තරුණ ජීවිත විනාශ කරන හලාවත නගරයෙ ලැගුම්හල් මත්කුඩු රාත්‍රියෙ සුරූපිකාවන්

දසමසක් දරුවෙකු කුසතුළ දරාහිඳ මෙලොව එලිය දුටුදා පටන් අමපණ වෙහෙසක් දරමින් අතපය නොකඩා සාදාගෙන නගරයේ පාසලකට යවන්නේ සහ ඉන්නොනැවතී වියදම්කර නිවා...



දසමසක් දරුවෙකු කුසතුළ දරාහිඳ මෙලොව එලිය දුටුදා පටන් අමපණ වෙහෙසක් දරමින් අතපය නොකඩා සාදාගෙන නගරයේ පාසලකට යවන්නේ සහ ඉන්නොනැවතී වියදම්කර නිවාඩු දිනයන්හිදී උපකාරකපංතිද යවන්නේ අහසඋසට දහසක් බලාපොරරොත්තුද දෙමව්පියන් තම හදවත්වල පුරෝගෙනය.

එනමුත් හලාවත නගරයේ හා අවට ක‍්‍රියාත්මකවන ගනිකාවෘත්තීන්ල කුඩු ජාවාරම් සහ ලැගුම්හල් හේතුවෙන් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනයට හා තරුණ තරුණියන්ගේ ජීවිත වලට විශාල තර්ජනයක් එල්ලවී ඇතිබව එම දෙමව්පියන් හා විවිධ පිරිස් චෝදනාකරයි.

හලාවත නගරයේ ක‍්‍රියාත්මකවන විවිධ සමාජ විරෝධ ක‍්‍රියාහේතුවෙන් ඒසඳහා ඇබ්බැහිවී ඇති සමහර පාසල් දරුවන්ගේ සහ තරුණ ජීවිතවලට නීතිය ක‍්‍රියාත්මක කරනවුන් සහ ඊට නියමෙන් හෝ අනියමෙන් බලපත‍්‍රදෙන්නාවූ පාලකයින් විතරක් නොව දෙමව්පියන්ද වගකිව යුතුය.

මෙහි සත්‍ය අසත්‍යතාවය සොයාබැලීම සඳහා අප මුලිංම පිවිසුනේ හලාවත ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථගාලටය. එහි ගැවසෙන නානාමාදිලියේ සුරූපිකාවන් විසින් තරුණයින්ල පාසල්වයසේ දරුවන් ග‍්‍රහණයට ගන්නේ කාන්දම් වලට ආකර්ෂණයවන යකඩ මෙනි. ඇදිරිවැටෙන තෙක් අපත් වැඩිකාලයක් බස්රථගාලේ සැරිසැරීමේදී අපටත් යෝජනාවන් ආවේ අපේ ගවේෂණය තවදුරටත් තහවුරු කරමිනි.

ඒසඳහාම සුදානම්ව ඇති තී‍්‍රරෝදරථ හා අවට ලැගම්හල් මේසඳහා විශාල රුකුලක්ව ඇත. කාමුක පෙරේතකමින් අන්දව මේසඳහා යොමුවු පිරිස් තමන්ගේ කණකර විතරක් නොව මිළමුදල්ද අහිමිකරගත් අවස්ථා අප මාධ්‍යයෙන් පෙන්වාදුන අවස්ථා එමටය.

එම අවටම පිහිටි සමහර ව්‍යාපාරික ස්ථානවල පාසල්දරුවන් සඳහා ක‍්‍රියාත්මකවන වීඩියෝගේම්ල තවත් ස්ථාන ගනනාවක් සිදුවන මත්ද්‍රව්‍ය අලවියල සහ පරිහරණයත් තරුණ ජීවිත ගිල ගනිමින් ඇත. බොහොමයක් පාසල් දරුවන් සතිඅන්තයේ හෝ පාසල් කාලයෙන් පසු නිවෙස් වලට උපකාරක පංති යනබව පවසමින් යන්නේ ප‍්‍රසිද්ධ උපකාරක පංතිපවත්වන ප‍්‍රදේශ අවට ඇති ලැගුම්ගල්වලටය. දෙමවුපියන්ද මේ පිළිබඳව සොයා නොබලා සියලූ වියඳම් සිදුකරගැනීමට යහමින් මුදල්ද සපයමින් සිටියි.

තරුණ ජීවිත වලව සමාජයට රටට හෙන ගැහුවත් සල්ලි ලැබෙනවානම් ඕනෑම කුප්ප වැඩක්කරන සමාජයක් තුළ මෙසේ දරුවන් එම ලැගුම්හල්වලට අතුලූකර ගැනීම ප‍්‍රතික්ෂේප කරන හෝ නීතියේ රැුහැනට හසුකර දෙන මිනිසුන් නැති තරම්ය.

සතිඅන්ත දිනවලදී හලාවත මුහුදුවෙරළ සුරපුරයකි. මෙය නිදහසනම් නිදහස බුක්තිවිදීමට එම වෙරළට පැමිණෙන කුඩාදරුවන් දෙමව්පියන්ගෙන් අසනා සමහර ප‍්‍රශ්න වලදී ගොලූවත රැුකීමට සිදුව ඇත. කුඩයට මුහුණවසා ගත්තාට අනෙක් සියලූ කොටස් විවෘතව ඇතිබව ඔවුන් නොදනී . මෙහි ප‍්‍රතිථල තවදුරටත් සනාතකරනුයේ හලාවත රෝහලේ සමාජරෝග අංශයේ පෝලිම තවත්දික් කරමිනි.

6 වසරේ සිට 13 වසර දක්වාම දරුවන්ව මත්කුඩු වලට හුරුකරවන සමහර පාපතරයන් එය ආරම්භ කරනුයේ දුන්කුඩුවලිනි. දුම්කොල වලට හුණුතවරා එය රෙදිමදින ඉස්ත‍්‍රික්ක මගින් රත්කර පසුව එම ද්‍රව්‍ය වලින් ලබාගන්නා කුඩු යටිතොලේ දිගුකාලයක් රදවාතබා ගැනීමෙන් මත්ගතියක් ලබාතහැකිබව සොයාගන ඇත. පාසල්කාලය තුළද මෙම ක‍්‍රියාව සිදු කිරීමට එම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දරුවන්ව පොළඹෝගෙන සිටියි.

බොහෝ ෆාමසි වල වෙළඳසැල්වල ඇති ඇපල්පෙති මදනමෝදක රහසිගතව අලවිකර අහිංසක දරුවන් විනාශ කිරීමට බොහෝ දුර්ජනයින් වලිකමින් සිටියි.

දරුවන් පිළිබඳව සිටිනා ප‍්‍රභලම විනිශ්චය කරුවා දෙමව්පියන්ය. පාසලේ ගුරුවරුන්ටල නීතිය රකින පොලීසයටල ටියුෂන් ගරුවරයාට දරුවන් භාරදී ගෙදරඑන තෙක් බලානොසිට දරුවන් පිළිබඳව සොයාබැලිය යුතු අතර ගුරුවරුන් සමග නිරන්තර සම්බන්ධතාවයක් පවත්වාගත යුතුය.

එපමණක් නොව දරුවන් ලබන අධ්‍යාපනය පිළිබඳව හෝ ඔවුන් යන එන ගමන් පිළිබඳව නිරන්තර දෛනික අධීක්ෂණයක යෙදිය යුතුය. දරුවන් ආශ‍්‍රය කරන්නාවූ යහලූ යෙහෙලියන් පිළිබඳව සොයා බැලිය යුතුය. සුදුසු ගැලපෙන මිතුරන් පමණක් ආශ‍්‍රයට යොමුකළ යුතුය. දරුවන්ගේ කායික මානසික වෙනස්වීම් පිළිබඳව නිරන්තරයෙන් සොයා බැලිය යුතුය.

වර්තමානයේ දරුවන් හා සමාජය විනාශකරන ප‍්‍රභලම මෙවලම් වනුයේ ජංගම දුරකථනය සහ රූපවාහිනියයි. මෙම මෙවලම් පරිහරණයේදී පුද්ගලික මෙවලමක් වීමට ඉඩනොදී දෙමව්පියන් හරහා ඔවුන්ගේ අධීක්ෂණයත් සමග පරිහරණය කරන මෙවලමක් බවට පත්කළයුතය.

මෙම කරුණුවලින් දෙමව්පියන් වැඩිහිටියන් හැටියට මම කොපමණ කාලයක් ප‍්‍රමාණයක් දරුවන් වෙනුවෙන් වැයකරනවාද? සොයාබැලීම් සහ අධීක්ෂණයන් සිදුකරනවාද? යන්න ස්වයං විනිෂ්චයක යෙදිය යුතය. ඔබ එතනදී අසාර්ථකනම් මේවන විටත් ඔබ ඔබේ දරුවාගේ දරුවාගේ විනාශයේ එක් කොටස්කාරයෙකුවී හමාරය.

ඔබ ප‍්‍රමාද නැත. වාසනාවන්ත දියුණු රටක් නිර්මාණය කිරීමටනම් රටේ ජීවනාලිය බදු රටට දැයට වැඩදායි දරු පිරිසක් රටට දායාද කරන්න අවශ්‍යමය. සමාජයට දොස්දෙවොල් තියතියා නොසිට මගෙන්ල මගේ පවුලෙන්ල මගේ දරුවන්ගෙන් ඒ ආරම්භය කළහැකිනම් සමස්ථ සමාජයම සුඛිත මුදිත කළහැක. එසේ නොමැතිව අප තවදුරටත් අවධියෙන් තොරව සිටීමෙන් සිදුවන්නේ දරුපරපුරත්ල සමාජයත් රටත් විනාශ කරගැනීමකි.

දෙමව්පියන්ටමසේම නීතිසම්පාදනය කරන්නන් නීතිය රකින්නන් සහ ඔවුන්ව මෙහයවන පාලකයින්ටද මෙහි විශාල වගකීමක් ඉටුකිරීමට ඇති අතර චේතනාව බලයේ සිටීමම පමණක්නම් මෙම ක‍්‍රමය වෙනස් කළ නොහැකි අතර අපි සිතන පතන රටක්ද කවමදාවත් නිර්මාණය කළ නොහැක.

වීහේණ අනුරාධ

COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: තරුණ ජීවිත විනාශ කරන හලාවත නගරයෙ ලැගුම්හල් මත්කුඩු රාත්‍රියෙ සුරූපිකාවන්
තරුණ ජීවිත විනාශ කරන හලාවත නගරයෙ ලැගුම්හල් මත්කුඩු රාත්‍රියෙ සුරූපිකාවන්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjvJahE5goI4uIvJpLex2k7hDcL0HRT2Nnp0QosLX5ELoGyLiLqsNu2e-foFEyTH9hR99dNARhbaVsLOXZJjKkbk2wgVu9KP3vPuAnnAb_2MHtRwZnPNQcvuHFjkHQetBI2bd4lfMjXUyM/s640/India.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjvJahE5goI4uIvJpLex2k7hDcL0HRT2Nnp0QosLX5ELoGyLiLqsNu2e-foFEyTH9hR99dNARhbaVsLOXZJjKkbk2wgVu9KP3vPuAnnAb_2MHtRwZnPNQcvuHFjkHQetBI2bd4lfMjXUyM/s72-c/India.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2019/12/blog-post_18.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2019/12/blog-post_18.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy