ක්‍රිකට් ලෝකයේ විවිධ තරුවල විධ කතා නිතර නිතර අපිට අහන්න දකින්න ලැබෙනවා. මේ අතරින් පසුගියදා තම ක්‍රිකට් දිවියෙන් සමුගත් ඉර්ෆාන් පතාන් ...
ක්‍රිකට් ලෝකයේ විවිධ තරුවල විධ කතා නිතර නිතර අපිට අහන්න දකින්න ලැබෙනවා. මේ අතරින් පසුගියදා තම ක්‍රිකට් දිවියෙන් සමුගත් ඉර්ෆාන් පතාන් හා ලංකාවේ නායක කුමාර් සංගක්ක්කාර අතර සිදු වූ අපුරු සිදුවීමක් ගැන අනාවරණය වුණා.
2005 වසරේ ඉන්දියාවේ නවදිල්ලිහී දී පැවැති ටෙස්ට් තරගයක දී ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සහ තමා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු ව තිබෙනවා.
තමන් පන්දුවට පහරදෙමින් සිටියදී කඩුලු රකින කුමාර් සංගක්කාර විසින් ඉර්ෆාන් පතාන්ට පෞද්ගලික යමක් පවසමින් අපහාස කිරීමට තැත් කර ඇති බව තිබෙනවා.
ඒ සිදුවීම ගැන පතාන් එරට මාධ්‍යයකට මේ විදිහට සඳහන් කරලා තිබුණා.
“සංගක්කර මට ගොඩක් නපුරු දෙයක් කියන්න හැදුවා. ඔහු පෞද්ගලික යමක් කීවෙ. මමත් ඔහුට පසුව පෞද්ගලික දෙයක් කීවා. මම ඔහුගේ බිරිද ගැන යමක් කීවෙ.ඔහු කීවා මගේ මව සහ පියා ගැන යමක්. එම කාලයේ දී අපි දෙදෙනා අතර එතරම් හොද සබදතාවයක් තිබුණේ නැහැ.
COMMENTS