HomegossipGallery

Pramudi Karunarathne-පුංචි පැංචි නැවතත් මව් පදවියට

ප්‍රමුදි කරුණාරත්න ඔබේ මතකයේ තවමත් රැඳී ඉන්නවාට සැක නැහැ. සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ සරෝජා චිත්‍රපටයෙන් වගේම පුංචි පැංචි වැඩසටහන නි...

Madhavee Wathsala-මනාළියක් ලෙස හැඩවුන මාධවී වත්සලා
oshadi himasha baby-ඕෂධී හිමාෂාගේ සිඟිති දියණියගේ ඡායාරූප පෙළ
ජැක්සන් ඇන්තනීගේ දියණිය මාධවී සහ මිලාන් නත්තලට හැඩවුණු හැටි



ප්‍රමුදි කරුණාරත්න ඔබේ මතකයේ තවමත් රැඳී ඉන්නවාට සැක නැහැ. සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ සරෝජා චිත්‍රපටයෙන් වගේම පුංචි පැංචි වැඩසටහන නිසා ඇය බොහෝදෙනෙක් ආදරය කළ පුංචි කලා ශිල්පිනියක් වුණා. දැන් ඇය ඒ හිටපු පුංචි පැංචි නෙවෙයි. දැන් ඇය මවක්. රංගනයෙන් අෑත්වෙලා හිටියත් පුංචි පැංචිගේ තොරතුරු දැනගන්න අපි ඇයට කතා කළා.

කොහොමද ප්‍රමුදි දුවත් එක්ක ගෙවෙන ජීවිතය?

සතුටින් ජීවිතය ගෙවනවා. දැන් මට අවුරුදු එකහමාරක දුවෙක් ඉන්නවා. අම්මා කෙනෙක් වීම කියන්නේ ජීවිතයේ වෙනස් අත්දැකීමක්. දුවගේ වැඩත් එක්ක තමයි ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නේ. එයාගේ වැඩ කරද්දී වෙලාව යනවා තේරෙන්නෙවත් නැහැ. දැන් එයාගේ හොඳම වයස. ලස්සනම කාලේ. හරි දඟයි දැන්. ඉතින් එයාගේ වැඩත් කරගෙන සතුටින් ජීවත් වෙනවා.

දුවගේ නම මොකක්ද?

දුවගේ නම සෞර්‍යා දෙනවක.

දුව ප්‍රමුදි වගේද? සැමියා වගේද?

දුව මම වගේ කියලත් එයාගේ තාත්තා වගේ කියලත් කියනවා. මට නම් එයාව තාත්තා වගේම තමයි පේන්නේ.

ප්‍රමුදිට සැමියාව මුණගැහුණේ කොහොමද?

මම ක්ෂේත්‍රයේ ඉදිද්දි දැනගෙන තමයි එයා මට මුණගැහුණේ.

ප්‍රමුදි රැකියාවක් කරනවද?
මගේ සැමියා සංචාරක ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරන්නේ. ඉතින් එයාගේ තැනම තමයි මම වැඩ කරන්නේ. දුව ලැබෙන්න කලිනුත් මම එයාට උදවු කරගෙන ඒ වැඩ කටයුතුවලට සම්බන්ධ වුණා. දුව ලැබුණට පස්සෙ මාස හයක් විතර වැඩ කළේ නැහැ. සැමියා එක්ක එයාගේ වැඩකටයුතුවලට සහාය වෙමින් ඉන්න එකට මම කැමැතියි. වෙන රැකියාවකට ගියොත් පවුලේ දේවල් මඟහැරෙන්න පුළුවන්. ඉතින් සැමියාගෙම වැඩ කටයුතුවලට සහාය දුන්නම හැමදේම සමබර කරගෙන යන්න පුළුවන්.

ප්‍රමුදි දැන් රංගනයෙන් අෑත්ම වෙලා නේද?

දැන් මම රංගන කටයුතුවලට සම්බන්ධ වෙන්නේ නැහැ. මගේ වැඩකටයුතු එක්ක රංගනයට වෙන් කරන්න කාලය අඩුයි.

ජනප්‍රියත්වය තිබියදි තමයි ප්‍රමුදි රංගනයෙන් අෑත්වෙලා ඉන්නේ?

මම රංගනයෙන් අයින් වෙලා, අවුරුදු පහක්, හයක් වෙනවා. මම හිතුවා රංගනයෙන් අෑත් වෙලා ඉද්දි ප්‍රේක්ෂකයන්ට මාව අමතක වෙලා ඇති කියලා. හැබැයි එහෙම වෙලා නැහැ. මට රංගනයට ආරාධනා ලැබුණා. ඒත් ආයෙත් රංගනයට එකතු වෙන්නේ නෑ කියලා හිතලා තියෙන්නේ. රංගනය පටන් ගත්තොත් ඒවට කාලය යොමු කරන්න අමාරුයි. දැන් දුවගේ වැඩත් තියෙනවානේ. මම පොඩි කාලේ ඉඳන් රංගන කටයුතු කළා. නිවේදන කටයුතු කළා. අවුරුදු 18ක් විතර වෙනකල් මම කලා කටයුතුවලට සම්බන්ධ වුණා. ඒ ඇති කියලා හිතෙනවා.

ප්‍රමුදි රංගනයට එන්නේ සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ 'සරෝජා' චිත්‍රපටයෙන්. ආයෙත් ඔවුන්ගේ නිර්මාණයකට කතා කළෙත් නැද්ද?

සෝමරත්න මාමා, රේණුකා නැන්දා එක්ක කතා කරනවා. මම ඔවුන්ගේ නිර්මාණයකින් ප්‍රේක්ෂකයන් අතරට ගියේ. අලුත් නිර්මාණයකට නම් හොඳ වෙලාවට කතා කළේ නැහැ. කතා කළා නම් මට බෑ කියන්නත් බෑනේ.

ප්‍රමුදි රංගනයෙන් අයින් වෙලා ඉන්නවට සැමියා කැමැතිද?


මම කලා කටයුතුවලට එකතු වෙනවට එයාගේ ලොකු කැමැත්තක් කොහොමත් නැහැ. එයා මට කියන්නේ 'ඔයා ක්ෂේත්‍රයේ හොඳ නමක් හදාගත්ත කෙනෙක්. ඒක නැති කරගන්න එපා' කියලා. තාමත් ඔයාව දකින අය ඔයා ගැන හොඳක් කතා කරන්නේ. ඒ නිසා ආයෙත් රංගනයට යන්න අවශ්‍ය නෑනේ කියලා තමයි එයා කියන්නේ. එයාගේ වැඩවලට උදවු වෙලා, එකමුතුව ඒ වැඩ කරගෙන ඉන්නවට එයා කැමැතියි. එතකොට බබාව, පවුලේ දේවල් මඟ හැරෙන්නෙත් නෑනේ.

ප්‍රමුදිව බොහෝදෙනෙක්ට මතක සරෝජා නිසාද? පුංචි පැංචි වැඩසටහන නිසාද?

පුංචි පැංචි එක්ක මාව බොහෝදෙනෙක්ට මතකයි. සරෝජා චිත්‍රපටය නිසත් බොහෝදෙනෙක් මට ආදරෙයි.

සරෝජා චිත්‍රපටය එක්ක මුණගැහුණ නිත්‍යා තාමත් ඔබේ මිතුරියක්ද?

ඔව්. අපිට නිතරම මුණගැහෙන්න වුණේ නැතත් අපි කතාබහ කරනවා. මම එයාගේ විවාහ උත්සවයටත් ගියා. විශේෂ අවස්ථාවල අපි මුණගැහෙනවා. ඒ යාළුකම් නැති වෙලා නැහැ.

ප්‍රමුදි ආයෙත් මවක් වෙන්න සූදානම්ලු නේද?

ඔව්. ආයෙත් මම මවක් වෙන්න ඉන්නේ.

ඊළඟට බලාපොරොත්තු වෙන්නේ පුතෙක්ද?


තවම දුවෙක්ද පුතෙක්ද ලැබෙන්න ඉන්නේ කියලා දන්නේ නැහැ. තව මාස තුනකින් විතර ඒක දැනගන්න පුළුවන්. දුවෙක් ඉන්න නිසා පුතෙක් ලැබුණොත් හොඳයි කියලා සමහරු කියන්නේ. දුවෙක් ලැබුණත් පුතෙක් ලැබුණත් ඉතින් සතුටින් භාරගන්නවා.




තිළිණි කෞශල්‍යා විජේසිංහ










Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: Pramudi Karunarathne-පුංචි පැංචි නැවතත් මව් පදවියට
Pramudi Karunarathne-පුංචි පැංචි නැවතත් මව් පදවියට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgfoLRUrSv7gO-Rxn7KGEHfxw8uZ_XOdkiojDNX7lgatoOvqh447tUJ-p803tOQjUMptM0RNrCO6d5U8-n2qNlV6XrLEcoYtJTyEY6klDJUs8_DJhn4QxsyqeSUD7ugrSzXnd_1vCdK86o/s640/100092894_865559080620774_1186233589292867426_n.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgfoLRUrSv7gO-Rxn7KGEHfxw8uZ_XOdkiojDNX7lgatoOvqh447tUJ-p803tOQjUMptM0RNrCO6d5U8-n2qNlV6XrLEcoYtJTyEY6klDJUs8_DJhn4QxsyqeSUD7ugrSzXnd_1vCdK86o/s72-c/100092894_865559080620774_1186233589292867426_n.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2020/06/pramudi-karunarathne.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2020/06/pramudi-karunarathne.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy