ලෝක රූ රැජිණ තරගයේ හැම දවසකම අවසානයේ මම නින්දට ගියේ ඇඬූ­ කඳුළින්

දෙසිතක ඇති ආදරය සදාකාලිකවම රදා පවතින්නේ ඔවුනොවුන් අතර තිබෙන විශ්වසනීය බැඳීම් නිසා. ඒ බැඳීම්වලට නිමක් කොණක් නැහැ.  මේ විශ්වාසනීය බ...



දෙසිතක ඇති ආදරය සදාකාලිකවම රදා පවතින්නේ ඔවුනොවුන් අතර තිබෙන විශ්වසනීය බැඳීම් නිසා. ඒ බැඳීම්වලට නිමක් කොණක් නැහැ. 

මේ විශ්වාසනීය බැඳීම් නිසා ඔවුනොවුන්ගේ ජීවිතවලට ඇතිකරන ජයග්‍රහණත් සුළුපටු නැහැ. ඒවා ඇතැම් අවස්ථාවලදී ලෝකයේම අවධානය දිනා ගන්නා සුවිශේෂී ජයග්‍රහණ බවට පත්වෙනවා. 

“කැරොලයින් ජූරි ලෝක” විවාහක රූ රැජන හැටියට ගෙනා කීර්තියත් ඒ වගේ එකක්. ඇය මේ ජයග්‍රහණය ලැබුවේ තමන්ගේ ආදරණීය සැමියා, නිරන්තරයෙන්ම ඇගේ මානසික තත්ත්වයත් එක්ක ආදරණීය ගනුදෙනුවක් කළ නිසා. 

“මම දවස් දහයක් ඇමෙරිකාවේ හිටියා. මේ කාල සීමාව තුළ මට කතා කරන්න උදවු කරන්න කවුරුවත්ම හිටියේ නැහැ. මම තනි වෙච්ච හැම වෙලාවෙම සුසුම් හෙළුවා. ඇඬුවා. ඒ වෙලාවට ලංකාවේ හිටපු මගේ ස්වාමිපුරුෂයා තමයි පැය ගණන් මා එක්ක කතා කර කර ඉඳලා මගේ බිඳුණු හිත හැදුවේ. විශ්වාසය ඇති කළේ. ඉතින් මේ ජයග්‍රහණය නිතැතින්ම ඔහුටත් උරුමයි.”

කැරොලයින් ජූරි සතුටු කඳුළු අතරින් කියනවා. 

කැරොලයින් මේ තරගයට සහභාගි වෙන්නත්, ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කර ගන්නෙත් ඇයගේ ආදරණීය ස්වාමිපුරුෂයා “නිශාන්ත දීපාල්” නිසාමයි. දැන් අපි ඒ කතාව ඔබට මුල ඉඳලම කියන්නම්. 

නිශාන්ත දීපාල් හැදී වැඩෙන්නේ කදාන ප්‍රදේශයේ. පාසල් ගියේ කදාන ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට. ඔය කාලෙම කැරොලයින් ජූරිත් කදාන සෙබස්තියන් බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා. ඒත් මේ දෙන්නා කවදාවත් කතාබහ කරලා දැන හඳුනාගෙන ඉඳලා නැහැ. 

කාලය මේ විදිහට ගෙවී යද්දී නිශාන්ත දීපාල් ඩුබායිහි සේවයට යනවා. 

ඔහු එහි ගොස් වෙළෙඳ කළමනාකරුවකු ලෙස සේවය කරන්න පටන් ගන්නවා. 

මේ කාලයේදීම තමයි කැරොලයින් ජූරිත් ඩුබායි වෙත එන්නේ. ඇය ඒ රටේ වෙනත් සමාගමක අලෙවි කළමනාකාරවරියක් විදිහට රැකියාව කරනවා. 

“ඩුබායිවලදී දැන හඳුනාගන්නා අපි ආදර සබඳතාවකින් පසු විවාහ වෙනවා. ඇත්තටම අපි එහි සතුටින් යුතුව අලුත් ජීවිතේ අරඹනවා. 2016 අවුරුද්දේ දැන හඳුනා ගන්නා අපි විවාහ වෙන්නේ 2017 අවුරුද්දේ” 

නිශාන්ත දීපාල් සහ කැරොලයින් ජූරිගේ පවුලට ඊළඟට එකතු වෙන්නේ පුංචි දියණිය එලීසායි. ඇය දැන් වසර දෙකක් වයසැති සිඟිත්තියක්. 

කැරොලයින් වෘත්තීය මට්ටමින් කිසිදා මෝස්තර නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කර තිබුණේ නැහැ. ඒත් ඇයට මේ වෙනුවෙන් පුංචි කැමැත්තක් හිතට ඇවිත් තිබුණා. ඒ ඇගේ බාහිර පෙනුම ඒ සඳහා මැනවින් ගැළපෙන බව විටින් විට අහන්න ලැබුණු හින්දා. 

“කොහොම හරි ඩුබායිවලදී දවසක් ඇය මට මේ සම්බන්ධව කිව්වා. ඊට පස්සේ තමයි ශ්‍රී ලංකා විවාහක රූ රැජන තරගයට සහභාගි වෙන්න ඇය අදහස් කළේ. 

ඇත්තටම මම ඇය කෙරෙහි තිබුණු විශ්වාසය නිසාම ඒ වෙනුවෙන් දෙවරක් හිතන්නේ නැතුව අවසර දුන්නා. ඒ වගේම ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා සංවිධානය කළ මේ ශ්‍රී ලංකා රූ රැජන තරගයට සහභාගි වෙන්න ලංකාවට ආවා. 

කැරොලයින්ට මුල්ම වාසනාව රැගෙන ආවේ මේ තරගයේදීය. ඇය එහිදී ශ්‍රී ලංකා රූ රැජන ලෙස අභිසෙස් ලැබුවා. 

එදා මම හුඟක් සතුටු වුණා. මොකද කැරොලයින් පුදුමාකාර බිරියක්. ඇය මේ තරගයට සූදානම් වෙද්දිත් ඇගේ මවු භූමිකාව හා බිරිය හැටියට ගෙදර ‍ෙදාරේ කරන්න ඕන හැම යුතුකමක්ම ඇය කළා. ඒවා අතපසු කළේ නැහැ. ඒ වගේම මගෙන් අහන්නේ නැතුව කිසිම දෙයක් කළේ නැහැ.” 

සාමාන්‍යයෙන් කාන්තාවක් එසේත් නැත්නම් බිරියක් මෙවැනි තරගවලට සහභාගි වීමට යද්දී යම් යම් අය යම් යම් විසබීජ පතුරුවන එක කිසිවකුට නවත්වන්න බැහැ. නිශාන්තටත් එවැනි කතා අහන්න ලැබුණා. 

“මට සමහරු කිව්වා මේ වගේ දේවල්වලට යවන්න එපා කියලා. ඒත් මට කැරොලයින් ගැන බියක් තිබුණේ නැහැ. සැකයක් තිබුණේ නැහැ. 

ඒ අනුව නිශාන්ත තම බිරිය කැරොලයින් ලෝක විවාහක රූ රැජන තරගයට සහභාගි කිරීමට තීරණය කළා. විශේෂයෙන්ම එහිදී නිශාන්තගේ මවගෙන් ලැබුණු අනුග්‍රහයද සුවිශේෂියි. 

මේ ආකාරයට සූදානම් වූ කැරොලයින් ජූරි ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ මැදිහත්වීමෙන් ඇමෙරිකාවේ ලාස්වේගාස්හි පැවැත්වෙන ලෝක විවාහක තරගයට සහභාගි වීම සඳහා කැරොලයින්ව සූදානම් කළා. 

“ඒත් ඒ ගමනට වීසා ගන්න එක ලෙහෙසි පහසු වුණේ නැහැ. දෙවරක්ම වීසා ලබාදීම ප්‍රතික්ෂේප වුණා. තුන්වැනි පාර තමයි හරි ගියේ. එහිදී මීට පෙර 1984දී ලෝක විවාහක රූ රැජන වුණු රෝසි සේනානායක මහත්මියත් අපිට උදවු කළා. ඒ වගේම නිල්මිණී තෙන්නකෝන් මහත්මියත්.”

කැරොලයින් ජූරි මේ තරගයට සහභාගි වීමට එක්සත් ජනපදය බලා ගියේ එම සුවිශේෂී තරගය ඇරැඹී දින දෙකක් පමණ ගතවීමෙන් පසුව. ඒ පෙරකී පරිදි නියමිත දිනයේ ඇයට වීසා නොලැබීම නිසා. 

එතැන් සිට මේ කතාවේ ඊළඟ පරිච්ඡේදය ගැන කියන්න දන්නේ අපේ ලෝක විවාහක රූ රැජනයි. අපි ඇයට ඒ කතාව කියන්න ඇරයුම් කළා. 

“මම ගියේ පුදුමාකාර පරිසරයකට. බලන බලන තැන හිටියේ නාඳුනන අය. 

මේ නිසාම මම හුඟක් අසරණ වුණා. මානසිකව ඇදවැටුණා. 

උදේ පාන්දර 5ට විතර අවදි වෙලා තරගයේ විවිධ වැඩසටහන්වලට මම සහභාගි වුණා. ඒ වැඩසටහන තුළ අපේ සුවිශේෂී හැකියා බලන අවස්ථා ගොඩක් තිබුණා. විශේෂයෙන්ම අපේ දැනුම ගැනත් විනිශ්චය මණ්ඩලය අවධානය යොමු කළා. 

මේ හැම තැනකදීම මම හිටියේ තනියම. මා වෙනුවෙන් කතා කරන්න, ස්ටේජ් එකේදී ශ්‍රී ලංකා කොඩියක් වනන්න, අඩුම තරමින් අත්පුඩියක් ගහන්නවත් කෙනෙක් නැතිව මම හුදෙකලා වී සිටියා.” 

මේ හැම දවසකම අවසානයේදී කැරොලයින් නින්දට යන්නේ ඇඬූ­ කඳුළින්. ඇයට හරිහැටි නින්දක් පවා තිබුණේ නැහැ. සරණට සිටියේ දුරකථනය පමණයි. 

“මම මගේ දුක කිව්වේ මගේ ස්වාමිපුරුෂයාට. එයා ඒ හැම දෙයක්ම අහගෙන හිටියා. කොයිම වෙලාවකවත් මගේ ධෛර්යය නැතිවෙන විදිහට මට කතා කළේ නැහැ. මගේ හිත හදන්න ඔහු කටයුතු කළා.” 

උපතින්ම හැඟුම්බර හදවතක් තිබූ කැරොලයින් පුංචි දේකට පවා සංවේදී වන කෙනෙක්. එහෙත් අවසානයේදී ඇය තමන් මුහුණ දී සිටින පරිසරය හා අභියෝගය තේරුම් ගත්තා. මේ දේවල් සලකා ඇයව ධෛර්යවත් කරන්න “මිසිස් වර්ල්ඩ්” කණ්ඩායමේ සිටි 2018 වසරේ රූප රාජිනිය ලෙස කිරුළු පළන් ඇලිස් නමැති ඇමෙරිකන් ජාතික කාන්තාවද ඇයට බෙහෙවින් උපකාර කළා. 

“අවසාන තරගය වෙලාවේ මට මේ කිරුළ දිනා ගන්න පුළුවන් වේවි කියන විශ්වාසය තිබුණේ නැහැ. හැබැයි මම හැම වෙලාවේම ඒ ඒ අවස්ථාවේදී විනිශ්චය මණ්ඩලය බලාපොරොත්තු වන විදිහේ සාර්ථක උත්තර හා මගේ හැසිරීම මම පෙන්නුවා. මම මගේ ටැලන්ට් එක පෙන්නුවා.” 

කෙසේ හෝ අවසාන මොහොත එළැඹුණා. එක්වරම 2020 ලෝක විවාහක රූ රැජින කවුදැයි ප්‍රකාශ වුණේ කැරොලයින් ජූරි පුදුමයට පත් කරමින්. 

“ඒ මොහොතේ මට ඇඬුණා. මට ඒ සතුට දරාගන්න බැරිවුණා. දින 10ක් පුරාවට මම හිටපු විදිහ දන්නේ මම. ඒ හැම දේකටම උත්තර ඒ මොහොතේ මට ලැබුණා. මම සෑහෙන වෙලාවක් යනතුරු හිටියේ පුදුමයෙන්. 

හැබැයි ඒ මොහොතේදීවත් මගේ රටේ කොඩිය වනලා සතුට ප්‍රකාශ කරන්න කෙනෙක් එතැන හිටියේ නැහැ” 

කෙසේ හෝ දැන් කැරොලයින් ජූරි 2020 ලෝක විවාහක රූ රැජන වී හමාරයි. 1984 පළමු ලෝක විවාහක රූ රැජන තරගයේදී අප රටට කීර්තියක් ගෙනා රෝසි සේනානායකට මෙන්ම ඇයටත් ඒ සතුට උරුම වුණා. 

වසර 35කට පසුව අප රටට උරුම වූ මේ ගෞරවනීය ජයග්‍රහණය පිටුපස තිබෙන්නේ කටුක සිදුවීම් රාශියක්. කැරොලයින් ගේ වීසා ප්‍රතික්ෂේප වීමේ අවස්ථාවේ සිට ඇය මුහුණ දුන් බොහෝ ගැටලුවලට උත්තර සපයපු අයත් ඒ අතර සිටියා. කැරොලයින් ඒ අයටත් ස්තුති කළේ සතුටු කඳුළු පිරුණු දෑසින් යුතුවයි. 

විශේෂයෙන්ම ජනප්‍රිය නිළි නිල්මිණී තෙන්නකෝන්ට වගේම සිලිනි තුමාරා සහ නෙවිල් යුවළටත් ඇය ස්තුති කළා. එමෙන්ම ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ඇතුළු තවත් බොහෝ දෙනකුගේ නම් ඇය මේ කතාබහේදී සඳහන් කළා. 

“මේ අය නැත්නම් මට මේ ගමන යන්න ලැබෙන්නේ නැහැ.” ඒ නිසා ඔවුන්ට මගේ ගෞරවනීය ස්තුතිය ලබා දෙනවා. කැරොලයින් ජූරි ලබාගත් මේ ජයග්‍රහණයත් සමඟම ඇය ඇගේ ඉදිරි බලාපොරොත්තු ගැනද මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා. මේ කතාබහ අවසන් කරන්න කලින් අපි ඒ ගැනත් ඇහුවා. 

“මම පුංචි කාලේ ඉඳලම පුංචි දරුවෙක් හැටියට මුහුණ දුන්නු ප්‍රශ්න දැනගෙන හිටියා. මමත් ඒවාට මුහුණ දුන්නා. 

ඒ නිසාම මම හිතුවේ මේ දරුවෝ වෙනුවෙන් මගේ ඉදිරි වැඩසටහන් සකස් කළ යුතුයි කියලා. අපේ රටේ විතරක් නෙවෙයි. මුළු ලෝකයේම පුංචි දරුවෝ අත්විඳින වේදනා ගැන වගේම ඒවාට කිසියම් 

වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. 

මම හිතනවා ඒකට මට හැමෝම උදවු කරාවි කියලා.” ඇය හෘදයාංගමව පැවැසුවා.






COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: ලෝක රූ රැජිණ තරගයේ හැම දවසකම අවසානයේ මම නින්දට ගියේ ඇඬූ­ කඳුළින්
ලෝක රූ රැජිණ තරගයේ හැම දවසකම අවසානයේ මම නින්දට ගියේ ඇඬූ­ කඳුළින්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjmHpCX6wGFu1PmpcyzaUkdzH6mtg8BnpyDUaEiCGvJC8cG7lzxBIY-ru5QFyM9KZ0hnF6Q3pLt8mQ6nuaY92vaU8bLCufhvBfKk9Uog_z-FGJ5wsMI4cL0KIBHxMSLdkyoSw-YK0oWzJg/s640/5df462b91b4af_5df396782c70a_Mawbima-Logo.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjmHpCX6wGFu1PmpcyzaUkdzH6mtg8BnpyDUaEiCGvJC8cG7lzxBIY-ru5QFyM9KZ0hnF6Q3pLt8mQ6nuaY92vaU8bLCufhvBfKk9Uog_z-FGJ5wsMI4cL0KIBHxMSLdkyoSw-YK0oWzJg/s72-c/5df462b91b4af_5df396782c70a_Mawbima-Logo.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2019/12/blog-post_14.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2019/12/blog-post_14.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy