හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා කුලුඳුලේම සීයා කෙනෙක් වුන කතාව මේ වෙද්දී ලංකාව පුරා අස්සක් මුල්ලක් නෑර හැම කෙනෙක්ම දන්නවා. අල...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා කුලුඳුලේම සීයා කෙනෙක් වුන කතාව මේ වෙද්දී ලංකාව පුරා අස්සක් මුල්ලක් නෑර හැම කෙනෙක්ම දන්නවා. අලුත් අම්මයි තාත්තයි පුංචි පැටියා එක්ක රෝහලේ ඉඳලම ගත්ත අපූරු පින්තූර කිහිපයක්ම සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වුනා ඔබ දකින්න ඇති. ඉතින් රෝහලේ ඉඳලා ඔන්න මේ අලුත් අමුත්තා ඊයේ හා හා පුරා කියලා තමන්ගේ අම්මයි තාත්තයි එක්ක ගෙදර ගියා.
අම්මගේ අතේ හිටපු මේ පුංචි පුතාව ගෙදරට පිළිගන්න එයාගේ සීයා හරිම නොයිවසිල්ලෙන් තමයි බලන් ඉඳලා තියෙන්නේ. කොහොම වුනත් මේ සතුටුදායක අවස්ථාවට ලොකු පිරිසක් සහභාගී වෙලා ඉන්නවත් දකින්න ලැබුනා.
ඉතින් මේ අවස්ථාවේ ගත්ත පුංචි වීඩියෝ එකක් ඊයේ අන්තර්ජාලයට එකතුවෙලා තිබුනා. ගොඩක් අයගේ ආදරය හිමිවුණ මේ වීඩියෝ එක ඔයාලටත් පෙන්නන්න ඕන කියලා අපි හිතුවා. මේ තියෙන්නේ ඒක...
COMMENTS