පහුගිය දවස්වල අන්තර්ජාලයේ පැතිරුණ වීඩියෝ එකක් නිසා ජනප්‍රිය රංගන ශිල්පිනී වොල්ගා කල්පනීට ටිකක් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වුනා. මේක ...
පහුගිය දවස්වල අන්තර්ජාලයේ පැතිරුණ වීඩියෝ එකක් නිසා ජනප්‍රිය රංගන ශිල්පිනී වොල්ගා කල්පනීට ටිකක් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වුනා. මේක වොල්ගා තමන්ගේ පෙම්වතා වුන ගායන ශිල්පී බිනොෂ් පීරිස් එක්ක තිබුන වීඩියෝ එකක්. කොහොම වුනත් සමාජ මාධ්‍ය ඇතුලේ මේ ගැන ලොකු කතා බහක් ඇති වුනා. වොල්ගගේ පෙම්වතා බිනොෂ් නම් කියන්නේ මේක ඔහු ඉතා මෑතකදී එළිදක්වපු ගීතය වෙනුවෙන් ගත්ත රූපරාමු කිහිපයක් කියලා. "අවලංගු කාසියක්" කියන ඒ ගීතයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙත් වොල්ගාමයි.
කොහොමහරි ඒ දර්ශන ගීතයට තරමක් නොගැලපෙනවා කියලා හිතුන නිසා ගීතයට එකතු කරගත්තේ නෑ වගේම ඒ වීඩියෝ දර්ශන තිබුනේ ඔහුත් වොල්ගත් හැරුණම තවත් එක්කෙනෙක් ළඟ විතරයි කියලා තමයි බිනොෂ් කියන්නේ. නමුත් ඔවුන් තිදෙනා අතින් කිසි විටකත් මේ දර්ශන එලියට ආවේ නෑ කියලා ඔහු කියනවා. වෙච්ච දේ ගැන ගොඩක් කණගාටුවට පත්වෙනවා වගේම මේ නිසා වොල්ගා පත්වුණ අපහසුතාවය ගැන ලොකු දුකක් තියනවා කියලත් තමයි ඔහු කියන්නේ.
ඒ වගේම මේ වීඩියෝ එක එලියට එන්න ඇත්තේ තමන්ගේ හරි වොල්ගාගේ හරි ෆේස්බුක් ගිණුමක් හැක කිරීමෙන් බව තමයි බෝනොෂ් කියන්නේ.


COMMENTS