Aloka Dananjan-ලස්සන වෙලා උපදින්නෙ පෙර ආත්මයේ කුසල් නිසා-ආලෝකා ධනංජනි

රූපවාහිනි රියැලිටි වැඩසටහන්වලින් තම හැකියාවන්, දක්ෂතාවයන් හඳුනා ගනිමින් ක්ෂේත්‍රයේ බොහෝදුර ගිය දක්ෂයින් අතර ඇය ද එක් අයෙකි. ඇය නමින් ආලෝකා ...



රූපවාහිනි රියැලිටි වැඩසටහන්වලින් තම හැකියාවන්, දක්ෂතාවයන් හඳුනා ගනිමින් ක්ෂේත්‍රයේ බොහෝදුර ගිය දක්ෂයින් අතර ඇය ද එක් අයෙකි. ඇය නමින් ආලෝකා ධනංජනිය. සිරස රූපවාහිනී නාලිකාවෙන් දිගහැරුනු සිරස Film Star තරගාවලියේ දී 2018 වසරේ දී ‘කාන්තා ප්‍රතිවීර චරිතය’ ලෙසින් අභිෂේක ලැබූ ඇය අද වන විට ඔබේ ආදරය දිනනා දක්ෂ රංගන ශිල්පිනියකි. නිවේදිකාවකි. හඬකැවීම් ශිල්පිනියකි. දක්ෂ මෙන්ම සුන්දර ඇගෙන් ලස්සන පිටුව සරසන්නට බොහෝ කරුණු දැනගන්නට ඇති නිසාම අපි ඇය සමග කතා කළෙමු.


 ඉතිං කොහොමද මේ දිනවල ලැබෙන ප්‍රතිචාර

හරිම ඉහළයි. හැමෝම අගය කරන නිසා හරිම සතුටුයි.



ලස්සන නිසාම ද ඔය දුර ආවේ

ම්..... මම හිතන්නේ ලස්සන වගේම දක්ෂතාවයත් මම අද ඉන්න තැනට එන්න පිහිටක් වුණා.



කාන්තාවකට සුන්දරත්වය කියන දේ වැදගත්ද?


ඔව්. අද සමාජයේ ලස්සනට වැදගත්කමක් ලැබිලා තියෙන නිසාම හැමෝම වගේ ලස්සනට ඉන්න උත්සාහ කරනවා.



සුන්දරත්වය කියා ඔබ දකින්නේ කුමක්ද?

මම හිතන්නේ කෙනෙක් මතුපිටින් වගේම හදවතිනුත් ලස්සන නම්, නිහතමානී නම්, අනිත් අයට ගරු කරනවා නම් අපි ඉබේම ලස්සනයි.



ලස්සන වුණ පමණින්ම කෙනෙකුට වෘත්තියකින් ඉදිරියට යන්න පුළුවන්ද?

මෙහෙමයි, දක්ෂ කෙනෙකුට සුන්දරත්වය කියන්නේ ආශිර්වාදයක්. ගොඩක් දක්ෂ කෙනෙක් සුන්දරත්වය නැති නිසා ඉදිරියට යන්න බැරිව ඉන්න පුළුවන් වගේම ගොඩක් ලස්සන කෙනෙකුට හැකියාවක්, දක්ෂතාවයක් නැත්නම් ඉදිරියට යන්න බැරි වෙන්න පුළුවනි.



ලස්සනට ඉන්න මොනවාද කරන්නේ?

කාන්තාවක් විදිහටත්, නියැලෙන වෘත්තිය අනුවත් මම ලස්සනට ඉන්න ගොඩක් කැමතියි. ඒ වෙනුවෙන් මම කරන ප්‍රධානම දේ තමයි ගොඩක් වතුර බොන එක. සාමාන්‍යයෙන් දවසකට වතුර ලීටර් 4 ක් විතර බොනවා. ඊට අමතරව කසකසා ඇට වතුරේ දාලා තියලත් බොනවා. කසකසා ඇටවලට ගැස්ට්‍රයිටීස් තත්ත්ව නැතිවෙනවා වගේම ඇඟේ සිසිල් බවටත් හරිම ගුණයි. කසකසා ඇට වලට හමේ තෙතමනයත් හොඳින්ම ආරක්ෂා වෙන බව මම අත්දැකීමෙන්ම දන්නවා.

ඊට අමතරව ඇඟේ හැඩය ලස්සනට තියාගන්න සතියට දින කිහිපයක් ජිම් යනවා. ෂූටින් නැති දවස්වලට සතියම වගේ ජිම් එකට යන අවස්ථාත් තියෙනවා. ජිම් එකට ගියොත් පැය 2 – 3 ක් අනිවාර්යයෙන්ම ව්‍යායාම කරනවා. ඒ වගේම කෑම පාලනයත් කරනවා. මම කොහොමත් බත් කන්නේ හරිම අඩුවෙන්. රෑට නම් බත් කන්නේම නෑ. ගොඩක් වෙලාවට මගේ කෑම වේලට තම්බපු එළවළු, මැල්ලුම් වර්ග සහ පලතුරු වැඩිපුර එකතු කරගන්නවා. පුරුද්දක් විදිහට රෑට ග්‍රීන් ටී එකක් බොනවා. ඒක ඇඟේ අනවශ්‍ය කැලරි පුච්චලා දාන්න ලොකු ප්‍රයෝජනයක්. ඊට අමතරව ඉඳහිට කොළකැඳ, සව්කැඳ වගේ පාන වර්ගත් හදලා බොනවා. ගස්ලබු ජූස් බොන්නත් මම ගොඩක් ආසයි.


කෑම බීම ගැනීමේදී ගොඩක්ම සැලකිලිමත්ද?

ඔව්. තෙල්, සීනි, පිටි කෑම ගන්නේම නෑ. ඒ වගේ කෑම නිසා අඩු වයසින් බෝවන රෝගවලට ලක්වීම වගේම හම රැළි වැටීම, වගේ දේවලුත් සිද්ධවෙනවා.



හම ලස්සන කරගන්න ගෙදරදීම කරන දේවල් මොනවාද?

සුමානයට දවසක් වගේ කඩල පිටියි, යෝගටුයි කලවම් කරලා මූණේ ගානවා. මෙම ස්වභාවික සත්කාරයෙන් හමේ මැරුණු සම ඉවත් වෙනවා වගේම සමට දීප්තිමත් පෙනුමකුත් ලැබෙනවා.



කොණ්ඩයට කරන ස්වභාවික සත්කාරයක්?

ඔලිව් තෙල් වලට විටමින් E කරලක් දාලා නිවාඩු දවසට ඔළුව මසාජ් කරලා නානවා.



හිරු එළියේ රූගත කිරීම් කරනකොට?

අව්වට හම පිච්චිලා කළු වෙන නිසා Sun Cream එකක් පාවිච්චි කරනවා.


හදවත ලස්සන කරගන්න මොනවාද කරන්නේ?

පුළුවන් හැමවෙලාවකම සතුටින් හිනා වෙලා ඉන්නවා. ඊට අමතරව කලාතුරකින් යෝග ව්‍යායාම වලත් නිරතවෙනවා.


විලාසිතා කිරීමේදී සැලකිලිමත්ද?

මෙහෙමයි ලිමිට් එකක් නෑ. අඳින්න ආස ඇඳුම් තැනට ගැලපෙන විදිහට අඳිනවා.



ඇඟට ලස්සනම පාට?

කහ පාට, නිල් පාට, රෝස පාට ඇඳුම් ඇන්ඳාම මගේ හමට ගොඩක් ලස්සනයි.



ඇඟට වඩාත්ම ගැළපෙන ඇඳුම?

ගවුමට ගොඩක් ලස්සනයි. ඒ වගේම ගවුම් අඳින්නත් මම ගොඩක් ආසයි.



කෙනෙක් මේ ලෝකයට ලස්සන වෙලා උපදින්නේ?

පෙර ආත්මයේ කුසල් නිසා වෙන්න ඇති කියලා හිතනවා.


ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව?

මම මේ ලෝකයේ දැකපු ලස්සනම කෙනා මගේ අම්මා.



මතුපිටින් ලස්සන හැමෝගේම හදවත ලස්සනද?

බොහෝ වෙලාවට නෑ. ගොඩක් ලස්සන කෙනෙක් ලඟින් ආශ්‍රය කරද්දී සමහර වෙලාවට හිතෙනවා මෙයාගේ හදවත ලස්සන නෑ කියලා. සමහරු එච්චර ලස්සන නැතිවුණත් ආශ්‍රය කරද්දී හිතෙනවා ඒ අයගේ හදවත කොච්චර ලස්සනද කියලා.



ලස්සන වෙන්න ගොඩක් සල්ලි ඕනෙද?

නැහැ. උපතින් ලැබුණු සුන්දරත්වය ආරක්ෂා කරගෙන පිළිවෙළට, පිරිසිදුව ඉන්න එක අපි හැමෝටම කරන්න පුළුවන් දෙයක්. හැම තිස්සේම අපි ලස්සනයි කියලා හිතන එකෙනුත් අපි ඉබේම ලස්සන වෙනවා. හදවතින්ම සතුටින් ඉන්න පුළුවන්නම් ඒත් අපි ලස්සන වෙනවා. ඒ නිසා ඉතිං පුළුවන් හැම වෙලාවෙම සතුටින් ඉන්න එක තමයි වැදගත්.



ලස්සන කියන්නේ ආඩම්බර විය යුතු දෙයක්ද?

නැහැ. ලස්සන නිසා පුංචි ආඩම්බරකමක් තිබුණාට කමක් නැහැ. ඒත් දක්ෂතාවය, හැකියාව කියන මේ හැමදේම තියෙනවා නම් අපිට ලැබෙන පිළිගැනීමට නම් කවදාවත් ආඩම්බර විය යුතු නැහැ.

අසුන්තා එදිරිසූරිය










COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: Aloka Dananjan-ලස්සන වෙලා උපදින්නෙ පෙර ආත්මයේ කුසල් නිසා-ආලෝකා ධනංජනි
Aloka Dananjan-ලස්සන වෙලා උපදින්නෙ පෙර ආත්මයේ කුසල් නිසා-ආලෝකා ධනංජනි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgPcn2ECmO5ScyjDDxrDem99oFIgFl5GL-HCMjCf3g1zVcgQ4JG4kRdoFhWoR_7HLh2lTeXVnMmgpm0rNVNNCUzRBkC9uQvdhin704GEU7GfihMWvRVwVWXvSsuBhKsH0gHtRMlasUnvKs/w426-h640/aloka-dananjani-5.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgPcn2ECmO5ScyjDDxrDem99oFIgFl5GL-HCMjCf3g1zVcgQ4JG4kRdoFhWoR_7HLh2lTeXVnMmgpm0rNVNNCUzRBkC9uQvdhin704GEU7GfihMWvRVwVWXvSsuBhKsH0gHtRMlasUnvKs/s72-w426-c-h640/aloka-dananjani-5.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2020/10/aloka-dananjan.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2020/10/aloka-dananjan.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy