නව චූඩා මාණික්‍යක් පැළදීමේ පසු ස්වර්ණමාලි චෛත්‍යයේ කොත්වහන්සේ දෙසට දීප්තිමත් රශ්මි කදම්භයන් ඇදී ඇවිත්

විශ්වයේ බලවත්ම ස්ථානය ලෙස සැලකෙන ද්‍රෝනයක්වු ධාතුන්වහන්සේලා තැම්පත්කර ඇති අනුරාධපුර අටමස්ථාන පූජා භූමියේ පිහිටි ස්වර්ණමාලි සෑරදුන්ට නව චූ...





විශ්වයේ බලවත්ම ස්ථානය ලෙස සැලකෙන ද්‍රෝනයක්වු ධාතුන්වහන්සේලා තැම්පත්කර ඇති අනුරාධපුර අටමස්ථාන පූජා භූමියේ පිහිටි ස්වර්ණමාලි සෑරදුන්ට නව චූඩා මාණික්‍යක් ප්‍රතිස්ථාපනය කිරිමෙන් අනතුරුව සෑරදුන් වැදපුදා ගැනීම සදහා දෙවිවරුන් වැඩමකල බව එම පුණ්‍ය උත්සවයට සහභාගිවු සැදැහැවතුන් පිරිසක් පැවසු අතර ඊයේ (25දා) රාත්‍රීයේ චෛත්‍යයේ කොත්වහන්සේ දෙසට දීප්තිමත් රශ්මි කදම්භයන් ඇදී ආබව ඔවුන් කීහ.

දින කිහිපයක කාලය පුරා අනුරාධපුර මහමෙව්නා පිංබිමේ පිහිටි ස්වර්ණමාලි සෑරදුන් අභියස පැවති පුණ්‍ය උත්සවයට ගිය බොහෝ පිරිසක් විවිධාකාරයේ දෙනෙත් අදහගත නොහැකි දසුන් දැකතිබු අතර පැරණි චූඩා මාණික්‍ය ඉවත්කර නව චූඩා මාණික්‍ය සවිකර පැය කිහිපයක් ගතවීමටත් පෙර සෑයේ ඉහල ආකාශයෙන් දීප්තිමන් රන්වන් පැහැති රශ්මි කදම්බයන් මතුවු බව එම පුණ්‍ය උත්සවයට තවත් පිරිසක් සමග එක්ව සිටි ගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු පැවසුවේය.

ඊයේ (25දා) රාත්‍රීයේත් අනුරාධපුර පැරණි පුජා නගරයට විටින්විට ධාරණිපාත වැසි පතිතවෙමින් අදුරු කාලගුණයක් පැවති අවස්ථාවක අසිරිමත් ආලෝකයන් දුටුබව ඒ මහතා පැවසුවේය.දින කිහිපයක සිට තමන් ඇතුළු පහලොස් දෙනෙකු පමණ අනුරාධපුර පූජා නගරයට පැමිණ නවාතැන් ගෙන ප්‍රදර්ශනයට තබාතිබු චූඩා මාණික්‍ය වැදපුදාගත් බව ඒමහතා පැවසු අතර දිනපතා චූඩා මාණික්‍ය වැදපුදා ගැනීමේ පුණ්‍ය උත්සවයට එක්වු බව ඒ මහතා පැවසුවේය.

එම අසිරිමත් රන්වන් පැහැති රශ්මි කදම්බයන් පිළිබදව අදහස් පලකල ඒ මහතා.මම අටමස්ථානයේ තිබෙන විශේෂ උත්සව සෑම එකකට වගේම සහභාගිවනවා.දින කිහිපයකට කලින් තමයි අපි අනුරාධපුරයට ආවේ.මේ දින කිහිපයේම අපි කිසිම කෙනෙක් මස් මාළු බිත්තර තියා අඩුම තරමින් කරවල කෑල්ලක්වත් කැවේ නෑ.

(25දා) දිනයේ චූඩා මාණික්‍ය පැලන්දුවට පස්සේ අපි බොහොම වෙලාවක් රුවන්වැලි සෑයේ සලපතල මළුවට වෙලා ඉහල ආකාසයේ වෙනස්විම් බලමින් සිටියේ.විටින්විට කලාමැදිරි එලිවගේ ආලෝකයන් විශාල ප්‍රමාණයක් කොත්වහන්සේ වෙත ඇදි ඇවිත් නැවතත් ඉහල ආකාශයට ඇදි ගියා.

එම ආලෝකයනුත් දෙවිවරු වෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා.ඒ දෙස බලා ඉද්දි තමයි එක්වරම කොත්වහන්සේ වැඩසිටිනා ඉහල ආකාශය ඉතා දීප්තිමත් වුණේ.මම ඇතුළු පිරිස සාදුකාර දෙද්දි තවත් අවට සිටි පිරිස් අපි දිහා අවධානයෙන් බලාගෙන ඉදලා ඔවුනුත් ආකාශය දිහා බැලුවා.

නමුත් ඔවුන් සාදුකාර පැවත්වුවේ නෑ.තප්පර කිහිපයක් රන්පැහැති දීප්තිය ඇතිවෙලා ඒක විවිධ වර් ණ වලට හැරිලා නැතිවුණා.මම චිත්‍රවලින් බුදුන් ආසන්නයට වැඩි දෙවිවරුන්ට සමානවූ රුවක් තමයි ආලෝකයේ දැක්කේ.මා සමග සිටි පිරිසෙන් කිහිප දෙනෙකුම ඒ දීප්තිමත් ආලෝකය දැක තිබුණා.මම හිතනවා දෙවිවරුන් පිරිසක් සෑරදුන් වැදපුදා ගන්න එක්වරම පහල වෙන්න ඇති කියලා යනුවෙන් ඔහු පැවසුවේය.

මීට පෙර අවස්ථා කිහිපයකදීම විවිධ පුද්ගලයන් රුවන්මැලි සෑරදුන් පිහිටි ඉහල ආකාශයේ විශේෂ රශ්මි කදම්බයන් දිස්වන අයුරු දැක තිබෙන අතර මීට වසර හයකට පමණ ඉහත අනුරාධපුර ශ්‍රී මහ බෝධීන්වහන්සේ අභියස පැවති පිච්ච මල් පූජාව අවස්ථාවේ ශ්‍රී මහ බෝරදුන් අභියසින් බුදුන්ගේ රුවට සමාන රුවක් සමග දීප්තිමත් ආලෝකයක් පිටවන අයුරු මහනුවර ප්‍රදේශයේ පදිංචි තරුණියක දැක තිබුණි.ඇය විසින් එම ආලෝකය ජංගම දුරකථනයට පටිගත කරගත් අවස්ථාවේ අතුරුදන්වි තිබුණි.

අනුරාධපුර මහේෂ් විජේසුරිය

COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: නව චූඩා මාණික්‍යක් පැළදීමේ පසු ස්වර්ණමාලි චෛත්‍යයේ කොත්වහන්සේ දෙසට දීප්තිමත් රශ්මි කදම්භයන් ඇදී ඇවිත්
නව චූඩා මාණික්‍යක් පැළදීමේ පසු ස්වර්ණමාලි චෛත්‍යයේ කොත්වහන්සේ දෙසට දීප්තිමත් රශ්මි කදම්භයන් ඇදී ඇවිත්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhx3cLpNzihDz0GkMr9eI3C9MxaT6AJbHBYMUAIPEOqSL_6q9JLeO0wX_iUMkLy4H1PCx_1i1Pil8TL1n9jUDBFLqenXg8oKEjMFbAr0OidtU7R77a0wAM3WfW5vG-yOH5D6uv-0yjk6f8/s640/5ddceb46354c5_5ddcea9246e91_92.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhx3cLpNzihDz0GkMr9eI3C9MxaT6AJbHBYMUAIPEOqSL_6q9JLeO0wX_iUMkLy4H1PCx_1i1Pil8TL1n9jUDBFLqenXg8oKEjMFbAr0OidtU7R77a0wAM3WfW5vG-yOH5D6uv-0yjk6f8/s72-c/5ddceb46354c5_5ddcea9246e91_92.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2019/11/blog-post_26.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2019/11/blog-post_26.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy