Nayomi Thakshila -රෑට බෝඩිම්වල බත් කන්න ව්‍යංජන නැතිවුණාම රෑට පවා කිරිබත් හදාගෙන කාල තියෙනවා

පුංචි තිරයේ ආදරබර නිහතමානි චරිතයක් වන නයෝමි තක්ෂිලාට ස්වකීය රංගන දිවියේදී නිර්මාණ වෙනුවෙන් පුදකළා වූ සාධාරණත්වය හා වටිනාකමෙහි අස්වැන්න ...




පුංචි තිරයේ ආදරබර නිහතමානි චරිතයක් වන නයෝමි තක්ෂිලාට ස්වකීය රංගන දිවියේදී නිර්මාණ වෙනුවෙන් පුදකළා වූ සාධාරණත්වය හා වටිනාකමෙහි අස්වැන්න ඇයට හිමිවෙනවා.
වසරේ වැඩිම පිරිසකගේ ආදරය දිනාගත් ටෙලි නාට්‍ය නිළිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමෙන් පසුව නයෝමි තක්ෂිලා අප හා පැවැත්වූ සුහද පිළිසඳරයි මේ.

සම්මානය හිමිවීමේ මොහාතේ දැනුන සතුට කොතරම්ද?
මගේ ජීවිතයේ සතුටුදායක අවස්ථා මට ලැබිලා තියෙනව. හැබැයි ඒ සතුටුදායක අවස්ථාවලින් මම වැඩියෙන්ම සතුටු වුණ මොහොත තමයි මේ සම්මානය මගේ දෝතට ලැබුණ දවස.

මේ වසරේ නිර්මාණ වැඩි සංඛ්‍යාවකට දායක වෙමින් ජනප්‍රියම නිළිය වෙන්න හීන මැවුවාද?
ඕනම කෙනෙක් නිළියක් වුණාට පස්සෙ සම්මාන හා ඇගයීම් බලාපොරොත්තු වෙනවා. එහෙම නැහැ කිව්වොත් ඒක බොරුවක්. හැබැයි මෙවර සම්මාන උළෙලේ ජනප්‍රිය නිළිය සම්මානයට මගේ නමත් නිර්දේශ වෙයි කියලා මම හිතුවෙ නැහැ.
හැබැයි මගේ නම නිර්දේශ වෙලා අන්තිම දහයටත් ආවට පස්සෙ තමයි මට බලාපොරොත්තුවක් ආවේ මට මොකක් හරි අවස්ථාවක් ලැබෙයි කියලා.

සම්මානය හිමිකර ගැනීමෙන් පසු ඔබට දැනෙන්නේ අභියෝගයකට මුහුණ දීමෙන් පසු දැනෙන හැඟුමද?
සම්මානය ලැබෙයිද කියලා අභියෝගයක් තිබුණා. නමුත් මේ අවුරුද්දෙ මම රඟපාන ටෙලි නාට්‍ය හයක්ම විකාශනය වෙනවා.
මම මේ කාලය තුළ චරිත හයකින් ප්‍රේක්ෂකයන් අතර ඉන්නව. මා සමග නිර්දේශ වූ අනිත් රංගන ශිල්පිනියනුත් මට කලින් රංගනයට ආපු අය.
මේ හැම දෙයක්ම ගැන බලද්දි ඒක එහෙම නොවෙයි කියලා කියන්නත් බැහැ.

ජනප්‍රියත්වයේ සම්මානයෙන් ක්ෂේත්‍රයේ ඔබව වෙනස් මානයකට යොමු කළාද?
රංගන ශිල්පිනියක් විදිහට සම්මානයක් ලැබීම ලොකු ශක්තියක්. නමුත් මම ඒ මතම ඉන්නෙ නැහැ. සාමාන්‍ය විදිහට මම කරගෙන ආපු වැඩටික කරගෙන යනවා.

මේ සම්මානය බොහොම කෙටි කලකින් පහසුවෙන් හිමිවූ දෙයක්ද?
නැහැ. නැහැ. ඇත්තම කිව්වොත් මං සම්මානය ගත්ත මොහොතෙත් මේ ගැන මතක් කළා. මම 2013 අවුරුද්දෙ කොළඹට ආපු දා ඉඳන් කළ කැපවීම මහන්සිය මේ තරම් කාලයක් මම ක්ෂේත්‍රයේ කටයුතු කළ ආකාරය මගේ නිහතමානීකම මේ හැම දෙයකම ප්‍රතිඵලයක් විදිහටයි මට මේ සම්මානය ලැබුණෙ.

ඔබ පැමිණි ගමනේ මතක සටහන් සිහිපත් කර තබන්න මේ අනගි මොහොතක් කියා හැඟෙනවා
මම අනුරාධපුරයෙ නෙල්ලිකුලම ගමේ ඉඳන් කොළඹට එන්නෙ ටවර් හෝල් පදනමේ නාට්‍ය හා රංගකලා උපාධිය හදාරන්න.
උපාධිය හදාරල අවසන් වුණාට පස්සෙ මට අකලංක සපුමල්ගෙ හිනාවෙලා හේතුවක් වේදිකා නාට්‍යයේ රඟපාන්න ලැබුණා.
එම රංගනය වෙනුවෙන් 2015 මම යෞවන සම්මාන උළෙලේ හොඳම නිළියගේ සම්මානය මට ලැබුණා. එතැනින් තමයි මම මගේ රංගන දිවිය ආරම්භ කරන්නෙ. ඊට පස්සෙ 2016 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිළියට මගේ නම නිර්දේශ වුණා. ඊට පස්සෙ තමයි මම ටෙළිනාට්‍ය වලට යොමුවුණේ.

නයෝමි පටන් ගන්නෙ ප්‍රධාන නිළියගේ චරිතයෙන්ද?
මට මුලින් ප්‍රධාන චරිත ලැබුණෙ නැහැ. මම ඕන තරම් පොඩි පොඩි චරිත කරල තියෙනව. උදාහරණයක් විදිහට මුළු නාට්‍යයේම එක දර්ශනයක පමණක් රඟපාන චරිත කරලා තියෙනව. පොඩි තැනකින් ආවහම තමයි මේ වගේ දිනුමකදී ලොකු වටිනාකමක් දැනෙන්නෙ.

ඔබ පවසන්නෙ දුෂ්කර ගමනක ප්‍රතිඵලයක් ලෙස අද ඔබ ජනප්‍රියත්වයේ සම්මානය හිමිකරගත් බවද?
අනේ ඔව්. අපි අවුරුදු දෙකක් ඉගෙනගන්න කාලෙ ඉතා දුෂ්කර ජීවිතයක් ගත කළා. අපි කොළඹ ජීවත්වුණේ. ගෙදරින් දෙන මුදල් ටිකෙන් සල්ලි ඉවර වුණහම මෙහෙ සල්ලි ඉල්ලගන්න කෙනෙක් නැහැ. බස් එකේ යන්න සල්ලි නැතිව පයින් ගිහින් තියෙනව. රෑට බෝඩිම්වල බත් කන්න ව්‍යංජන නැතිවුණාම රෑට පවා කිරිබත් හදාගෙන කාල තියෙනවා. එහෙම කට්ටක් කාල තමයි මෙතැනට ආවෙ. දැන් මට හැමදේම ලැබිලා තිබුණත් ඉස්සර ගතකරපු සරළ ජීවිතයට තමයි මම කැමති. අදටත් මට එදා උන්න ඒ සරළකමේ ඉන්න පුළුවන්.

පාසල් සමය නයෝමිට නිළියක් විමේ මංපෙත හෙළි පෙහෙළි කර දුන්නද?
පුංචි කාලෙනම් මම කියල තියෙනව මම හින්දි නිළියක් වෙන්න කැමතියි කියලා.
ඒත් මම ඉගෙනගත්ත අපේ ගමේ නෙල්ලිකුලම පාසලේ නාට්‍ය හා රංගකලාව කියල විෂයක් තිබුණෙ නැහැ. ඒ නිසා පාසලේ සාමන්‍ය පෙළ දක්වා මට කලාව ටිකක් මග හැරුණ. සාමන්‍ය පෙළට නම් නැටුම් ඉගෙන ගත්තා උස්සපෙළ කරන්න. අනුරාධපුර ස්වර්ණපාලි බාලකා විද්‍යාලයට ඇතුළු වුණාට පස්සෙ මට නාට්‍ය හා රංගකලාව හදාරන්න ලැබුණා.

එකම වකවානුවක ටෙළි නාට්‍ය හයක රඟපෑම පහසු කාර්යයක්ද ?
මේ දවස්වල මම රඟපාන නාට්‍ය හයක් විකාශනය වෙනව. ඒ සඳහා කාලය වෙන්කරගන්න එක පවා හරිම සූක්ෂම විදිහට කරන්න වෙනව.
උදාහරණයක් විදිහට විශේෂයෙන් අද මම යන්නෙ නීල පබළු ටෙළි නාට්‍යයේ රඟපාන්න නම් මම උදේ ඉඳන් ඒ චරිතය ගැන විතරමයි හිතන්නෙ. නැත්නම් මම ඒ තැනට ගිහින් ඔළුව හදාගන්න කැමතියි.

නිළියක් විදිහට චරිතයක් වෙනුවෙන් ඕනෑම ආකරයක කැපවීමක් කරන්න ඔබ සූදානම්ද?
ඒක මම තීරණය කරන්නෙ නිර්මාණයේ පිටපතත් එක්ක.

නයෝමිගේ මීළඟ ඉලක්කය කුමක්ද ?
මගේ හීනය වුණේ කවද හරි හොඳම නිළිය වෙන්න ඕන කියන එකයි. හැබැයි ඊට කලින් මට ජනප්‍රියම නිළිය සම්මානය ලැබුණා.
මට හොඳම නිළියගේ සම්මානය ලැබෙන දවසත් එයි කියලා හිතනව.

ගමේ ඉඳන් කොළඹ ආපු නයෝමි මේ හැම දෙයටකටම මුහුණ දෙන්නෙ තනියමද?
මම තනියම තීරණ ගන්න අවස්ථා තියෙනව. නමුත් මගේ දෙමවුපියන්ගෙ අනුදැනුම ඇතිව තමයි මම වැඩ කරන්නෙ. මම නතර වෙලා තියෙන්නෙ කොළඹ මගේ පුංචි අම්මගෙ ගෙදර. මගේ අම්මත් නිතරම කොළඹ ඇවිත් මාත් එකක් ඉන්නව.

මේ අවස්ථාවේ ඔබ හැරුණම ඔබත් සමග සතුටුවෙන අය අතර ඉන්නෙ?
වැඩියෙන්ම සතුටු වු​​ණේ අම්මයි තාත්තයි.

ඇයි ඔබගේ පෙම්වතා..?
නැහැ. එහෙම නැහැ. මගේ අම්මයි තාත්තයි තමයි මේ මොහොතේ මාත් එක්ක සතුටු වෙන්නෙ. මම බැඳී සිටින්නෙ මගේ දෙමව්පියන් සමගයි.

උපුටා ගැනීම – අරුණ පුවත්පත














COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: Nayomi Thakshila -රෑට බෝඩිම්වල බත් කන්න ව්‍යංජන නැතිවුණාම රෑට පවා කිරිබත් හදාගෙන කාල තියෙනවා
Nayomi Thakshila -රෑට බෝඩිම්වල බත් කන්න ව්‍යංජන නැතිවුණාම රෑට පවා කිරිබත් හදාගෙන කාල තියෙනවා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhU4oWX8YE0lO4ihQI-tHSooVZwGqH4mIioXP1qh61FoRyROtdsy2SORvUXa0g00GFA1kYBLvvLmLza1N5X-Qbaz6SoW9MGknrKWGipcA-B4sa3AayJJ3ZR5hVCGWOghYweEIlYUpJvxZA/s640/69885518_2379740832079062_1631334686187847680_o.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhU4oWX8YE0lO4ihQI-tHSooVZwGqH4mIioXP1qh61FoRyROtdsy2SORvUXa0g00GFA1kYBLvvLmLza1N5X-Qbaz6SoW9MGknrKWGipcA-B4sa3AayJJ3ZR5hVCGWOghYweEIlYUpJvxZA/s72-c/69885518_2379740832079062_1631334686187847680_o.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2019/11/nayomi-thakshila.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2019/11/nayomi-thakshila.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy