පේෂල- පූර්ණිකා යුවළ කාලයක් ලංකාවේ ප්‍රේක්ෂකයන් අතර ලොකු කතාබහක් මවපු තරු යුගලක්. පුර්ණිකා තමන්ගේ අසාර්ථක වුන විවාහ ජිවිතයට සමු ...
පේෂල- පූර්ණිකා යුවළ කාලයක් ලංකාවේ ප්‍රේක්ෂකයන් අතර ලොකු කතාබහක් මවපු තරු යුගලක්. පුර්ණිකා තමන්ගේ අසාර්ථක වුන විවාහ ජිවිතයට සමු දෙන්න ගත්ත තීරණය පේෂල නිසා වුන එකක් කියලා ගොඩක් අය ඒ කාලේ එක එක විදිහේ කතා කිව්වා. කාලයක් යනකම් ඒ ගැන කිසිම අදහසක් දක්වන්න දෙදෙනාම පෙළඹුනේ නැති වුනත් පහුගිය දවසක පේෂල, පූර්ණිකා වෙනුවෙන් සංවිධානය කරලා තිබුන පුංචි උත්සවයකින් මේ ආදරය ගැන පොඩි ඉඟියක් ලැබුනා.
ඒ හැම කතාවකටම උත්තරයක් දෙමින් ඔන්න අද පේෂලත් පූර්ණිකත් වීවාහ වෙලා තියනවා. කවුරුත් හිතුවෙවත් නැති වෙලාවක මේ දෙන්නා හොර රහසේම විවාහ වුනා කියල තමයි සමහර අය නම් කියන්නේ. හැමෝගෙම ආශිර්වාදයත් එක්ක බොහොම චාම් විදිහට තමයි මේ විවාහය සිද්ධ වෙලා තිබුනේ. ක්ෂේත්‍රයේ ඔවුන්ගේ හිත මිතුරන් පිරිසකුත් මේ වැඩේට සහභාගී වෙලා තිබුනා. ඉතින් ඔන්න මෙච්චර දවසක් ප්‍රසිද්ධ රහසක් වෙලා තිබුන මේ පේෂල- පූර්නිකා ආදර කතාව තවදුරටත් රහසක් නෙමෙයි. එහෙනම් ඉතින් මේ පටන්ගත්ත අලුත් ජිවිතයට අපිත් ඔවුන්ට සුබ පැතුම් එක්කරන්න මේක අවස්ථාවක් කරගන්නවා.
COMMENTS