මේ දවස්වල තිබුණු ඔක්කොම රූගත කිරීම් කල් ගියා කොරෝනා දෙවෙනි රැල්ල නිසා. ටෙලිනාට්‍ය දෙකක් කරන්න හිටියේ. ඒ වගේම හර්ෂ උඩකන්දගේ ටෙලිනාට්‍යයටත් දා...
මේ දවස්වල තිබුණු ඔක්කොම රූගත කිරීම් කල් ගියා කොරෝනා දෙවෙනි රැල්ල නිසා. ටෙලිනාට්‍ය දෙකක් කරන්න හිටියේ. ඒ වගේම හර්ෂ උඩකන්දගේ ටෙලිනාට්‍යයටත් දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.
ඔබ වෘත්තියෙන් ගුවන් සේවිකාවක්?
ඔව්. මම දැන් වසර 6ක් තිස්සේ Sri lankan airlines සමාගමේ ගුවන් සේවිකාවක් විදිහට වැඩ කරනවා. මම කොරෝනා වසංගතයෙන් ශ්‍රී ලාංකිකයන් මුදවා ගැනීමේ මෙහෙයුම් හතරකට සම්බන්ධ වුණා. එහෙම ගිහින් ඇවිත් දවස් දාහතරක් නීරෝධායනය වෙලා තමයි නැවත වැඩ පටන්ගන්නේ. ඒ නිසාම ටෙලිනාට්‍ය ගොඩක් භාර අරගෙන වැඩ කරන්නේ නැහැ මම. මොකද මගේ රැකියාවත් එක්ක රංගනයට කාලය මදි.
ක්ෂේත්රයට ඇවිත් කොච්චර කල්ද?
දැන් අවුරුදු තුනක්.
චිත්‍රපටයකත් රඟපෑවා නේද?
මම "ආශාවරී" කියන චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා. ජනවාරි මාසයේ වගේ ඒකත් තිරගත වෙයි. තව චිත්‍රපටි දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා.
පෙම්වතියගේ චරිතය රඟපාන්න කැමැත්තෙන් ඉන්න පෙම්වතෙක් ක්ෂේත්රයේ ඉන්නවාද?
නැහැ. ගෑණු ළමයි ආසයි කියන ඔක්කොම එක්ක වගේ මම රඟපාලා තියෙනවා. හේමාල් රණසිංහ, සාරංග දිසාසේකර, බිමල් ජයකොඩි, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, සුරාජ් මාපා මේ ඔක්කොම එක්ක මම රඟපාලා තියෙනවා.
දිනිතිට ඇත්ත ජීවිතයේ පෙම්වතෙක් ඉන්නවාද?
නැහැ. තව ජීවිතයක් අමාරුවේ දාන එක අපරාදෙනේ. (සිනාසෙමින්) මම ගොඩක් කාර්යබහුල කෙනෙක්. මගේ වැඩ කරන්නවත් කාලය මදි. ඒ නිසා තව කෙනෙක්ට වෙන් කරන්න කාලය මට නැහැ.
දිනිතිගේ පවුලේ විස්තර කිව්වොත්?
මගේ පවුලේ අම්මායි තාත්තායි ලොකු අම්මායි අයියලා දෙන්නයි ඉන්නේ.
නිර්මාණි බණ්ඩාරනායක
COMMENTS