රන්ජන් රාමනායක මන්ත්‍රිවරයාගේ පටිගත කළ හඬපට හේතුවෙන් අගතියට සහ පීඩාවට පත් කලා ක්ෂේත්‍රයේ තරුණ රංගන ශිල්පිනියක නිදි පෙති පානය කර සිය...
රන්ජන් රාමනායක මන්ත්‍රිවරයාගේ පටිගත කළ හඬපට හේතුවෙන් අගතියට සහ පීඩාවට පත් කලා ක්ෂේත්‍රයේ තරුණ රංගන ශිල්පිනියක නිදි පෙති පානය කර සියදිවි නසා ගැනීමේ උත්සාහයක නිරත වූ පුවතක් පෙරේදා (13දා) රාත්‍රියේ දැනගන්නට ලැබුණු බව “පිවිතුරු හෙළ උරුමයේ” නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා පවසයි.
මෙම හඬපට ඔස්සේ හෙළිදරව් වන කරුණුවලින් දේශපාලකයන් අගතියට පත්වන විට ඔවුන් ඉවසා සිටින නමුත් සංවේදී හදවත් ඇති කලාකරුවන්ට එය දරාගැනීමට නොහැකි බවත්, රන්ජන් රාමනායකගේ මෙම ක්‍රියාකලාපය හේතුවෙන් කලාකරුවන් යම් ආකාරයකින් සියදිවි හානි කරගතහොත් රන්ජන් රාමනායක එම අවාසනාවන්ත සිදුවීම්වල වගකීම භාරගන්නවාදැයි ඔහු ප්‍රශ්න කළේය. පිටකෝට්ට, ‘පිවිතුරු හෙළ උරුමය’ පක්ෂ මූලස්ථානයේ ඊයේ (14දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මධුමාධව අරවින්ද මහතා මේ බව පැවැසීය.
COMMENTS