අයෝමය සිරුරකට හිමිකම් කියන යකඩ ගැහැණිය හෙළි කළ අමිහිරි මතකය

ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර වැසියන්ට කිරන් ඩෙම්බ්ලා අමුත්තියක නොවෙයි. ඇය සුපිරි චරිතයකි. හයිද්‍රාබාද් නුවර සිටින අංක එකේ ‘ෆිට්නස් ග...



ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර වැසියන්ට කිරන් ඩෙම්බ්ලා අමුත්තියක නොවෙයි. ඇය සුපිරි චරිතයකි.
හයිද්‍රාබාද් නුවර සිටින අංක එකේ ‘ෆිට්නස් ගුරු’ එසේත් නැත්නම් ශරීර සුවතා උපදේශකවරිය ඇයයි. තෙළිඟු සුපිරි සිනමා තරු සිරුරු හැඩ කර ගැනීමටත්, නීරෝගීව සිටීමටත් උපදෙස් ගන්නේ ඩෙම්බ්ලාගෙනි. ඩෙම්බ්ලා කායවර්ධන ශිල්පිනියකි.
හැවිරිදි ඇය මස් පිඩුවලින් පිරි අයෝමය සිරුරකට හිමිකම් කියන්නීය. ඩෙම්බ්ලාගේ උපන් දිනය යෙදී ඇත්තේ සැප්තැම්බර් 7 වැනිදාටය. පසුගිය වසරේ සැප්තැම්බර් 7 වැනිදා ඇය උපන් දිනය නිමිත්තෙන් ඡායාරූප පෙළකට පෙනී සිටියේ, ඇගේ ශක්තිමත් සිරුර සහ උදරයේ ‘සික්ස් පැක්ස්’ මස්පිඬු ප්‍රදර්ශනය කරමිනි.
කිරන් ඩෙම්බ්ලා සුපිරි චරිතයක් බවට පත් වූයේ ජීවිතය ජය ගනිමිනි. මීට අවුරුදු 10 කට පෙර, කිරන් ඩෙම්බ්ලා තවත් එක් ඉන්දීය කාන්තාවක පමණි. විවාහක කාන්තාවක වූ ඇයට දරු දෙදෙනකි. සාමාන්‍ය පවුලක් වුවත් ඩෙම්බ්ලා සහ ඇගේ සැමියාට මුදල්වලින් අඩුවක් තිබුණේ ද නැත. ඩෙම්බ්ලා ගායිකාවක ලෙස පුහුණුව ලැබූ තැනැත්තියකි. ඒත් හයිද්‍රාබාද් නුවර බොහෝ කාන්තාවන් සේම, ඩෙම්බ්ලා ද නිවසට කොටුවුණු ගැහැනියක වූවාය. එය ඇයට මානසික සහ කායික පීඩනයක් ගෙන දෙන්නක් විය.
එම පීඩන ඇයට දරාගත නොහැකි විය. 2006 වසරේ දිනක ඇය සිහිසුන්ව ඇද වැටුණාය. කඩිනමින් රෝහල් ගත කළ හෙයින් ඇගේ ජීවිතය බේරුණි.
ඇගේ මොළයේ ලේ කැටියක් සිරවී තිබුණි. වෛද්‍යවරුන් ඇයට ප්‍රතිකාර කිරීමෙන් පසු දිවි ඇති තෙක් ඇයට ඖෂධ නියම විය.
දරුවන් වෙනුවෙන් කැප වෙමින්, ඔවුන්ගේ අධ්‍යාපනික කටයුතුවල නියැළුණු ඩෙම්බ්ලා එකම ජීවිතයකට හුරු වී කොටු වී සිටි තැනැත්තියක වූවාය. රෝගී වූ ඇය ඇගේ ජීවිතයට අලුත් ආරම්භයක් එක් කිරීමට කල්පනා කළාය. ඒ අනුව, ගායිකාවක ලෙස ඉදිරියට යෑමට ගත් උත්සාහය අසාර්ථක විය. ‘උදෙන් ම ගිහින් ව්‍යායාම කළොත් නරකද?’ යන සිතුවිල්ල ඇයට කල්පනා වූයේ ඒ අනුවය.
ආතතිය සිරුරට හොඳ නැහැ. මා වසර ගණනක් ආතතියෙන් පෙළුණා. මා රෝගී වුණේ ඒ නිසායි. මා කායිකවත් මානසිකවත් වැටුණු තැනැත්තියක්. මා මගේ ජීවන රටාව වෙනස් කර ගන්න තීරණය කළා. උදෙන් ම අවදිවෙලා දරුවන් අවදි වෙන්න කලින් මා ‘ජිම්’ යන්න පටන් ගත්තා. සැමියාගේ කැමැත්ත තිබුණේ නැහැ. ඒත් ඔහු විරෝධයක් දැක්වූයේත් නැහැ’යැයි ඩෙම්බ්ලා ඇගේ අත්දැකීම් විස්තර කරන්නීය.
ඩෙම්බ්ලා සෑම දිනක ම උදෑසන පහට අවදි වූවාය. නගරයේ ඇගේ නිවසට නුදුරින් වූ ශරීර සුවතා මධ්‍යස්ථානයට ගොස් ව්‍යායාම කරන ඇය, ඉර නැගෙන්න පෙර නිවසට පැමිණෙන්නීය. ඒ, පොඩිත්තන්ට කවා පොවා ඔවුන් පාසල් යැවීමට සූදානම් කිරීමටය.
නිවසින් බැහැරව, මම මා වෙනුවෙන් කාලය වෙන් කළා. මට නිදහසක් දැනෙන්න ගත්තා. ඒක කායික වශයෙන් සහ මානසික වශයෙන් සහනයක් වුණා. ව්‍යායාම කරන්න මා සෙමින් සෙමින් පුරුදු වුණා. අන්තිමේදී මම ඒකට ඇබ්බැහි වුණා. මා ‘ජිම්’ යන්න තීරණය කළේ සිරුර හැඩ කරගන්න නොවෙයි. ජීවිතයට වෙනසක් එක් කරගන්නයි. ඒත් ඒක ඇබ්බැහි වීමක්. ව්‍යායාම නොකර ඉන්න මට බැරිවුණා. කල් ගත වෙද්දී, කන්නාඩිය ඉදිරියේ සිට ගත් විට මේ මමදැයි මා මගෙන් ම විමසන්න වුණා. මගේ ආත්ම විශ්වාසය ඒ සමඟ වැඩි වෙන්න පටන් ගත්තා ඩෙම්බ්ලා කියයි.
‘මා වගේ ජීවිතයේ යදම්වලට සිරවුණු කාන්තාවන් වෙනුවෙන් යමක් කළ යුතුයි කල්පනා කළ නිසා මා එවැනි අය වෙනුවෙන් ශරීර සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කළා. මගේ කතාව දැනගත් බොහෝ දෙනකු ව්‍යායාම සඳහා නිරෝගී දිවියක් සඳහාත් මගෙන් උපදෙස් ලබා ගන්න පටන් ගත්තා. දන්නෙම නැතුව මා ජනප්‍රිය චරිතයක් වුණා’මානසික සුවය වෙනුවෙන් කායික පෙරැළියකට ලක් වුණු ශක්තිවන්තිය තෙළිගු සිනමා කර්මාන්තයේ බොහෝ දෙනකුගේ ද අවධානයට ලක් වූවාය. මේ වන විට ඩෙම්ලාගේ සේවාදායකයන් බවට පත් වුණු සුපිරි නළු නිළියෝ බොහොමයකි. රාම් චරාම්, උපසානා, තමන්නාහ්, ‘බාහුබලී’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ එස්.එස්. රාජමෝලී, ‘බාහුබලී’ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ලෙස ජනප්‍රිය වූ සුභාස්, අනුෂ්කා ෂෙට්ටි, ප්‍රකාෂ් රාජ් සහ සූර්යා ඒ අතර සිටින කිහිප දෙනෙකි.
‘ඒ කාලයේ, ඒ කියන්නේ 2007 සහ 2008 කාලයේ මා ශරීර සුවතා පුහුණුකාරියක විදියට කරළියට ආ අවස්ථාවේ, එය මහා අපරාධයක් ලෙස බොහෝ දෙනා මට දොස් කීවා. මගේ සැමියා පවා ඒ අතර සිටියා. පුරුෂාධිපත්‍යය රජකරන සමාජයක කාන්තා ශරීර සුවතා පුහුණුකාරියකට තැනක් තිබුණේ නැහැ. එදා බොහෝ දෙනා මට කීවේ කන්තා ශරීර සුවතා පුහුණුකරුවන්ගෙන් වැඩක් නැහැ. එයාලට කරන්න පුළුවන් දෙයක් නැහැ කියලයි. ඒත් මට පැහැදිලි දැක්මක් තිබුණා. ආපසු හැරෙන්න මගේ අදහසක් තිබුණේ නැහැ.’
අවුරුදු 37 දී, ඩෙම්බ්ලා තවත් අලුත් අභියෝගයකට අත ගැසුවාය. ඇය කාය වර්ධන ශිල්පිනියක ලෙස ඉදිරියට පියවර තැබුවාය. 2013 දී, ඩෙම්බ්ලා කායවර්ධන තරගාවලි කිහිපයකට ඉදිරිපත් වී ජයග්‍රහණ හිමි කරගෙන තිබුණි. ඇගේ ඉලක්කය වූයේ 2013 වසරේ පැවැත්වුණු ලෝක කායවර්ධන ශූරතා තරගාවලියයි. ඒත් ඇයට බාධාවක් මතු විය. ‘මගේ සැමියා සහ නැන්දම්මා තදින් ම ඊට විරුද්ධ වුණා. ඔවුන් විරුද්ධ වන්න හේතුව කාය වර්ධන ශිල්පිනියක ලෙස මට බිකිනියක් ඇඳීමට සිදුවීම සම්බන්ධයෙනුයි. ලෝක කායවර්ධන ශූරතා තරගාවලියට යන්න එපා මගේ සැමියා මට කීවා. මම මුරණ්ඩුයි. කවුරු විරුද්ධ වුණත්, තරගාවලියට ඉදිරිපත් වෙනවා මම කීවා. එදා තමයි මම මගේ සැමියාට එරෙහි ව සැරෙන් වචනයක් පිට කළේ. මම මේ වැඬේ කොහොම හරි කරන්න ඕනෑ කීවා. ඒ අනුව, බුඩාපෙස්ට් නුවර පැවැත්වුණු ලෝක කායවර්ධන ශූරතා තරගාවලියට ඩෙම්බ්ලා ඉදිරිපත් වූවාය. ඇයට හිමි වූයේ සය වැනි ස්ථානයයි.

‘බෲට් ඉන්දියා’ ඇසුරිනි






COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: අයෝමය සිරුරකට හිමිකම් කියන යකඩ ගැහැණිය හෙළි කළ අමිහිරි මතකය
අයෝමය සිරුරකට හිමිකම් කියන යකඩ ගැහැණිය හෙළි කළ අමිහිරි මතකය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgKquhFnehQrEYzAlw_TtcLBNdsL6KF8CX-G0YpMfYLMdNbA9F4-oqmUnMEi7qr-tlMZjWiFut2PBDdkyQHC11CLTMFtLHTz8q-a2iIeNmuoQwUne6H4FOUuWv7MLIKHjEYjhBzIQrZiSs/s640/kk.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgKquhFnehQrEYzAlw_TtcLBNdsL6KF8CX-G0YpMfYLMdNbA9F4-oqmUnMEi7qr-tlMZjWiFut2PBDdkyQHC11CLTMFtLHTz8q-a2iIeNmuoQwUne6H4FOUuWv7MLIKHjEYjhBzIQrZiSs/s72-c/kk.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2020/02/blog-post_24.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2020/02/blog-post_24.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy