මෙවර ජනාධිපතිවරණයට තරග කල සජිත් ප්‍රෙමදාස මහතාගේ පරාජය දරා ගැනිමට නොහැකි වු පොලොන්නරුව පුලස්තිගම අභයපුර 64 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (17...
මෙවර ජනාධිපතිවරණයට තරග කල සජිත් ප්‍රෙමදාස මහතාගේ පරාජය දරා ගැනිමට නොහැකි වු පොලොන්නරුව පුලස්තිගම අභයපුර 64 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (17) දින වස පානය කර සියදිවි නසාගත් බව මියගිය අයගේ පවුලේ පිරිස පවසනවා.
මෙසේ වස පානය කිරිම නිසා මරණයට පත්ව ඇත්තේ අංක 63, අභයපුර, පුලස්තිගම, පොලොන්නරුව ලිපිනයේ පදිංචි බටුවිට ලියනරත්නගේ ගුණරත්න නැමැති (64) හැවිරිදි අයෙකි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු ඔහුගේ භාර්යාව වන එම්ජි.ලිලාවැති මෙසේ පවසනවා." අපි බැදලා දැනට අවුරුදු 30කට වැඩියි. කවදාවත් අපි රංඩු වෙලා නැ. අපිට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. ඒ අය ඔක්කෝම ලොකු අය. මාගේ මහත්තයා ප්‍රේමදාස ජනාධිපති කාලේ ඉදලාම එතුමාට හරිම ආදරෙයි. මොන මැතිවරණයක් ආවාත් ඡන්දය දෙන්නේ එක්සත් ජාතික පක්ෂයට තමයි. 16 වෙනිදා තිබුණ ජනාධිපතිවරණයටත් සජිත් ප්‍රේමදාස මහත්තයාට ඡන්දේ දැම්මා කියලා කිවිවා. රෑ එළි වෙනකං ටී වී එකේ ඡන්දේ බැලුවා. දවල් වෙනකොට සජිත් මහත්තයා පරාදයි කියලා දැන ගත්තාම මෙයා හොදට බීලා තියෙනවා. පස්සේ ගෙවල් ලග ලමයි එක්ක කියලා තියෙනවා සජිත් මහත්තයා ගෙදර ගියාට මාගේ හිත වාවන්නේ නෑ කියලා. හවස 6ට පමණ වස බූලියකුත් අරගෙන ඇවිත් වස බීවා කියලා කිව්වා. පස්සේ බලනකොට වහ බිලා. ලමයි එයාව ත්‍රිවිල් එකක දාගෙන පුලස්තිගම ඉස්පිරිතාලේට ගෙනිච්චා එහෙන් පොලොන්නරුව මහ රෝහලට මාරු කරා. පස්සේ අද පාන්දර මහත්තයා නැති වුනා. මෙයා මෙහෙම මැරෙන්න කිසිම හේතුවක් නෑ. ගෙදර ප්‍රශ්නයක් වුනෙත් නෑ. ගමේ කා එක්කවත් ප්‍රශ්නයක් වුනෙත් නෑ. කිසිම හේතුවක් නිසා නෙවේ මාගේ මහත්තයා නැති වුනේ සජිත් මහත්තයා ජනාධිපතිවරණයෙන් පරාජය වු නිසා තමයි.
මේ සම්බන්ධයෙන් මියගිය අයගේ දරුවන් ද පවසා සිටින්නේ තාත්තා වස බිලා තියෙන්නේ සජිත් මහත්තයා පරාජය වුන නිසා වේදනාව දරා ගන්න බැරි නිසා තමයි.
COMMENTS