Purnika Peiris-මගේ අදහස නම් විවාහ විය යුතුයි – දික්කසාද නොවිය යුතුයි

“පීරිස්” යනු කලා ලොවේ ජනප්‍රිය චරිතය. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ, ඔවුන් ඔවුන්ගේ අනන්‍යතාව ගොඩනඟා ගෙන ඇත. ප්‍රවීණ මාධ්‍යවේදි ජයන්ත පීරිස් මහතාග...




“පීරිස්” යනු කලා ලොවේ ජනප්‍රිය චරිතය. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ, ඔවුන් ඔවුන්ගේ අනන්‍යතාව ගොඩනඟා ගෙන ඇත. ප්‍රවීණ මාධ්‍යවේදි ජයන්ත පීරිස් මහතාගේ අඩිපාරේ ගොස් රටේ ජනප්‍රියම නිවේදිකාවක බවට පත් වූ “පූර්ණිකා පීරිස්” ඇගේ අලුත්ම ඉදිරිපත් කිරීම “ඇය” ගැන කතා කළේ

මේ විදිහටයි.

“ඇය” ත් එක්ක ගෙවෙන ජීවිතය කොහොමද?

අලුත් තේමාවක් මෙන්ම අලුත්ම අත්දැකීමක්. විවිධ මාතෘකා ඔස්සේ සමාජයේ ගැටෙන චරිත සහ ඔවුන්ගේ අත්දැකීම් අළලා කෙරෙන වැඩසටහනක්.

මේ මඟින් කාන්තාවගේ අත්දැකීම් හා සමාජයේ චරිත ගැන කතා කිරීම නිසා තවත් පාර්ශ්වයකගේ විරුද්ධත්වය එල්ල වීමට පුළුවනි.

විශේෂයෙන් ම කාන්තාව විවෘතව කතා කිරීමට මැළි වෙනවා. ඊට හේතුව, කාන්තාව කියන්නේ සියලුම හිංසා, අපහාස දරාගෙන දරුවන් හැදීම, කුස්සියටම මුලු ගැන්වීම යන රාමුව තුළ කොටුවීමයි. සමාජය තුළ කාන්තාවට හිමි වෙලා තියෙන්නේ එවැනි තත්ත්වයක්. ඒත් සමාජයක් විදියට, කාන්තාව සහ පිරිමියාගේ සැඟවිච්ච අත්දැකීම්, එළියට ගත යුතුමයි. ඊට එහා ගිය රිදවීම් විඳවීම් තුළින් කොහොමද කාන්තාව තමන් තමන්වම සොයා ගන්නේ කියන ප්‍රවේශය තමයි “ඇය” හරහා අපි දෙන්න හදන්නේ. මෙය එක්තරා විදියක අභියෝගයක්.

“ඇය” ට ආරාධිත අමුත්තන් තෝරා ගැනීමේදි යම්කිසි පිළිවෙතක් තියෙනවද?

ඔව්, සමාජයේ ප්‍රසිද්ධ චරිත, විද්වතුන් මෙන්ම වෛද්‍යවරුන් අවශ්‍ය තැන්වලදි සම්බන්ධ කරගන්නවා. විශේෂයෙන්ම කලාකරුවන් හරහා මෙන්ම ඉතාම ජනප්‍රිය චරිත හරහා ඔවුන්ගේ ජීවිතයේ කඩාවැටීම් ඒ තුළින් තමන්ගේ ජීවිතය සාර්ථක කරගත්තේ කොහොමද, කියන දේ විවෘතව කතා කරන්න පුළුවන් චරිතවලට විශේෂත්වයක් දක්වනවා.

“ඇය” හරහා සමාජයට මොන වගේ දෙයක්ද දෙන්න හදන්නේ?

ලංකාවේ කාන්තාවකට තියෙන තැන මොකක්ද? තියෙන ගරුත්වය මොකක්ද, කියන කරුණු කාරණා මුල් කරගෙන තමයි. අවසා‍නයේ අපි “ඇය” හරහා මේ දෙය අහනවා. විශේෂයෙන් දික්කසාදය වගේ දෙයක් ගත්තොත්, හොඳ නරක දෙකම කතා කෙරෙනවා. ළමා හිංසනය වගේ දෙයක් ගත්තොත් ඊට විරුද්ධව සියලුම දෙනාම එක පාර්ශ්වයක සිටිනවා. මේ වගේ විවිධ මාතෘකා හරහා මේ වැඩසටහනක් කිරීම තුළින් සමාජය යම්කිසි දුරකට නිවැරැදි කිරීමක් කරන්නට උත්සහ කිරීම තමයි “ඇය” වැඩසටහනේ අරමුණ.

විවාහය – දික්කසාදය “Living together’ කියන දේ ගැන පූර්ණිකා මොන වගේ අදහසක්ද දරන්නේ?

මගේ අදහස නම් “විවාහ විය යුතුයි – දික්කසාද නොවිය යුතුයි.” නමුත් ලංකාවේ මතයක් තියෙනවා කාන්තාව සියලුම විඳ දරා ගැනීම් එක්ක ජීවිතය ගෙන යා යුතුයි කියලා. කාන්තාව විවාහය තුළ විශ්වාසය, ආදරය, රැකවරණය, ගරුත්වය විශාල ලෙස බලාපොරොත්තු වෙනවා. ඒවා කොතනකදි හරි බිඳ වැටුණොත් විඳවීම් එක්ක දික්කසාදය තෝරා ගන්නවා. නොගැළපීම්, නොලැබීම් මත මගේ තීරණය නම් අයින් වීම. මෙතනදි දරුවන් මේ විඳවීම තුළ මානසිකව පීඩා විඳිනවා. එය මට පෞද්ගලිකව දැනුණු දෙයක්.

“Living together” කියන දෙය බටහිර රටවලින් ආ දෙයක්. ඒ එකිනෙකාගේ කැමැත්ත හා ජීවන රටාව. නමුත්, අපිට මනුස්සයාව තේරුම් ගැනීම ඉතාම අපහසු කාර්යයක්. පිටින් පෙනෙන දෙය අභ්‍යන්තරයේ නැහැ. හොඳයි කියන අයත් නරක් වෙනවා. නරකයි කියන අය ළඟත් හොඳ දේ තියෙනවා.

“Peshala with Live in Concert” නිසා “පූර්ණිකා – පේෂල” යුගලය ගැන ආයෙත් කතා වෙනවා. එහි සත්‍ය අසත්‍යතාවය කුමක්ද?

සත්‍යතාවයක් නැතිවම නොවෙයි. ඒ ගැන ඉදිරියේදි කියන්නම්.

ඔබගේ ආදරණීය පියා ජයන්ත පීරිස් මහතා මව නිර්මලා පීරිස් මහත්මිය. කලාවට සමාජයට විශාල මෙහෙවරක් කළ අය. ඔවුන් දරුවන්ගේ ප්‍රශ්නවලදි කොයි ආකාරයටද මුහුණ දුන්නේ?

මගේ ජීවිතයේ සෑම අවස්ථාවකදීම, මගේ ආදරණීය අම්මයි – තාත්තයි හිටියා. එකවෙලාවකට මට හරිම පුදුම හිතෙනවා, ඔවුන්ගේ දරා ගැනීමේ ශක්තිය ගැන. මම හිතන්නෑ මට පුළුවන් වෙයි කියලා එච්චරම දරා ගන්න. මම එයාලට හැමදාම ණය ගැතියි. නිවැරැදි තීරණ ගැනීම ශක්තියක් වුණේ ඔවුන් දෙදෙනා. අද මම මෙතැන ඉන්නේ, ඔවුන්ගේ ශක්තිය ආශිර්වාදය නිසයි.

‘ආදිත්‍ය’ පුතා අනාගතයේදි කලාවට යොමු වෙයිද?

පුතාට අවුරුදු 6 1/2 ක් වෙනවා. එයා අධ්‍යාපනයට ලොකු නැඹුරුවක් තියෙනවා. මගේ බල කිරීමක් නැහැ කලාවට යොමු කරන්න. එයා කැමති පැත්තක් තෝරා ගනියි කියලා මම විශ්වාස කරනවා.

2020 දි පූර්ණිකාගේ ජීවිතයේ වෙනසක් සිදු වේවිද?

ගොඩක් වෙලාවට මේ වසරෙදි මගේ ජීවිතයේ වෙනසක් සිදුවේවි.

සිළුමිණ.

COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: Purnika Peiris-මගේ අදහස නම් විවාහ විය යුතුයි – දික්කසාද නොවිය යුතුයි
Purnika Peiris-මගේ අදහස නම් විවාහ විය යුතුයි – දික්කසාද නොවිය යුතුයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh8cdMd6MKY9rPMR79fIPcGhRKi2fi9BHZkJkyLeKJIWTUpWrEw8Ikuv9t5xDhpFxAEnS69NV20XVE278nwqajUGXX5VOoHkMlh03oEwv41ZG13peBT7QHbfBmv-sTCQkgSyuvxPTlVcjE/s640/13895060_1097193880370281_1675542129020632133_n.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh8cdMd6MKY9rPMR79fIPcGhRKi2fi9BHZkJkyLeKJIWTUpWrEw8Ikuv9t5xDhpFxAEnS69NV20XVE278nwqajUGXX5VOoHkMlh03oEwv41ZG13peBT7QHbfBmv-sTCQkgSyuvxPTlVcjE/s72-c/13895060_1097193880370281_1675542129020632133_n.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2020/01/purnika-peiris.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2020/01/purnika-peiris.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy