වර්තමාන කලා පරපුරේ ඉන්න නම කියපු සැණින් ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ඕනෑම කෙනෙක්ගේ මතකයට එන තාරකාවියක් තමයි යුරේනි නොෂිකා කියලා කියන්නේ. මේ ව...
වර්තමාන කලා පරපුරේ ඉන්න නම කියපු සැණින් ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ඕනෑම කෙනෙක්ගේ මතකයට එන තාරකාවියක් තමයි යුරේනි නොෂිකා කියලා කියන්නේ. මේ වෙද්දී රංගනයෙන් සම්මානයන් පවා හිමිකරගෙන තිබෙන ඇය රංගනයට විතරක් නෙමෙයි ගායනයට, නර්තනයට, නිවේදනයට වගේ ගොඩක් කලා කටයුතුවලට දස්කම් දක්වනවා කියලා මේ වෙද්දී ඔබ හැමෝම දන්නවා.
විලාසිතා වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කරන යුරේනි ඒ හේතුව නිසාම කාලෙන් කාලෙට කතා මවන්නියක් බවට පත් වෙලා තියනවා කිව්වොත් හරි. ඉතින් කාලෙන් කාලෙට වෙනස් විලාසිතා මවන යුරේනි ඔන්න ඊයේ (25) තවත් අලුත් වැඩක් කරලා තිබුනා. කවුරුත් හිතුවෙම නැති වෙලාවක අපේ යුරේනි හරිම ලස්සන ටැටූ එකක් ගහලා තියනවා. එකක් කිව්වට හරිම පොඩි ටැටූ දෙකක්ම ඔන්න ගහලා තිබුනා. ඊයේ එයා තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා ලස්සනම ලස්සන පින්තූර ගොඩක් දාලා තිබුනා. ඇත්තටම යුරේනිට තමන්ගේ ප්‍රේක්ෂකයන්ගෙන් ඒ ගැන හිතුවට වඩා හොඳ ප්‍රතිචාර ලැබිලා තියනවා කියලා කියන්න පුළුවන්.
කොහොම වුනත් මේ ටැටූ එක කරපු වෙලේම වගේ යුරේනි එයාගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට වීඩියෝ එකක් එකතු කරලා තිබුනා. ටැටූ එක ගැන වගේම මේ හදිස්සියේ ටැටූ එකක් කරන්න ඕන වුනේ ඇයි කියලත් යුරේනි එතැනදී කියනවා. දැනුත් යුරේනිගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට ගියොත් ඔයාටත් මේ වීඩියෝ එක බලාගන්න පුළුවන්.
ටැටූ එකක් කරන්න මම කවදාවත් බලාපොරොත්තුවෙන් හිටියේ නෑ. මේක ඇත්තටම හරිම හදිස්සියෙන් වෙච්ච දෙයක්. ජීවිතේ සමහර දේවල් අපි හරි ඉක්මනින් තීරණය කරනවා. 2019 කියන්නේ මගේ ජිවිතේ එක කාල පරිච්ඡේදයක් අවසන් වෙන අවුරුදක්. 2020 කියන්නේ මගේ ජීවිතේට අලුත් ආරම්භයක්. ඉතින් මම හිතුවා මේ විශේෂ අවුරුද්ද මතක් වෙන්න මොනවහරි දෙයක් මාත් එක්ක ඉස්සරහට ගෙනියන්න තිබුනොත් හොඳයි කියලා. එතැනදී ටැටූ එකක් කරන්න ඕන කියලා හිතට ආපු අදහසත් එක්ක මම තීරණය කලා මගේ ජිවිතයට සම්බන්ධ ලොකු තේරුමක් තියන ලස්සන ටැටූ එකකට යන්න ඕන කියල. ඇත්තටම මම අත් දෙකට ටැටූ දෙකක්ම ගහන්න තමයි අද ආවේ. ඉතින් එක ටැටූ එකක් මම තෝරාගත්තා ශක්තීන් ගොඩක එකතුවක් කියන අදහස දෙන සංඛේතයක්. අනිත් අතට මම තෝරාගත්තේ ශක්තිමත් කියන තේරුම දෙන සංඛේතයක්. මොකද මම ගොඩක් අභියෝග මැදින් කැපවීමෙන් ආපු ගමනක් මේක. මට හිතුනා ඒ වෙනුවෙන් මම තුල පවතින ශක්තිය මතක් වෙන විදිහේ ටැටූ එකක් තෝරාගන්න එක හොඳයි කියලා. ඒක මට මම ගැනම ආඩම්බර වෙන්න ලැබුණු අවස්ථාවක් කියලා මට හිතෙනවා.
ඉතින් මෙන්න මෙහෙම කතාවක් තමයි යුරේනි හදිස්සියේම ටැටූ කරන්න හේතුව විදිහට කිව්වේ. කොහොම වුනත් තෝරගත්ත ඒ ටැටූ දෙකම බොහොම අපූරුවට යුරේනිට ගැලපෙනවා කියලා මේ පින්තූර දකින ඔයාලට හිතෙනවට සැකයක් නෑ.
COMMENTS