sharmi-kumar-story-ශම්මි කුමාර්ගේ යූ ටියුබ් රංගනයේ කැරැට්ටුව දිගහැරුණු හැටි මෙන්න

ඈ චිත්‍රපට හෝ ටෙලි නාට්‍ය නිළියක් නොවේ. අඩු තරමේ වේදිකා නාට්‍යයක තිරයේ පසුපස චරිතයක් හෝ නොවේ. ඒත් ‘ශම්මි කුමාර්’ නම මෙන්ම රුවද ‘‘නි...




ඈ චිත්‍රපට හෝ ටෙලි නාට්‍ය නිළියක් නොවේ. අඩු තරමේ වේදිකා නාට්‍යයක තිරයේ පසුපස චරිතයක් හෝ නොවේ. ඒත් ‘ශම්මි කුමාර්’ නම මෙන්ම රුවද ‘‘නිළියක්’’ තරමට ම ප්‍රසිද්ධවී ඇති කාන්තා චරිතයකි.
හැබැයි ඒ යූ ටියුබයේ එක්තරා පිරිසක් අතරේය. ඈ විසින් යූ ටියුබයට මුදා හැර ඇති වීඩියෝ දසුන් සියල්ලේම ඇත්තේ ඈ කවුරුන්ද යන්න ගැන ව්‍යංගයෙන් දෙන ඉඟිය. සමහර අවස්ථාවක ඇය ඈ ගැන කිසිම ලජ්ජාවක්, බයක්, සැකක් නැතිව හඳුන්වන කතාද වේ.
‘‘මම බියුටීෂියන් කරනවා. මොඩ්ලින් කරනවා. ඒ වගේම අම්මා කෙනෙක්. වයස අවුරුදු 35 යි. 29 න් තමයි මොඩ්ල් කරන්න ගත්තේ.
මුලින් කළේ බිකිණි. පස්සේ නිවුඩ්, සෙමි නිවුඩ් අංශයෙන් මොඩ්ල් කළා. කැමරාව ඉස්සරහ නිරුවත් වෙන්න බය නෑ. නිරුවත කියන්නේ කලාවක්. මම ගණිකාවක්. ආදි කාලෙ ඉඳලම ඒක තිබුණා. රජවරුන්ට අන්තඃපුරත් තිබුණා. අන්තඃපුරයක් කියන්නේ ගණිකාවෝ. දැන් කාලෙත් අන්තඃපුරයක් තිබ්බා නම් හොඳයි’’
යූ ටියුබයේ නිවේදකයකු හා කරන සාකච්ඡාවක එසේ කියන ශම්මි කුමාර් එක් දරු මවකි.
ඈ කියන අයුරෙන් ඇගේ පළමු විවාහය දෙදරා ගොස් ඇති බවට සටහන් ඇත. ඒ අයුරින් යූ ටියුබය තුළ විකිණෙන්නට ප්‍රචාරයක් ලබා ගන්නා ශම්මි කුමාර්ගේ නියම නම රත්නකුමාර් ශර්මිලාය. මෝදර ආනන්ද විද්‍යාලයෙන් ඉගෙනගෙන ඇති ඇය 2000 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට ලියා පාසල් අධ්‍යාපනයට සමු දී ඇත.
‘‘ඊට පස්සේ මම විවිධ රැකියා කළා. ඊටත් පස්සෙ තමයි සිංගප්පූරුවේ ගෘහ පාලිකා තනතුරකට යන්නේ.
එහේ අවුරුදු කීපයක් ඉඳලා 2010 ආයෙත් ලංකාවට ආවා. ඒ ඇවිත් ආයතන කීපයකින් රූපලාවණ්‍ය කටයුතු පුහුණුවීම් කළා.
ඒවා අවසන් කරලා 2016 වසරේ රූපලාවණ්‍ය කටයුතු සඳහා හුණුපිටියේ ආයතනයක් ආරම්භ කළා. 2018 වසරේ කිරිබත්ගොඩ රූපලාවණ්‍ය ආයතනයක් කළා. ඊටත් පස්සෙ 2019 තමයි 397, හැඳල වත්තල ඇන්ඩ්‍රියානා රූපලාවණ්‍ය ආයතනය පටන් ගත්තේ.’’
ශම්මි කුමර් කාන්තාවක් වූවාට කළේ කාන්තා රූපලාවණ්‍ය වැඩ පමණක් නොවේ. ඇය ඇගේ රූපලාවණ්‍යාගාරයේ කාන්තා සහ පිරිමි දෙපාර්ශ්වයේම සියලු රූපලාවණ්‍ය කටයුතු කළාය.
‘‘2016 සිට රූපලාවණ්‍ය කටයුතුවලට අමතරව අඩ නිරුවත් පින්තූරවලටත් පෙනී සිටියා.
පිරිමි කෙනෙක් ඇවිල්ලා මසාජ් එකක් ඕන කිව්වොත් මසාජ් එකත් දෙනවා. මට රූපලාවණ්‍ය කටයුතු සඳහා ලියාපදිංචි සහතිකයක් තියෙනවා.’’
ඒ සහතිකයේ මුවාවෙන් ඈ රූපලාවණ්‍ය කටයුතුවලට වඩා දේ කරන බව ඇයම යූ ටියුබයෙන් හා අන්තර්ජාලය හරහා ප්‍රචාරය කර තිබුණාය.
මේ අතරතුර මෑත කාලයේ ඈ එහි ‘ස්පා’ ආයතනයක්ද අරඹා තිබුණි. ඒ සියල්ල සිදු වද්දී ඇගේ රූපලාවණ්‍යාගාරය තුළ තරුණියන් ගණිකා සේවය සඳහා යොදවන බවට කනින් කොණින් කතා ඇසෙන්නටත් ගෙන තිබුණි.
ඒ බවම සඳහන් කරන ලද නිර්නාමික පෙත්සමක් ද පසුගිය කාලයේ දිනක වලාන පොලිස් මධ්‍යම දූෂණ මර්දන ඒකකයට ලැබී තිබිණි.
ඒ අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා මේ කාන්තාව සහ ඇගේ රූපලාවණ්‍යාගාරය ගැන තොරතුරු සොයා බැලීම සඳහා මුලින්ම පොලිසියේ උපාය දූතයකු යෙදවීය.
ශම්මි කුමාර් එසේ මුදලට කාන්තාවන් සපයන බවට සැක කටයුතු තොරතුරු එහිදී ඔවුන් වෙතට ලැබුණේය. ඒ නිසා ඒ සැකය සනාථ කර ගැන්මට වලාන දූෂණ මර්දන ඒකකයෙන් ‘උපාය දූතයා හරහා උපක්‍රමශීලී වැඩපිළිවෙළක් යොදවනු ලැබීය.
දින ගණනාවක් මහන්සි වී උපාය දූතයාට ශම්මි කුමාර් හා දුරකථන මාර්ගයෙන් කතා කර ගැනීමේ අවස්ථාවක් ලැබුණි. දින දෙක තුනක් සැකක් නොසිතන්නට කතා කළ ඔහු දෙසැම්බර් 01 වැනිදාට කාන්තාවන් දෙදෙනකු අවශ්‍ය බවත් ලෑස්ති කර දෙන ලෙසත් ඇයට කියා ඇත. ඈ ඒ ගනුදෙනුකරුගේ ඉල්ලීම භාරගෙන තිබුණාය. ඒ මොහොතේ ඇය ළඟ කාන්තාවන් නොසිටියත් ඇය කියන්නේ එවන් කටයුතුවලට කැමැති බව කියා මුහුණුපොත හරහා පණිවුඩ ලබා දී තිබූ අංජනා නම් කාන්තාවකට ඇය ඒ යෝජනාව ගැන කියූ බවයි.
අන්ජනා ඊට කැමැති වී ඇති අතර ඒ සඳහා ඇයට රුපියල් 10,000 ක් ඉල්ලා සිටි බවත් කියයි. ඈ කළුතර ප්‍රදේශයේ කාන්තාවක් වූවාය. සියල්ලට එකඟ වී ඇයට උදේ 10 ට රූපලාවණ්‍යාගාරයට එන ලෙසට ශම්මි කුමාර් දන්වා ඇත. ඈ කතා කළ අනෙක් කාන්තාව අංගොඩ ප්‍රදේශයේ කාන්තාවකි. ඇයද මුහුණු පොත හරහා ඇයට සම්බන්ධ වී ඇති අවිවාහක අයකු වූ අතර ඒ කාන්තාවද රැකියාවක් නොකළ තැනැත්තියකි.
දෙසැම්බර් 01 වැනිදා පුරුදු ලෙස ශම්මි කුමාර්ගේ පියා රූපලාවණ්‍යාගාරය අතුගා පිරිසිදු කොට විවෘත කොට තිබුණි. කාන්තාවන් දෙදෙනකු ඉල්ලූ ගනුදෙනුකරු එන බව කියා තිබුණේ එදිනය. පොරොන්දු වූ වෙලාවටම වාගේ කාන්තාවන් දෙදෙනා ෂම්මිගේ රූපලාවණ්‍ය ආයතනයට පැමිණියහ. පොරොන්දු වූ වේලාවටම කාන්තාවන් දෙදෙනා ඉල්ලා සිටි ගනුදෙනුකරු ද පැමිණියේය.
ශම්මි කුමාර්ගේ මිල ගණන්වලට අනුව ගනුදෙනුකරු රුපියල් විසිදහසක මුදලක්ද ශම්මි කුමාර් අත තබා කියූ පරිදිම කාන්තාවන් තෝරා ගත්තේය. ඒත් ඒ මොහොතේම ඒ ස්ථානයට වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ පොලිස් කණ්ඩායමක්ද පැමිණියහ. අන්තර්ජාලය ඔස්සේ ගණිකා නිවාසයක් කළමනාකරණය කිරීමේ වරදට ශම්මි කුමාර් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නාතුරුත් ඈ ළඟට ආ ගනුදෙනුකරු පොලිසියෙන් යෙදවූ උපාය දූතයකු බව ඈ දැන සිටියේ නැත.
ඇගේ දුරකථන ඇමතුමට අනුව ගනුදෙනුකරු හා යහන්ගත වීමට සිතා පැමිණි කාන්තාවන් දෙදෙනාද ගණිකා වෘත්තියේ යෙදෙමින් ගණිකා නිවාසයක් පවත්වාගෙන යාමට සහාය වීමේ වරදට පොලිස් අත්අඩංගුවට පත් වුණේය.
පොලිස් අත්අඩංගුවට පත් මොහොතේ ඔවුන් හඬා වැටී ඇති අතර එක් අයෙක් දිවිනසා ගන්නට එහි තිබූ දියරයක් පානය කිරීමේ උත්සාහයකද යෙදී තිබුණි.
වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් රාජපක්ෂගේ මෙහෙයවීමෙන් වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ පොලිස් කණ්ඩායම අත්අඩංගුවට ගත් කාන්තාවන් තිදෙනා වත්තල පොලිස් ස්ථානයට භාර කෙරුණේය.
එතැන් සිට පරීක්ෂණ කටයුතු, අධිකරණ කටයුතු වත්තල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත සුරවීරගේ මෙහෙයවීමෙන් කරනු ලබයි. දෙසැම්බර් 01 වැනිදා පොලිස් රැඳවුම් භාරයේ සිටි කාන්තාවෝ තිදෙනා පසුදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළහ.

COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: sharmi-kumar-story-ශම්මි කුමාර්ගේ යූ ටියුබ් රංගනයේ කැරැට්ටුව දිගහැරුණු හැටි මෙන්න
sharmi-kumar-story-ශම්මි කුමාර්ගේ යූ ටියුබ් රංගනයේ කැරැට්ටුව දිගහැරුණු හැටි මෙන්න
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgORXOrKk60DK0asHu6ZIYfAGE7LXJuZ2WYUyRgbuzDyNm29uhzSh8Tmc7xpeldADx7kEJWSB92QuUR_CwI1fnKeBN-4psOJDFiYJxtbysaKO07TkX36n99YQv7IMK8vhumX55PyGr64bQ/s320/sha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgORXOrKk60DK0asHu6ZIYfAGE7LXJuZ2WYUyRgbuzDyNm29uhzSh8Tmc7xpeldADx7kEJWSB92QuUR_CwI1fnKeBN-4psOJDFiYJxtbysaKO07TkX36n99YQv7IMK8vhumX55PyGr64bQ/s72-c/sha.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2019/12/sharmi-kumar-story.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2019/12/sharmi-kumar-story.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy