කැරොලයින්ගේ ජයග්‍රහණය පිටුපස ඇති ප්ලාස්ටික් සැත්කමේ කතාව..

මෙවර විවාහක ලෝක රූ රැජින කිරුළ හිමිකරගත් කැරොලයින් ජූරි ගැන තවමත් වටපිටාව බොහොම උණුසුම්. ඊයේ දවසේ ඇය කටුනායක ගුවන්තොටුපළින් ලංකාව වෙත ප...



මෙවර විවාහක ලෝක රූ රැජින කිරුළ හිමිකරගත් කැරොලයින් ජූරි ගැන තවමත් වටපිටාව බොහොම උණුසුම්. ඊයේ දවසේ ඇය කටුනායක ගුවන්තොටුපළින් ලංකාව වෙත පැමිණියේ ඇති විශාල පිරිසකගේ උණුසුම් සුබ පැතුම් මැද්දෙන්. ඉතින් ලංකාවට ආපු කැරොලයින් ඊයේ විශේෂ මාධ්‍ය හමුවකටද සහභාගී වුනා. එහිදී තමා එම තරගයට සහභාගි වීමට ගත් වෙහෙසත්, එල්ල වූ බාධකත් එම බාධාවන්ගෙන් ජය ගැනීමට සහාය වූ සියලු දෙනාම කෘතවේදීව සිහිපත් කිරීමටත් ඇය අමතක කලේ නැහැ.

ඒ අවස්ථාවට සහභාගී වුන හැමෝම කැරොලයින් ගැන බොහොම ආඩම්බරයෙන් කතා කරද්දී ලෝක රූ රැජින තරගය වෙනුවෙන් ඇයව පුරුදු පුහුණු කල ගුරුවරියගේ කතාව එතන හිටපු හැමෝගෙම විශේෂ අවධානයකට ලක්වුනා. මේ වෙන කවුරුත් නෙමෙයි නිරූපණ ක්ෂේත්‍රයේ නම අන්තර්ජාතික තලයට රැගෙන ගිය ප්‍රවීන මෝස්‌තර නිරූපණ ශිල්පිණී චූලාපත්මේන්ද්‍රා කුමාරපතිරණයි. අති දක්ෂ නිරූපණ ශිල්පිනියක් ලෙස බොහෝ දෙනාගේ ආදරය දිනාගත් චූලා ඒ අවස්ථාවේ ගුරුවරියක් ලෙස බොහොම ආඩම්භරයෙන් තමයි කතා කලේ. ගුරුවරියක ලෙස තමන්ට ලැබුණු මේ අවස්ථාව හිමි කරදීම වෙනුවෙන් ඇය කැරොලයින් වෙත තම ස්තුතිය පුදකර සිටියා. 

මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමින් චූලා කියා සිටියේ මෙවැනි කතාවක්. 

"අපිට ඇත්තටම ආඩම්බර වෙන්න පුළුවන් කැරොලයින් ගැන මොකද එක plastic surgery එකක්වත් නැති ස්වභාවික ලස්සන කාන්තාවක්. ඉතින් ඒ වගේ කාන්තාවක් ලෝකෙට අපි ශ්‍රී ලංකාව වගේ පොඩි රටකින් දායාද කලාම ලෝකෙම ඒ දිහා බලන් ඉන්නවා. ස්තුතියි කැරොලින් අපිට ඒ අවස්ථාව උදාකරලා දුන්නට. තරගාවලියේදී කැරොලින් ලකුණු ගොඩක් එකතු කරගත්තා එයාගේ පෞර්ෂත්වයට. එයා හැම තැනදීම ඇත්ත කතා කල එක තමයි එකට ප්‍රධානම හේතුව. කාන්තාවක් විදිහට කැරොලයින් කරපු කැපවීම මටනම් කවදාවත් කරන්න හිතන්නවත් බෑ. එයා ඒ තරම් කැපවීමෙන් මේ වැඩේට සම්බන්ධ වුනා. පැජන්ට් එකකට යනවා කියන එක මේ හිතන තරම් ලේසි පහසු එකක් නෙමෙයි. විශේෂයෙන් තමන්ට සැමියෙක් දරුවෙක් ඉන්නකොට. තනියම ඉන්නවා වගේ නෙමෙයි ඒ වගේ වගකීම් ගොඩක් එක්ක මේ වගේ තරගයකට සහභාගී වීම. කැරොලයින් මීට කලින් ක්ෂේත්‍රයට කිසිම විදිහකට සම්බන්ධකම් දක්වපු කෙනෙක් නෙමෙයි. මේ තරම් පොඩි කාලයකදී ඇත්තටම ඇය ලබපු මේ ජයග්‍රහණය ගැන අපි ගොඩක් අදම්භාර වෙන්න ඕන. 

අවුරුදු 35කට පස්සේ මේ තරම් ලොකු ජයග්‍රහණයක් රටට අරන් එනවා කියන්නේ අපි මේ හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි. බුදු අම්මෝ අපි මේ තැනට ආවේ අවුරුදු 20කට පස්සේ. කැරොලයින් ඒ අතින් ගත්තම ඔයා පුදුම දක්ෂ කෙනෙක්. අපිට ඇත්තටම ඔයා ගැන ගොඩක් ආඩම්බරයි කැරොලයින්!"


COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: කැරොලයින්ගේ ජයග්‍රහණය පිටුපස ඇති ප්ලාස්ටික් සැත්කමේ කතාව..
කැරොලයින්ගේ ජයග්‍රහණය පිටුපස ඇති ප්ලාස්ටික් සැත්කමේ කතාව..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjcfpujQQY0KEeMW3pWgPHfS2LmRxN5lItLXcrZa4SkfhQlblIBQLOqth2WlA7y7RabNGHUDQnvU2LsQ0hHS3xcHUnf0SWKOApPulQHeIwuyionHzo_tnH79_Xsv6w40iA_gNvwrXM2oME/s640/5df0c7151e527_aytytey.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjcfpujQQY0KEeMW3pWgPHfS2LmRxN5lItLXcrZa4SkfhQlblIBQLOqth2WlA7y7RabNGHUDQnvU2LsQ0hHS3xcHUnf0SWKOApPulQHeIwuyionHzo_tnH79_Xsv6w40iA_gNvwrXM2oME/s72-c/5df0c7151e527_aytytey.png
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2019/12/blog-post_11.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2019/12/blog-post_11.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy