HomegossipGallery

Kavindya Dulshani-කරාතේ තමයි ඉගෙන ගත්තේ. මං ඒ විෂය ප්‍රගුණ කළා කියලා බොහෝ දෙනෙක් දන්නේ නැහැ

කාවින්ද්‍යා දුල්ෂානි කියන්නේ මේ දිනවල නිරන්තරයෙන්ම විවිධ චරිත ඔස්සේ දැකගන්න ලැබෙන ජනප්‍රිය නිලියක්. බොහෝ දෙනෙක්ගේ ආදරය එක්ක කලා කටයුතුවල ...

Dilani Abeywardana 50 birth day-ඩිලානි අබේගුණවර්ධන 50වන උපන්දිනය හැටි
chamathka lakmini-චමත්කා ලක්මිණි හා පුංචි පුතු
oshadi himasha-ඕෂධී හිමාෂා සැමියා එක්ක ගත්ත අලුත්ම ඡායාරූප පෙළ


කාවින්ද්‍යා දුල්ෂානි කියන්නේ මේ දිනවල නිරන්තරයෙන්ම විවිධ චරිත ඔස්සේ දැකගන්න ලැබෙන ජනප්‍රිය නිලියක්. බොහෝ දෙනෙක්ගේ ආදරය එක්ක කලා කටයුතුවල නිරතවන ඇය ගැනයි මේ...

කොහොමද කාවින්ද්‍යා?
හොඳයි. හොඳින් සතුටින් ඉන්නවා.

මේ දවස්වල ඔබේ රංගන කටයුතු ගැන කතා කළොත්?
චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් කළා. චාමාර පීරිස් මහත්මයාගේ උතුරු සුළඟත් ඊට අමතරව නාට්‍ය තුනකත් රඟපානවා. එකක් තමයි අහස් මාලිගා. ඒකේ අහිංසා විදිහට රඟපානවා.

මේ චරිත තුන අතරින් ඔබට වඩාත් සමීප?
අලුත් අහිංසා මගේ වයසේ චරිතයක්. තනිවම හැදෙන කෙනෙක් ඇය. මිතුරු ඇසුරත් ප්‍රිය කරනවා. මම ඒ චරිතයට සමීපයි කියලා හිතෙනවා.

පසුගිය දවස්වල කුලප්පු වෙච්ච අස්සයෙක් නිසා අකරතැබ්බයකට මහුණ දෙන්න වුණාලු නේද?
සිද්ධාර්ථ ගෞතම නාට්‍යයේ රඟපාන්න ගිහින් තමයි ඔය සිද්ධිය වුණේ. වෙනදා ගේන අස්සයා නෙවෙයි එදා ගෙනත් තිබුණේ. අපි හිටියේ අස්ස කරත්තේ නැගලා. අස්සයාව දැන් කරත්තේ ඉස්සරහ බැඳලා තියෙනවා. මං හිතන්නේ පරිසරයේ නුහුරුකම දැනිල ද කොහෙද ඌ කුලුප්පු වුණා. මම දෙවතාවක් නොසිතා කරත්තෙන් පැන්නා. හානියක් වුණේ නැහැ. නමුත් ලොකු බයක් දැනුණා.

කාවින්ද්‍යා රඟපාන්න ඇවිත් කොපමණ කල්ද?
අවුරුදු තුන හමාරක් විතර වෙනවා.

මේ කාලය අතරතුරදී ඔබ කැමැත්තෙන් හිටපු චරිත ලැබුණද?
ඔව්. මම සටන් කලාව හදාරපු කෙනෙක්. ඒ හා සබැඳි චරිතයක් රඟපාන්න මට අවස්ථාව ලැබුණා. අංගම්පොර ශිල්පය සමඟ ගනුදෙනු කරන චරිතයක් මං කළේ. හොඳ කමෙන්ට් එහෙමත් ලැබුණා ඒ චරිතයට.

කාවින්ද්‍යා මොන සටන් කලාවද හැදෑරුවේ?

කරාතේ තමයි ඉගෙන ගත්තේ. මං ඒ විෂය ප්‍රගුණ කළා කියලා බොහෝ දෙනෙක් දන්නේ නැහැ. විවිධ තරග ඉසව්වලට සහභාගී වෙලා මට පදක්කම් එහෙමත් හිමිවෙලා තියෙනවා. නමුත් දැනට මං කරාතේ විෂයෙන් ටිකක් ඈත්වෙලා ඉන්නේ.

ඔබේ ප්‍රථම ආදරේ ගැන කතා කරන්න කැමැතිද,
ඇත්තටම ප්‍රථම ආදරේ ගැන මං කතා කරන්න කැමැතිම නැති තරම්.

මොකද ඒකට වුණේ?
ප්‍රථම ආදරේ අතහරින්න සිදු වුණා.

ඔබේ නිළිකම එයට බලපෑවද?
අනේ නැහැ. අපි දෙදෙනා අතරේ යම් යම් නොගැළපීම් තිබුණා. ඉතින් ඒ නිසා ඒක දුරදිග ගෙනි යන්නේ නැතුව අතරමඟ නැවැත්වුවා.

මේ වන විට ඔබ පෙම්වතියක් නෙවෙයි?
ඔව්. පෙම්වතියක් නෙවෙයි.

ප්‍රථමආදරයෙන් ලද කම්පනය නිසාද එහෙම වුණේ?
ඒකම නිසා නෙවෙයි. ටිකක් නිදහසේ හිටිය නම් හොඳයි කියලා හිතුණා. නිදහස තමයි මට වටින්නේ.

ඔබ නිතර අගය කරන්නේ කවුද?
මගේ අම්මා තමයි මාව නිතරම අගය කරන්නේ. ඇය දන්නවා මං වැරදි මඟක යන්නේ නැහැ කියලා. මට බාල නංගිලා තුන් දෙනෙක් ඉන්නවනෙ. ඒ අයට ආදර්ශයක් වෙන්න මං ඉන්න ඕනනෙ.

කාවින්ද්‍යා ජීවිතයේ කරගත්තු ලොකුම මෝඩකම මොකක්ද?
ප්‍රථම ආදරය තමයි ඒකට දෙන්න පුළුවන් පිළිතුර.

මොකක්ද ඔබේ පෙට් නේම් එක?
ගොඩ දෙනෙක් මට කතා කරන්නේ කවි කියලා.

සාමාන්‍යයෙන් ඔබට කේන්ති යන්නේ මොන වගේ වෙලාවල්වලටද?
එහෙම වෙලාවක් කියන්න බැහැ. මට බොහොම ඉක්මනින් කේන්ති යනවා. මට කෙන්ති යන්න පොඩි දෙයක් ඇති.

නිළියක් විදිහට මොන වගේ ආහාර පාලනයකද ඔබ යෙදෙන්නේ?
විශේෂයෙන් මේ මේ ආහාර කන්නේ නැහැ කියලා මං හිතාගෙන නැහැ. ඕනෑම දෙයක් කනවා. හැබැයි රෑට ආහාර ගන්නවා අඩුයි.

නින්දට පෙර මොනවද ඔබ කරන්නේ?

මං බෞද්ධ කෙනෙක්. හැබැයි කතෝලික ආගමටත් බොහොම ළැදියි. මේ ආගම් දෙකම සිහි කර ගනිමින් තමයි මං නින්දට යන්නේ.

ප්‍රසාද් සමරතුංග
සරසවිය








Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: Kavindya Dulshani-කරාතේ තමයි ඉගෙන ගත්තේ. මං ඒ විෂය ප්‍රගුණ කළා කියලා බොහෝ දෙනෙක් දන්නේ නැහැ
Kavindya Dulshani-කරාතේ තමයි ඉගෙන ගත්තේ. මං ඒ විෂය ප්‍රගුණ කළා කියලා බොහෝ දෙනෙක් දන්නේ නැහැ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh-BvyTivMmBed8bOOFDg1wTokItO8528jACpyR9CuvorX5CGhCmpa9Wr0tkXWxPryuQPxVhj9_jyOPCuH-zsZhJooRc0ZsIF2moFXuNNh7TfUZ-b3w3Mew-slKJj4rpmNEMdDgWzvY9II/s640/75407662_2553257271396431_2445410140455698432_n.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh-BvyTivMmBed8bOOFDg1wTokItO8528jACpyR9CuvorX5CGhCmpa9Wr0tkXWxPryuQPxVhj9_jyOPCuH-zsZhJooRc0ZsIF2moFXuNNh7TfUZ-b3w3Mew-slKJj4rpmNEMdDgWzvY9II/s72-c/75407662_2553257271396431_2445410140455698432_n.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2019/11/kavindya-dulshani.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2019/11/kavindya-dulshani.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy