ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ආදරය කරන්න කැමති හිමායා

ජනප්‍රිය ටෙලි නාට්‍යය කිහිපයකින්ම ප්‍රේක්ෂක ඔබ දුටු හිමායා බණ්ඩාර සමග අප  අද කතා බහා කළේමු. නිතර අපි ඇයගෙන් විවිධ කලා තොරතුරු විමසන නිසා...




ජනප්‍රිය ටෙලි නාට්‍යය කිහිපයකින්ම ප්‍රේක්ෂක ඔබ දුටු හිමායා බණ්ඩාර සමග අප  අද කතා බහා කළේමු. නිතර අපි ඇයගෙන් විවිධ කලා තොරතුරු විමසන නිසාවෙන් හිමායාට අපි වෙනස්ම විදිහේ ප්‍රශ්න කිහිපයක් යොමු කළා. මේ ඇය ඒවාට දැක්වූ ප්‍රතිචාරයන්.

ක්‍රිකට් ක්‍රීඩකයින් අතර ඔබ වඩාත් කැමති ක්‍රීඩකයන් සිටිනවාද?

කෙනෙක් කියලා නැහැ. මම දක්ෂතා පෙන්වන හැම ක්‍රිකට් ක්‍රීඩකයාටම කැමතියි. නමුත්, විශේෂ කැමැත්තක් ලසිත් මාලිංගට හා දසුන් ශානකට තියෙනවා.

ඒ අය ලංකාවේ ක්‍රීඩකයන්නේ. කැමැති විදෙස් ක්‍රීඩකයන් එහෙම ඉන්නවාද?

ලෝකයේ හැම කණ්ඩායමකම වගේ මා කැමති ක්‍රිකට් තරු ඉන්නවා. ඉන්දියාවෙන් ගත්තොත් මම විරාත් කෝලිට ගොඩක් කැමතියි. දකුණු අප්‍රිකාවේ ඩේවිඩ් මිලර්, එංගලන්ත නායක ඉයන් මොර්ගන් වගේම නවසීලන්ත නායක කේන් විලියම්සන්ටත් මම ගොඩක් කැමතියි.

ඔබ ක්‍රිකට් ක්‍රීඩකයන් මුණ ගැහිලා තියෙනවාද?


මම නිතරම ලංකාවේ තියෙන ක්‍රිකට් තරග නරඹන්න යනවා. ඒ අවස්ථාවලදී මම ඔවුන්ව දකිනවා. නමුත්, එහෙම විශේෂයෙන් කියලා ඔවුන්ව මුණ ගැහිලා නැහැ. අවස්ථා නම් ඕනා තරම් ලැබිලා තියෙනවා ඔවුන්ව මුණ ගැහෙන්න. මොකද, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න ගොඩ අය මගේ යාළුවෝ නිසා.

ක්‍රිකට් ක්‍රිඩකයෙක්ගෙන් ආදර යෝජනාවක් ආවොත් භාරගන්නවාද?

ඔව්, එහෙම යෝජනාවක් ආවොත් භාර ගන්නවා.

ලංකාවේ ක්‍රිකට්වල අද තත්ත්වය කොහොමද?


සුබවාදි තැනක තියෙනවා කියලා හිතෙනවා. අන්තිමට තිබුණ විස්සයි 20 තරගාවලිය අපි ජයගත්තා. ඒ නිසා කණ්ඩායම පෙරට වඩා දක්ෂතා අතර ඉන්නවා කියලා දකිනවා. මම හිතනවා මේ යන විදිහට ගියොත් ලංකාවේ ක්‍රිකට් නැවතත් හොඳ තැනකට ඒවි කියලා. ඒ වගේම ක්‍රීඩකයන්ට ආසාධාරණයක් නොවන විදිහට ඔවුන්ගේ දක්ෂතා තේරුම් අරගෙන ක්‍රිකට් පරිපාලකයන් ක්‍රියා කරනවා නම් ගොඩක් හොඳයි.

ඔබ කණ්ඩායමක් තෝරනවා නම් කවුද ඔබේ කණ්ඩායමේ ක්‍රීඩකයින්?

ලසිත් මාලිංග තමයි මම මුලින්ම තෝරන්නේ. ඔහු තමයි මගේ කණ්ඩායමේ නායකයා. මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර, සනත් ජයසූරිය හා තිළකරත්න ඩිල්ශාන් අනිවාර්යයෙන්ම මගේ කණ්ඩායමට ඇතුළත් විය යුතුයි. විස්සයි 20 තරගාවලියට නායකත්වය දුන් දසුන් ශානක වගේම ඒ තරගාවලියට ක්‍රීඩා කරපු භානුක රාජපක්ෂ, ඕෂද ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, ශේහාන් ජයසූරිය, මිනෝද් භානුක හා වනිඳු හසරංග මගේ කණ්ඩායමේ ඉන්න ඕනා.


COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ආදරය කරන්න කැමති හිමායා
ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ආදරය කරන්න කැමති හිමායා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEht3bJajeu2oiqzXczTMK7FEJws_Jco3COeF0PRlerd8QRl2tJeI5N46uC6UgVYSPgaqeLdN4FHf7OpQ5jGZ2ZDrxRDlmPOsUTQo9sI0KxXX-cIrrIvLXAwOK37HEbJcvq9iSeVnqtWKp4/s640/20191031Himaya-3.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEht3bJajeu2oiqzXczTMK7FEJws_Jco3COeF0PRlerd8QRl2tJeI5N46uC6UgVYSPgaqeLdN4FHf7OpQ5jGZ2ZDrxRDlmPOsUTQo9sI0KxXX-cIrrIvLXAwOK37HEbJcvq9iSeVnqtWKp4/s72-c/20191031Himaya-3.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2019/11/blog-post_4.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2019/11/blog-post_4.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy