ දවස්වල විකාශය වන ධරණි, අහස් මාලිගා ටෙලි නාට්‍ය දෙකට දායක වෙනවා. සිද්ධාර්ථ ගෞතම ටෙලි නාට්‍යයේ නාට්‍යාංගනාවන් විදිහට මගේ නර්තන කණ්ඩායම සම්බන්ධ වුණත් ඉන්පසුව මට එහි රංගනයටත් අවස්ථාව ලැබණා.

මිස් ශ්‍රී ලංකා පැජන්ට් එකේ අත්දැකීම් කොහොමද?

ඇත්තටම අළුත් අත්දැකීමක් ලැබෙනවා. මම මීට කලින් කිසිම පැජන්ට් එකකට සහභාගී වෙලා තිබුණේ නැහැ. මම හිතනවා මගේ ඉදිරි ගමනට මේ පැජන්ට් එක ලොකු පිටිවහලක් වෙයි කියලා.

ගෙදරින් සහයෝගයක් ලැබෙනවාද?

අම්මා ලොකු සහයෝගයක් දෙනවා. ඒ වගේම පවුලේ අනිත් අයත්, යාළුවොත් පස්සෙන් ඉන්නවා.

ඔබේ පවුලේ කලා පසුබිමක් තිබෙනවාද?

ඔව්. මගේ මහප්පා ගායකයෙක්. මගේ සීයාත් වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙක්. මම පොඩි කාලේ ඉඳලාම නර්තනයට කැමතියි. ඒ නිසාම වෙන්න ඇති කලාවට නැඹුරු වුණේ.

ක්ෂේත්‍රය ගැන ඔබ දකින්නේ කොහොමද?

ඇත්තටම කලා ක්ෂේත්‍රය කියන්නේ හොඳ තැනක්. හොඳ ප්‍රතිපලයක් ගන්න පුළුවන්. මහන්සි වෙන්න ඕනේ. ඒ වගේම ක්ෂේත්‍රයේදි තමන්ට හොඳ ඉලක්කයක් තිබෙන්න ඕනේ.

කලා ක්ෂේත්‍රයේ ඔබේ ඉලක්කය මොකද්ද?

මම ආසයි රටේ රංගන ශිල්පිනියක් වෙන්න. ඒ වෙනුවෙන් තමයි මම මහන්සි වෙලා වැඩ කරන්නේ සහ ඉගෙනගන්නේ.

ඉදිරියට එන්න තිබෙන නිර්මාණ මොනවාද?

කෙම්මුර කළුවර ටෙලි නාට්‍ය සහ තව නිර්මාණ කිහිපයක්ම එන්න තිබෙනවා. ළඟදීම අළුත් නිර්මාණයකට සම්බන්ධ වෙන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

මතක් කළ යුතු පිරිස කවුද?

මගේ අම්මා, පෙම්වතා, මහප්පා ඇතුළු පවුලේ සියළු දෙනාවම මතක් කරන්න ඕනේ. එතකොට මගේ ගුරුවරයා අකිල අබේරත්න මහතාටත් ස්තූතියි කරනවා.

කැළුම් දේවින්ද






















Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: Oshini Shanaya-මේ වෙද්දි නාට්‍ය 10කට පමණ සම්බන්ධ වෙලා තිබෙනවා-ඔෂිනි ෂනායා
Oshini Shanaya-මේ වෙද්දි නාට්‍ය 10කට පමණ සම්බන්ධ වෙලා තිබෙනවා-ඔෂිනි ෂනායා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEja3fLqNRDGq4ji1bs2tRzDYtWTs1cvfIQb-VFx0TET3htHPAmd5O57wJavHxgHHGQ7mZSktdXbJHHCPr2EGGRoTH4Y1h-T-s6YazW_44MO9OOk8-EB-kpsfjJjhnQWmFH8-1u9cqlit0w/w640-h640/20201013Oshini-1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEja3fLqNRDGq4ji1bs2tRzDYtWTs1cvfIQb-VFx0TET3htHPAmd5O57wJavHxgHHGQ7mZSktdXbJHHCPr2EGGRoTH4Y1h-T-s6YazW_44MO9OOk8-EB-kpsfjJjhnQWmFH8-1u9cqlit0w/s72-w640-c-h640/20201013Oshini-1.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2020/10/oshini-shanaya-10.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2020/10/oshini-shanaya-10.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy