ලෝකයේ පළමු වතාවට විශ්ව රූ රැජින තරගයට ගිහින් ලෝකයම පුදුම කල යුවතිය

මෙවර විශ්ව රූ රැජිණ එහෙමත් නැත්නම් Miss Universe කිරුල දකුණු අප්‍රිකාවේ කළු හමක් සහිත තරුණියක් දිනාගැනීමත් එක්ක ලෝකය පුරාම අවධානය වෙනදාටත් ...

මෙවර විශ්ව රූ රැජිණ එහෙමත් නැත්නම් Miss Universe කිරුල දකුණු අප්‍රිකාවේ කළු හමක් සහිත තරුණියක් දිනාගැනීමත් එක්ක ලෝකය පුරාම අවධානය වෙනදාටත් වඩා එම තරගාවලිය වෙත යොමුවුනා යැයි කීම නිවැරදියි. කොහොම වුනත් මේ 25 හැවිරිදි සුරූපිනිය තමන්ගේ ජනග්‍රහණය තුලින් මුළු ලෝකයේම අවධානය තමන්ගේ පැත්තට හරවා ගනිද්දී එම තරගයේ සිටි තවත් සුරූපිනියක් තරමක මතභේදාත්මක ප්‍රකාශයක් සිදුකල අයුරු විදෙස් මාධ්‍ය පහුගිය දවසක වාර්තා කරලා තිබුනා. ඒ තමයි මියන්මාරය නියෝජනය කරමින් Miss Universe තරගයට ඉදිරිපත් වුන 21 හැවිරිදි Swe Zin Htet.
තමන් තමයි ලෝකයේ පළමු වරට මෙවැනි අන්තර්ජාතික තරගාවලියක් සාර්ථකව අවසන් කල සමලිංගික කාන්තාව ඇය බව මේ තරුණිය බොහොම නිර්භීතව ප්‍රසිද්ධ මධ්‍යයේ සඳහනක් කරනවා. 
අවසාන මහා රාත්‍රියට ඉතාම සීමිත දින ගණනක් තිබියදී කවුරුත් බලාපොරොත්තු නොවුන වෙලාවක ඇය අත්හැරී මේ බෝම්බය නිසා ලෝකයේ බොහෝ දෙනෙක් පුදුමයෙන් දෑස් දල්වා ගත්තා කිවුවොත් හරි. ඒ ඇත්තටම වෙන මුකුත් නිසා නෙමෙයි. ඇය තුල පැවතී නිර්භීතකම නිසා. සමලිංගික සේවනය තවමත් අයගේ මව් රටෙහි දඬුවම් ලැබිය හැකි වරදක් බවට නීතියෙන් පත්ව තියෙද්දිත් ඇය මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීම ඇත්තටම පුදුම සහගත එකක් බව තමයි විදෙස් මධ්යනම් පවසන්නේ. 
පසුගිය මැයි 31 දින මියන්මාරයේ මිස් ශූරතාව දිනාගනිමින් Miss Universe තරගයට සුදුසුකම් ලබපු හෙටෙට්, සමලිංගිකයෙකු ලෙස එළියට පැමිණියේ මිස් යුනිවර්ස් අවසන් මහා තරඟයට සතියකට පෙර මිස්සොසොලොජි නම් රූපලාවණ්‍ය බ්ලොග් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. තමන් දීර්ඝ කාලයක සිට ඇයගේ මේ ලිංගික දිශානතිය ගැන තේරුම් ගත බවත් 2015 වසරේ සිටම තමා තුල ඒ සම්බන්ධව පුළුල් තේරුම් ගැනීමක් ගොඩනගා ගැනීමට තමන්ටම හැකිවූ බවත් ඇය එහිදී අව්‍යාජව පවසනවා. මෙලෙස සත්‍ය පවසමින් ප්‍රසිද්ධියේ එළියට පැමිණීම පහසු නැති නමුත් බුරුමය ලෙස හඳුන්වන රටක් වන මියන්මාරයේ එවැනි ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට ඇයට හිමිවන හොඳම අවස්ථාව එය බවයි ඇය තවදුරටත් පවසන්නේ. 
එය පෞද්ගලිකව තරමක් අභියෝගාත්මක නමුත් වඩා හොඳ හඬක් නැගීමට මෙය අවස්ථාවක් බවත් සමහර රසිකයන් ඒ ගැන දන්නා අතර ඔවුන් තවමත් තමන්ට සහයෝගය දක්වන බවත් ඇයට ප්‍රසිද්ධියේ ඒ ගැන කතා කිරීමට හැකි වූ පළමු අවස්ථාව මෙය බවත් Swe Zin Htet කියන්නේ පුදුම අතම ශක්තියකින්.
සෑම රටක්ම සමලිංගික විවාහයට ඉඩ නොදෙන බව ඇය විශ්වාස කරන බවත් ජනතාවට ඔවුන්ගේම මාවතක් තෝරාගැනීමට සහ සතුටු වීමට ඇති අයිතිය මුළු ලෝකයටම තේරුම් කරවීම ඇයගේ එකම බලාපොරොත්තුව බවත් ඇය තවදුරටත් පවසනවා.



COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: ලෝකයේ පළමු වතාවට විශ්ව රූ රැජින තරගයට ගිහින් ලෝකයම පුදුම කල යුවතිය
ලෝකයේ පළමු වතාවට විශ්ව රූ රැජින තරගයට ගිහින් ලෝකයම පුදුම කල යුවතිය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj7OdYBD41XokcER08sS0xwpzMX2U7tya3h2duoj9Z1XOnHkwZ0AbfBJU8AN-8dNBTTiUAlkiO-w9CtWZmgmI3kka1RZSxQGQr7UhDrL08fqycK2A-eLqNJavmIW56MzI2UhuCqixBfWzI/s640/922fb38575b43fe2703226b6800a0350d42b8126.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj7OdYBD41XokcER08sS0xwpzMX2U7tya3h2duoj9Z1XOnHkwZ0AbfBJU8AN-8dNBTTiUAlkiO-w9CtWZmgmI3kka1RZSxQGQr7UhDrL08fqycK2A-eLqNJavmIW56MzI2UhuCqixBfWzI/s72-c/922fb38575b43fe2703226b6800a0350d42b8126.png
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2019/12/blog-post_10.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2019/12/blog-post_10.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy