ලොව උසම ස්ථානයේ සිට පැවැත්වූ විලාසිතා දැක්ම ලෙස ගිනස් වාර්තා තැබීමට ඊයේ (28දා) නේපාලය සමත්ව තිබෙනවා. ‘The Mount Everest Fashion Runway නමින...
ලොව උසම ස්ථානයේ සිට පැවැත්වූ විලාසිතා දැක්ම ලෙස ගිනස් වාර්තා තැබීමට ඊයේ (28දා) නේපාලය සමත්ව තිබෙනවා. ‘The Mount Everest Fashion Runway නමින් සංවිධානය කර තිබුණු මෙම විලාසිතා දැක්ම එවරස්ට් කදුවැටියේ මීටර 5291ක් උසින් යුතු ස්ථානයක ඉදිවූ වේදිකාවක් මතදී තමයි පවත්වා තිබුනේ. එම ගීනස් වාර්තාව තැබීම වෙනුවෙන් ලංකාවේ රූ රැජිනියක් වුනු ඔනෙලා ගුණසේකර දායක වී තිබීමත් ලොකු විශේෂත්වයක්. නේපාලය, ෆින්ලන්තය, ඉතාලිය, ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව ඇතුළු ලෝකයේ විවිධ රටවලින් පැමිණි නිරූපණ ශිල්පිනියන් මේ අවස්ථාව එක්ක අත්වැල් බැඳගෙන තියනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.
මේ තියෙන්නේ ඒ විලාසිතා දැක්මේ බොහොම අපූරූ ඡායාරූප කිහිපයක්. බලන්නකෝ මොන තරම් සුන්දරද කියලා.....
COMMENTS