උදාවන නත්තල තේමා කරගනිමින් පාස්කු ප්‍රහාරයට ලක්වූ මවුපියන් අහිමි දරුවන් වෙනුවෙන් දෙසැම්බර් 23 වැනි දින කිංග්ස්බරි හෝටල් පරිශ්‍රයේ වැඩසටහනක...
උදාවන නත්තල තේමා කරගනිමින් පාස්කු ප්‍රහාරයට ලක්වූ මවුපියන් අහිමි දරුවන් වෙනුවෙන් දෙසැම්බර් 23 වැනි දින කිංග්ස්බරි හෝටල් පරිශ්‍රයේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව 2019 ලෝක විවාහක රූ රැජන කැරොලයින් ජූරි පවසනවා.
ඇය එසේ පැවැසුවේ කොළඹ පුරපති රෝසි සේනානායක මහත්මිය විසින් විවාහක රූ රැජන පිළිගැනීමේ උත්සවයක් ඊයේ (18දා) කොළඹ නගර ශාලා පරිශ්‍රයේ පැවැති අවස්ථාවේදීය.
එහිදී රෝසි සේනානායක මහත්මිය විසින් විවාහක රූ රැජන ලෙස කිරුළ හිමි කරගත් කැරොලයින් ජූරි මහත්මියට සුභාශිංසන එක් කළ අතර ඇයව සමාජ ජාලා මාධ්‍ය තුළින් උපහාසයට ලක් කර තිබීම කනගාටුදායක කරුණක් බවත් පවසන්න අමතක කලේ නෑ.
එමෙන්ම සාරධර්මවලින් පිරිපුන් ශිෂ්ට සම්පන්න ජන කොට්ඨාසයක් ඉදිරියේදී බිහි විය යුතු බවත් ඇය එහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියා.
දුලාංජලී ශ්‍යාමා බණ්ඩාර
ඡායාරූප - සරත් කුමාර
COMMENTS