Kavindya Dulshani-උසස් පෙළ කළ කාලයේදී ITN එකේ අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වුණා

ලස්සන මුහුණ, ලස්සන ඇස්, ලස්සන හිනාව වාගේම ඇයගේ සිතිවිලි සහ ජීවිතයත් ලස්සනයි කියලා කියන්න පුළුවනි. කාවින්ධ්‍යා දුල්ෂානි වුව ද රංගන ක්ෂේත්‍රයේ...






ලස්සන මුහුණ, ලස්සන ඇස්, ලස්සන හිනාව වාගේම ඇයගේ සිතිවිලි සහ ජීවිතයත් ලස්සනයි කියලා කියන්න පුළුවනි. කාවින්ධ්‍යා දුල්ෂානි වුව ද රංගන ක්ෂේත්‍රයේදී බොහෝ දෙනා ඇයට කියන්නේ ‘කාවින්ධ්‍යා’ හෙවත් ‘කවි’ කියලයි. මේ සුන්දර කවී මේ දිනවල අහස්මාළිගා - අහිංසා ලෙසත් ‘සකලගුරු - නෙළුම්’ ලෙසත් ටෙලි තිරය හැඩ කරනවා.



‘කවී’, ‘කවි’ එහෙමත් ලියන්න පුළුවන් ඇති?

පුළුවන් ඇති. ඒත් මේ දක්වා උත්සාහ කරලා නම් නැහැ.


සිංදු කියන්න පුළුවන්?

සිංදුවක් නම් ඉතින් කියන්න පුළුවන්. ඒත් ගයන්න නම් බැහැ.


මේ දිනවල හමුවන්නෙ, අහස්මාළිඟා සහ සකලගුරු නාට්‍ය දෙකෙන් විතර ද?

මේ දිනවල ​ නම් ඒ නාට්‍ය දෙකේ විතරයි රඟපාන්නේ.

එතකොට මෙච්චර බිසි?

මේ නාට්‍ය දෙකේ රඟපාන අතරේ මගේ දෙවැනි චිත්‍රපටයේ රඟපෑමට ද‌ායක වෙනවා. මුලින්ම මම චිත්‍රපටයක රඟපෑවේ චාමර ජනරාජ් පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ උතුරු සුළඟ චිත්‍රපටයේයි. ඒක තිරගත වීමට නියමිතයි. ඒකෙ මම රඟපෑවේ ප්‍රධාන චරිතයක්. ගමක හැදී වැඩුණ උසස් පැළැන්තියකට අහිංසක ගැහැණු ළමයකුගේ චරිතයක්. ඇය ආදරය කරන්නෙ යුද්ධයෙන් අතරමං වූ සොල්ද‌ාදුවෙකුට. යුද්ධයෙන් පසුව සමාජයේ එක් පැතිකඩක් ගැන කියැවෙන හරි අපූරු සිනමා කෘතියක්.


මේ දිනවල ද‌ායකව සිටින දෙවැනි චිත්‍රපටය ගැනත් කියමු?

ගාමිණී හේවා විතාරණ මහතා අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක්. ඒකෙ නම සඳ දඩයම.


අද එතකොට ‘කවී’ ගෙ වෘත්තිය රංගනය ද?

ඔව්. මේ වන විට රඟපෑම වෘත්තිය වෙලා.



අහස්මාළිගා ටෙලි චරිතය ගැන මීළඟට කියමු?

හිරු ටී.වී. ඔස්සේ විකාශය කෙරෙන, එහි මම රඟපාන්නේ ‘අහිංසා’ නැමැති චරිතයයි. කුඩා කාලයේ ඉඳළාම අහිංසා පවුලේ ආදරය ලබමින් හැදෙන දරුවෙක්. මේ දිනවල කතාව ගලා යන විදියට අහිංසා මේ ලෝකයට ඒමට පෙර සිදුවූ සිදුවීම් ගැන දැකගන්න පුළුවනි.


‘සකලගුරු’ චරිතය?

සකලගුරු - ගිරිරාජ් කෞශල්‍ය මහතාගේ හාසයෝත්පාදක තේමාවක් රැගත්, නාට්‍යයක්, ජාතික රූපවාහිනිය විකාශය කරන එහි මම රඟපාන්නෙ ‘ගුරා’ ගෙ දුව ලෙසයි. මගෙ තාත්තා ‘ගිරිරාජ්’ මහතා. එයා තමයි ගුරා ලෙස රඟපාන්නේ. නෙළුම් කැම්පස් යන ගමේ අහිංසක කෙල්ලෙක්. එයා ගමේ තරුණයින් කිහිප දෙනෙකුගෙ ආදරයට මැදිවෙලා මුහුණ දෙන සිදුවීම් එක්ක ගලා යන චරිතයක්.


‘කවී’ මේ විදියට අද රඟපෑම වෘත්තීය කරගෙන ඉන්නෙ, සිහිනයක් සැබෑවීමක් නිසා ද? නැත්නම් මේක අහම්බයක් ද?


අහම්බයක්. උසස් පෙළ කළ කාලයේදී ITN එකේ අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වුණා. එහිදී අවසන් 12 ට මාවත් තේරුණා. ඒ දොළොස් දෙනාගෙන් අයි.ටී.එන්. එකේ ටෙලිනාට්‍යයක රඟපෑමට මාව තේරුණා. ඇත්තටම රඟපෑමට ඒම අහම්බයක්.

එතෙක් තිබූ සිහින මොනවද?

ඒ අහම්බයට පෙර මට තිබුණෙ අපේ අම්මගේ සිහිනය සැබෑ කරවීමටයි. අපේ අම්මගෙ එකම සිහිනය වුණේ මාව නීතිඥවරියක කරවීමයි. අපේ අම්මත් නීතිඥවරියක්. ඒත් රඟපෑමට ආ නිසා නීතිඥවරියක වී අම්මගේ සිහිනය සැබැ කර දෙන්න මට බැරි වුණා.

ඔබ කිව්වෙ අම්මට ඔබ ගැන තිබුණු සිහිනය ගැනනේ. ඇයි ‘කවී’ ට සිහිනයක් තිබුණේ නැද්ද?


අම්මගේ සිහිනය තමයි මාත් දුටුවෙ. ඒ සිහිනයේ දුර යන්න හැදුවත් මගේ ගමන වෙනස් වුණා. එද‌ා මට තිබුණෙ ‘කරාටේ’ ක්‍රීඩාව වෙතින් කෙළවරක් දක්වා ප්‍රගුණ කරන්නයි. හැබැයි ‘කරාතේ’ වලින් පටි ගහගෙන දිගටම ගමනක් යන්න ලැබුණෙ නැත්තේ ‘ඒ ලෙවල්’ නිසා ගෙදරින් මට තහංචි වැටුණු නිසයි.

දැන් මොන වගේ හීනයක් ද තියෙන්නේ?

දැන් නම් ඉතින් රඟපෑමේ හීනය තමයි තියෙන්නේ.

ඒ මොන වගේ හීන ද?

විවිධ චරිත රඟපාන්න අවශ්‍යයි. හොඳම කියන කැටගරි එකට එන්න ආසයි. රඟපෑමේදී මට කලබලයක් නැහැ. හෙමින් යන ගමනක් මට තියෙන්නෙ.


ඊට එහා ගිය සැබෑ ජීවිතයේ හීන මොනව ද?

අම්මයි, තාත්තයි, මගේ නංගිලා තුන්දෙනා එක්කයි ආදරයෙන් ජීවත්වීමටයි. එයාලට පසුතැවීමක් ඇති නොවන විදියට ජීවත්වීම මගේ අරමුණයි. මට අක්කා නිසා, නංගිලා තුන්දෙනාට වඩාත් ආදර්ශවත් වෙන්න ඕනෑ.


රංගනය ගැන අද දැනෙන හැඟෙන විදිය කොහොමද?

මේක හිතන තරම් ලෙහෙසි දෙයක් නෙවෙයි. රංගනය ගැන හද‌ාරන්නෙ නැතුව, අත්දැකීම්, ලබන්නෙ නැතුව ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න බැහැ.

මෙතෙක් ගෙවූ ජීවිතය ගැන කොහොමද හිතන්නේ?

සුන්දරයි, අම්මා, තාත්තා, නංගිලා තුන්දෙනා එක්ක සතුටින් ජීවත් වෙනවා. මෙතෙක් ගෙවූ ජීවිතය ගැන හරි සතුටුයි. ලොකු ලොකු ලොකු දේ ගැන හිතන්න ගියේ නැහැ. ගෙවූ ජීවිතය තෘප්තිමත්.

පෙම්වතාගෙන් ඔබට ලොකු සහනයක් ලැබෙනවා ඇති?

මගේ ආදරේ අම්මා, තාත්තා සහ නංගිලා තුන්දෙනාටයි. තාත්තා තමයි මගේ ලොකුම ආදරේ. බොහෝම උදවු කරන්නේ තාත්තා.


‘කවී’ කියන්නේ සීරියස් චරිතයක් ද? නැත්නම් වගකීමකින් තොර චරිතයක් ද?

ඕනෑවට වඩා සීරියස් නැහැ. වගකීමක් නැත්තෙත් නැහැ. නංගිලා තුන්දෙනෙක් නිසා වගකීමක් මට තියෙන්නෙ. මගෙන් විය යුතු දේ ගැන හිතලා සරලව සතුටින් ජීවත් වෙනවා.


ජීවිතයට වඩා අරුතක් දැන වූ ගීතයක් නම් කරන්න කිව්වොත්?

මගේ ජීවිතයට සමීප නැතත්, ‘ඔබේ සිනා ළඟ සිත නැවතුණ ද‌ා’ ගීතයට හරිම ආසයි. එය අලුත් විදියට ගැයූ වීඩියෝවක් යූ ටියුබයේ තියෙනවා. දිනකට තුන්පාරක් විතර මම ඒ ගීතය අහනවා. ඒ ගීතයේ ලස්සන වචන වලට මම හරි ආසයි.


හීනයකට අමතරව චිත්‍රපටයක් නරඹලා සංවේදී වූ අවස්ථා තියෙනව ද?

අපොයි බොහෝ අවස්ථා තියෙනවා. මෑතකදී නම් මම හරියට සංවේදී වුණේ ළඟදී පොත් ප්‍රදර්ශනයට ගිහිල්ලා ගත්ත පොතක් නිසයි. ඒ පොත කියවද්දී මම හරියට හැඟුම්බර වුණා. ඇත්තම කිව්වොත් මම ඇඩුවා. ඒ පොත මාතෘකා කරගෙන තියෙන්නේ මව්පියන් ගැනයි.

සටහන සහ ඡායාරූප - සඳුන් ගමගේ







COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: Kavindya Dulshani-උසස් පෙළ කළ කාලයේදී ITN එකේ අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වුණා
Kavindya Dulshani-උසස් පෙළ කළ කාලයේදී ITN එකේ අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වුණා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgA6l52SakPxcLrwh92wbqYpqNiydUSb3H1bK2uuuB10JQ8E9-aueHjNOb9mARdf2YY3WlBAHj0xhJgBgrQCHkMlkZSNDtcnWOSujPGjcLS0wZ2DcpwpVCrQ7pzHBe6PsDob7Iu9mGg3MA/w546-h640/AnyConv.com__img+%25283%2529.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgA6l52SakPxcLrwh92wbqYpqNiydUSb3H1bK2uuuB10JQ8E9-aueHjNOb9mARdf2YY3WlBAHj0xhJgBgrQCHkMlkZSNDtcnWOSujPGjcLS0wZ2DcpwpVCrQ7pzHBe6PsDob7Iu9mGg3MA/s72-w546-c-h640/AnyConv.com__img+%25283%2529.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2020/10/kavindya-dulshani-itn.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2020/10/kavindya-dulshani-itn.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy