Heshani Liyadipita - දෙරණ අවුරුදු කුමරිය කිරුළ හිමිකරගත් හේෂානි කියන කතාව

  2020 දෙරණ අවුරුදු කුමරිය කිරුළ හිමිකරගත් හේෂානි මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශය වන ධරණි ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය වන තරුමිණි තුළින් ඔබේ ආල...

 



2020 දෙරණ අවුරුදු කුමරිය කිරුළ හිමිකරගත් හේෂානි මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශය වන ධරණි ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය වන තරුමිණි තුළින් ඔබේ ආලින්දයට පැමිණේ. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ශිෂ්‍යාවක් වන හේෂානිගේ පළමු ටෙලි නාට්‍යයද වන්නේ ධරිණි නාට්‍යයි. ඉතින් ධරණි ගැන කතා කරන්න හේෂානිව සාරවිට කතාබහකට එකතු කරගන්න අපි සිතුවෙමු.


ධරණි ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්නේ කොහොමද?

ධරණි කියන්නේ මගේ පලවෙනි ටෙලි නාට්‍ය රංගනය. 2020 දෙරණ අවුරුදු කුමරිය තරඟාවලිය ජයග්‍රහණය කළාට පස්සේ දෙරණේ ධරණි ටෙලි නාට්‍යයට තිර පරීක්ෂණ පැවැත්වූවා. ඒ හරහා තමයි ධරණි ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයට මාව තෝරා ගන්නේ.


ධරණි හි ඔබේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මගේ චරිතය තමයි තරුමිණි කියන්නේ. විකාශය අරඹලා පොඩි කාලයක් වුණත් ලැබෙන ප්‍රතිචාර හොඳයි. හැමෝම කතා කරන්නේ හොඳ විතරයි. අඩුපාඩු මම හදාගන්නවා. මම සතුටු වෙනවා ධරණි වගේ හොඳ නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබීම ගැන.

'තරුමිණි' චරිතය ඔබට දැනෙන්නේ කොහොමද?

තරුමිණි වටා තමයි කතාව ගෙතිලා තියෙන්නේ. තරුමිණි කියන්නේ ආදරණීය චරිතයක්. තරුමිණි ආදරය කරලා, විවාහ වෙලා, දරුවෝ ලැබිලා හදිසියේම සැමියා මිය යනවා. ඊටපස්සේ ඇයගේ මවගේ අසනීපයත් සමග කරදර මැද්දේ ජීවිතයට මුහුණ දෙන හැටි කතාවට පාදක වෙන්නේ.

මුලින්ම ටෙලි නාට්‍යකට සම්බන්ධ වෙනකොට දැනෙන හැඟිම මොනවගේද?

මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ තවම අධ්‍යාපනය හදාරනවා. ඒ වුණත් මට රංගනය කියන දේ අළුත් දෙයක්. මීට කලින් වෙළඳ දැන්වීම්වලට සම්බන්ධ වෙලා තිබුණත් රඟපාලා නැහැ. ඒ නිසා මට මේක අළුත් අත්දැකීමක්. ධරණි එක්ක ප්‍රවීණ අය ගොඩක් සම්බන්ධ වෙලා ඉන්නවා. එයාලා අපිට ලොකු හයියක් වෙනවා. ඒක හරි වටිනවා.

ධරණි ට පස්සේ තවත් ආරාධනා ලැබෙන්න ඇති නේද?

ඔව්. ආරාධනා කිහිපයක්ම ලැබුණා. නමුත් මම බාර ගත්තේ නැහැ. මොකද විශ්ව විද්‍යාලයේ වැඩත් එක්ක වැඩ ගොඩගහගෙන කරන්න බැහැ. අමාරුයි. ඒ නිසා ධරණි ටෙලි නාට්‍යයෙන් විතරයි දැනට මාව දකින්න පුළුවන් වෙන්නේ.

අවුරුදු කුමරිය දිනන අය රංගනයට පැමිණෙන එක ගැන සමාජයේ ලොකු කතාබහක් තිබෙනවා නේද?

මෙහෙමයි. පලවෙනියා වෙන හැමෝම ප්‍රධාන චරිතයට එන්නේ නැහැ. අපෙත් ගැහැණු ළමයි දොළහකුයි පිරිමි ළමයි දොළහකුයි තිර පරීක්ෂණයට සම්බන්ධ වුණා. මේකප් ටෙස්ට් එකක් කළා. ඊටපස්සේ තමයි තෝරාගත්තේ. ඒ දේවල් එක්ක හිතන්න බැහැ දිනන හැමෝම ප්‍රධාන චරිතවලට එනවා කියන එක.

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

අවුරුදු කුමරියට අයදුම් කරන තැන ඉඳලා මගේ පස්සෙන් හිටියේ මගේ අම්මයි අක්කායි. වෙළඳ දැන්වීම්වලට යද්දි වුණත් අම්මා තමයි පස්සෙන් හිටියේ. අප්පච්චි මේ දේවල්වලට වැඩි කැමැත්තක් දැක්වූයේ නැහැ. නමුත් වෙළඳ දැන්වීම්වලින් මාව දකිද්දි එයා සතුටු වුණා. හැබැයි දැන් අප්පච්චිත් ලොකු සහයෝගයක් දෙනවා.

දිගටම රංගනයේ යෙදෙන්න බලාපොරොත්තුවක් තියෙනවාද?

ඇත්තටම මම තවම ඒක තීරණය කරලා නැහැ. බලමු ඉස්සරහට.

ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

මේ දවස්වල ලොකු ඉඩක් දීලා තියෙන්නේ මගේ උපාධියේ වැඩවලට. මම දැන් අවසන් වසරේ ශිෂ්‍යාවක්. ඒ නිසා ඒ වැඩවලට ලොකු කාලයක් ඕනේ. ඒත් එක්කම ධරණි නාට්‍යයේ වැඩත් කරගෙන යනවා.

උදව් කළ අය ගැන කියමු?

මගේ අම්මා, තාත්තා, අක්කා ඇතුළු පවුලේ හැම දෙනාම මට විශාල සහයෝගයක් ලබාදෙනවා. එතකොට ලක්සිරි වික්‍රමගේ සර්, චරිත් කොතලාවල අයියා, සුබා අක්කා, ජනක සිරිවර්ධන සර්, ශ්‍රියන්ත ප්‍රසාද් අයියා, නිදුක් මදුෂික අයියා, මගේ කැම්පස් එකේ යාළුවෝ දෙන්නා ඇතුළු හැම දෙනාවම මම ආදරෙයන් මතක් කරනවා.
















COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: Heshani Liyadipita - දෙරණ අවුරුදු කුමරිය කිරුළ හිමිකරගත් හේෂානි කියන කතාව
Heshani Liyadipita - දෙරණ අවුරුදු කුමරිය කිරුළ හිමිකරගත් හේෂානි කියන කතාව
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiN5q4iXDSXQn7X1OzSC4b0cOA1laTxIpJrk57Ls8Ys9FHMyomSdkKwY-YxO0HzQ2cs9BO6SvphpnyD1c9Y_sBlyAc8xC419BBtvb7iL8NzWF65m_2NjqdLt0Hw6uAcn5knolLNiqu0yGg/w640-h430/51856-heshani-liyadipita.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiN5q4iXDSXQn7X1OzSC4b0cOA1laTxIpJrk57Ls8Ys9FHMyomSdkKwY-YxO0HzQ2cs9BO6SvphpnyD1c9Y_sBlyAc8xC419BBtvb7iL8NzWF65m_2NjqdLt0Hw6uAcn5knolLNiqu0yGg/s72-w640-c-h430/51856-heshani-liyadipita.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2020/10/heshani-liyadipita.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2020/10/heshani-liyadipita.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy