මම මීට කලින් චිත්‍රපට දෙකක රඟපෑවත් මට වැඩිපුරම රඟපාන්න වුණේ තරුණ පිරිසත් එක්ක. මේකේ එහෙම වුණේ නැහැ. මනෝරත්නයන් එක්ක රඟපාන්න තිබුණා. කතාවේ ...
මම මීට කලින් චිත්‍රපට දෙකක රඟපෑවත් මට වැඩිපුරම රඟපාන්න වුණේ තරුණ පිරිසත් එක්ක. මේකේ එහෙම වුණේ නැහැ. මනෝරත්නයන් එක්ක රඟපාන්න තිබුණා. කතාවේ හැටියට ඔහුගේ දුව තමයි මම. පොඩි තිගැස්මක් තිබුණා ඔහුත් එක්ක රඟපාද්දි. මගේ රංගනය ඔහු කොහොම පිළිගනියිද, මට මොනවගේ අඩුපාඩු කියයිද, වගේ ප්‍රශ්න හිතේ දෝලනය වෙමින් තිබුණේ. නමුත් ඒවා හිස් අදහස් විතරක් වුණා. පුදුමාකාර සහායක් මට ඔහුගෙන් ලැබුණා. මනෝරත්නයන්ගේ අවසන් ප්‍රධාන චරිත රංගනය මේක චිත්‍රපටයක. මට වාසනාව තිබුණා ඔහුත් එක්ක රඟපාන්න.
ඇයි ඔබ මිස් ජෙනිස් සිනමාපටය බාර ගත්තේ?
චිත්‍රපට සඳහා නිතර ආරාධනා ලැබෙනවා. ඒත් හොඳට හොයලා බලලා තමයි මම වැඩක් බාර ගන්නේ. මට මේකට කතා කළේ කැමරා අධ්‍යක්ෂ අයේෂ්මන්ත අයියා සහ සහාය අධ්‍යක්ෂ ඩොනල්ඩ් ජයන්ත අයියා. මම ඔවුන් එක්ක මීට ප්‍රථම වැඩ කරලා තිබුණා. මිස් ජෙනිස් අධ්‍යක්ෂ සුසිරන් අයියාගේ නිර්මාණයක රඟපාලා නැති වුණත් මම ඔහුගේ නිර්මාණ ගැන අහලා තියෙනවා. ඒ නිසා මේක හොඳ නිර්මාණයක් කියලා විශ්වාසය ගොඩනැඟුනා.
මගේ කිසිම අකැමැත්තක් නැහැ ටෙලිනාට්‍යවලට. නමුත් ටෙලිනාට්‍යයක් බාර ගත්තොත් ඒ වෙනුවෙන් දිගු කාලයක් කැප කරන්න ඕනේ. මම නිරූපිකාවක් විදිහට ගොඩක් කාර්යබහුලයි. ඒ වැඩවලට සහ මගේ පවුල් ජීවිතයට කාලය යෙදෙව්වාම මට ටෙලි වලට යන්න අපහසුයි.
ඔබ දැන් මවක්. සමහර නිළියෝ මේ තත්ත්වය මත විලාසිතා සඳහා වාරණ යොදාගන්නවා?
මම සුපුරුදු පරිදි පෙර වගේම ඉන්නවා. නිරූපිකාවක් විදිහට වැඩ කරන නිසා අවස්ථානුකූලව විලාසිතා කරනවා. සමහර ෆොටෝ ෂූට්වලට ඇඳුම් තෝරා දෙන්නෙත් මගේ සැමියා. ඔහු ගුවන් සේවකයෙක්. ඔහු හරි විවෘත මනසකින් තමයි බොහෝ දේ ගැන සිතන්නේ.

















COMMENTS