වූහාන් - කොරෝනා ගැන අවුරුදු 40කට පෙර නවකතා පොතක

කොරෝනා වයිරසය මේ වන විට මුළු ලොවම භීතියෙන් මුසපත් කරවන්නට සමත්ව ඇතැයි කිවහොත් එය මුසාවක් නොවේ. ලොව කවර අතක, කවර පෙදෙසක ජීවත්වන්නවු...




කොරෝනා වයිරසය මේ වන විට මුළු ලොවම භීතියෙන් මුසපත් කරවන්නට සමත්ව ඇතැයි කිවහොත් එය මුසාවක් නොවේ. ලොව කවර අතක, කවර පෙදෙසක ජීවත්වන්නවුන් වුව අද දවස ගෙවන්නේ මහත් චකිතයකිනි. හිටි අඩියේ පසුගිය දෙසැම්බරයේ වූහාන් ප්‍රදේශයෙන් හිස එසවූ මේ වසංගතය ගැන කල්තබා දැනගත්තේ නම් එය පාලනය කර ගත හැකිව තිබුණේ යැයි පවසන පිරිසක් ද සිටිති.

ඒ කාරණය කෙසේ හෝ වේවා වූහාන් වසංගතය ගැන මීට වසර හතළිහකට පමණද කතාබහට ලක් වූයේ යැයි යමකු කියනු ඇසුවොත් ඊට ඔබේ ප්‍රතිචාරය කුමක් විය හැකිද? සැබවින්ම එය එසේ සිදුවී තිබේ. එහෙත් ඒ යම් අනාවැකියක නොව 1981දී Dean Koontz විසින් ලියන ලද නවකතාවකය. ත්‍රාස නවකතා ශානරයට වැටෙන The Eyes Darkness නම් වූ මෙහි වූහාන් 400 (Wuhan - 400) නමැති වයිරසයක් පිළිබඳව සඳහන් වෙයි. මේ නවකතාවට අනුව එය එක්තරා පර්යේෂණාගාරයක් තුළ නිර්මාණය වූවකි.

ඒ බව සඳහන් වන පිටුවේ පින්තූරයක් Darren of plymouth නමැති ට්විටර් ගිණුමක සඳහන්ව ලොව පුරා පැතිරෙන්නට පටන් ගෙන තිබිණි. බොහෝදෙනා දැන් විමසන්නේ කොරෝනා වයිරසයද මේ නවකතාවේ දැක්වෙන Wuhan - 400 වයිරසය මෙන්ම විද්‍යාගාරයකදී අත්හදා බලන ලද්දක් ද යන්නය. එහෙත් මේ වූ කලී නවකතාවක් මිස හුදෙක් විද්‍යාත්මක ලියැවිල්ලක් හෝ අනාවැකි කීමක් නොවන බැවින් එය එසේ වන්නට තිබෙන ඉඩකඩ ඉතා අඩුය.

එහෙත් එබඳු අනාවැකියක් ද පළවී තිබෙන බව අපට දැකගන්නට නොලැබෙන්නේ නොවේ. ඒ 2008 වසරේ ලියැවුණු End Of Days කෘතියෙහි ය. 

End of Days.... Predictions and prophecies About the End of the world නමැති මෙහි කතුවරිය වන්නේ සිල්වියා බ්‍රවුන්ය. ලෝකයේ පුරා කොරෝනා වයිරසයක් පැතිර යන බව මීට වසර ‍ෙදාළහකට පෙර ලියවුණු මේ කෘතියෙහි සඳහන් වන බවක් පැවසෙයි. තවමත් සත්‍යයක්ද අසත්‍යයක් දැයි නිශ්චිතව ඔප්පු වී නැති End of the Days කෘතියෙහි පිටුවක් යැයි කියැවෙන ඡායාරූපයක් අන්තර්ජාලයෙහි සංසරණය වෙමින් පවතිනු දක්නට පිළිවන.

“IN around 2020 a Severe Pneumonia - like illness will Spread througont the globle attacking the lungs and bronchial tubes resisting all known treatments” යනුවෙන් එහි සඳහන්ය. ස්වාසන නාළය හා පෙණහලු ආසාදනය කරමින් වැලඳෙන නියුමෝනියා ආකාරයේ රෝග තත්ත්වයක් 2020 වසර ආසන්නයේදී ලොව පුරා පැතිර යන බවත් එයට නිසි ප්‍රතිකාරයක් සොයාගන්නට නොහැකි වනු ඇති බවත් එකී අනාවැකියේ සඳහන් වෙයි.

සැබැවින්ම මේ අනාවැකිය පළවී ඇත්තේ Covid - 19 පිළිබඳවමද? එහි සඳහන් රෝග ලක්ෂණද බැරෑරුම් බවද පැතිරී යෑමද ගැන සලකා බලන කල අපට පෙනෙන්නේ ඒ නම් ටක්කෙටම සිදුවී ඇති අනුමානයක් බවය. මෙය ද ට්විටර් ඇතුළු බොහෝ සමාජ මාධ්‍ය හරහා ලොව කැලඹෙමින් පැතිර යන අතර තවමත් මෙය බොරුවකැයි ඔප්පු කරන්නට කිසිවකු ඉදිරිපත්ව ඇති බවක් නොපෙනේ.

පාලිත ජයකොඩි

COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: වූහාන් - කොරෝනා ගැන අවුරුදු 40කට පෙර නවකතා පොතක
වූහාන් - කොරෝනා ගැන අවුරුදු 40කට පෙර නවකතා පොතක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgiaRX9nOFdDfuPu6PKj8b4liY9KkUMqDzKy9z8Ms5hbt0EyGRB2X_FiXg5HtnqCZ4eWA0SbOWl0y5BxNwN3RBpPw8X7Fh3KtLa-Ad9Kaoc4rc4SOSGNZYstVFAcYPxdEBHTZ70yOllI-w/s640/5e63089aa6c00_5e625924969f8_ccc-03-03-2020-1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgiaRX9nOFdDfuPu6PKj8b4liY9KkUMqDzKy9z8Ms5hbt0EyGRB2X_FiXg5HtnqCZ4eWA0SbOWl0y5BxNwN3RBpPw8X7Fh3KtLa-Ad9Kaoc4rc4SOSGNZYstVFAcYPxdEBHTZ70yOllI-w/s72-c/5e63089aa6c00_5e625924969f8_ccc-03-03-2020-1.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2020/03/40.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2020/03/40.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy