ජනප්‍රිය ටෙලි නාට්‍යය කිහිපයක් හරහාම ඔබ දුටු අමන්දා ජයරත්න වර්තමානයේ සිටින දක්ෂ යොවුන් රංගන ශිල්පිනියකි. මීට දින කිහිපයකට පෙර ඇයට සිය 2...
ජනප්‍රිය ටෙලි නාට්‍යය කිහිපයක් හරහාම ඔබ දුටු අමන්දා ජයරත්න වර්තමානයේ සිටින දක්ෂ යොවුන් රංගන ශිල්පිනියකි. මීට දින කිහිපයකට පෙර ඇයට සිය 21ක් වැනි විය සපිරුණා. ඒ වෙනුවෙන් ඇයට හිතවත් පිරිස අමන්දා වෙනුවෙන් පුදුම කිරිමේ උපන්දින සාදයක් සංවිධානය කර තිබුණ අතර, ඒ පිළිබඳව ඇය අපිට දැක්වූයේ මෙවැනි අදහසක්.
ඇත්තටම, මේ උපන්දින සාදය ගැන කිසිම දෙයක් ගැන මම දැනුම්වත්ව හිටියේ නැහැ. මගේ අම්මා හා මට හිතවත් අයියලා, අක්කලා කිහිප දෙනෙක් තමයි මේ ‘ස්ප්‍රයිස්’ පාටිය මට දුන්නේ. මම මගේ 21ක් වැනි උපන්දිනය ඉහළින්ම සමරන්න තමයි හිතාගෙන හිටියා. කලා ක්ෂේත්‍රයේ කිහිප දෙනෙකුටත් ඒ බව කිව්වා. නමුත්, හදිසියේම ‘කොවිඩ් 19’ වසංගතය රටපුරා ව්‍යාප්ත වීමත් නිසා ඒ අදහස මගේ හිතෙන් ඈත්වුණා. නමුත්, උපන්දින දවසේ මම උදෙන්ම පල්ලියට ගිහින් සුපුරුදු විදිහට දෙවියන් වහන්සේගෙන් ආශිර්වාද ගත්තා. ඊට පස්සේ හැම උපන්දිනයකදීම මම කරන විදිහට පුළුවන් විදිහට අසරණ අයට උදව් උපකාර කළා. ඒ සියලු දේවල් කරලා ගෙදර එනකොට තමයි මේ පුදුම කිරිමේ උපන්දිනය සංවිධානය කරලා තිබුණේ. ඇත්තටම මම බලාපොරොත්තු වුණෞ නැහැ ඒ වගේ ‘ස්පය්‍රිස්’ පාටි එකක්. ගොඩක් ස්තුතියි ඒ සියලු දේවල් සංවිධානය කරලා මාව පුදුම කළ හැමෝටම.
COMMENTS