ශිෂ්‍ය නායිකාවක් වූ දමයන්ති, බිහි කළ කිරි කැටියාට කළ අහස පොළව නුහුළන අපරාධය

මව්පියන්ගේ අවවාද අනුශාසනා නොතකා රිසිසේ ජිවිතය විඳිමට ගිය තරුණ සිසුවියක් පියෙකු නැති දරුවෙකුගේ මවක බවට පත්වී අන්තිමේදී මිනීමැරුම් චෝදන...



මව්පියන්ගේ අවවාද අනුශාසනා නොතකා රිසිසේ ජිවිතය විඳිමට ගිය තරුණ සිසුවියක් පියෙකු නැති දරුවෙකුගේ මවක බවට පත්වී අන්තිමේදී මිනීමැරුම් චෝදනා යටතේ හිරේ විලංගුවේ වැටීමට සිදුවූ පුවතක් පසුගියදා වාර්තා වූයේ නිට්ටඹුව මූලස්ථාන පොලීසියෙන්.

හාපිටිගම් කෝරළේ කෙළවරම ගම්මානයක වෙසෙන යුවළකගේ වැඩිමහල් දියණිය 2001 වසරේදී මෙලොවට ජනිත වුණේ ඇගේ මාපියන්ට දහසක් බලාපොරොත්තු ඇති කරවමිනුයි. ඇය නමින් දමයන්ති.

දමයන්ති පාසල් අධ්‍යාපනය ආරම්භ කළේ ගමේ පාසලෙන්. සෑම වසරකදීම කැපී පෙණුනු ශිෂ්‍යාවක් වූ ඇය වසරින් වසර ඉහළ පන්තියට ගියේ පාසලටත්, මාපියන්ටත් මහත් බලාපොරොත්තු ඇති කරවමිනුයි.

පහේ පන්තියෙන් පසු මව්පියන් ඇය නිවසට ආසන්නම පාසලට ඇතුළත් කරනු ලැබූයේ දියණියට තම රැකවරණය මෙන්ම ආරක්ෂාව ඇති කරනු අටියෙනුයි.

දමයන්ති, අපොස සා.පෙ. විභාගය ඉහළමින්ම සමත්වී උසස් පෙළ හැදැරීමට පටන් ගත්තා.

මේ වන විට ඇය මව්පියන්ගේ බලාපොරොත්තු පසෙක ලා ඇගේ සම වයසේම පාසල් සිසුවකු සමඟ පෙමින් වෙළි සිටි බව කාටත් රහසක් වුණා. උසස් පෙළ පන්තියේදී ඇය උපකාර පන්ති යාමට පටන් ගත් අතර ඇගේ පෙම් පලහිලව්ව ඒ අතරතුර දුර දිග ගියා.

උපකාරක පන්ති මඟ හරිමින් පෙම්වතා සමඟ නිතර කාලය ගත කරන්නටද දමයන්ති කටයුතු කළේ මව්පියන්ගේ සිහින බොඳ වන බව නොදැනද නොවේ. බස් නැවතුමේ, දුම්රිය පලේ අහුමුලුවලින් පටන් ගත් ඇගේ ආදර කතාව ටිකෙන් ටික දුරදිග ගොස් හෝටල් කාමරය දක්වාම ගියේ 'තරුණ මදයෙන්' මුසපත්ව සිටි නිසාම වන්නට ඇති.

මේ ගමන තම ජිවිතයේ විනාශය උරුම කරවන ගමනක් බව දමයන්ති කිසි විටෙක සිතුවේ නැහැ. පෙම්වතා සමඟ මෙලෙස ගිය ගමනයකදී ඇය තම 'කුමරි බඹසර' පුද කළේ දුර දිග නොසිතාමයි. පෙම්වතාගෙන් මෙසේ ලැබූ 'මොහොතක සුවය' තම දිවිය සඳහටම නැති කරන්නට මෙන්ම තමන්ගේ පවුලට ඉගෙන ගන්නා පාසලේ කීර්තියට සිදුවන හානිය ගැන ඇයට දැණුනේ නැහැ. මාසයක් දෙකක් ගතවුණා. තම සිරුරේ කිසියම් වූ වෙනසක් ඇයට නොදැණුනා නොවේ. ඒ නිසාම ඇය මේ බව නිතරම තම පෙම්වතා සමඟ කීවා.

තම කුස 'මෝරන' බව ඇයට දැණුනත්, ඒ බව පිටතට නොපෙන්වා සිටීමට තරම් ඇය සූක්ෂම වූණා. මේ අතර පාසලේ ශිෂ්‍ය නායිකාවක ලෙසද ඇය තෝරාගත්තේ ඇගේ දස්කම් අගයමිනුයි. ඒ අනුව ඇය සිසු 'නියමුවරියක' ලෙස පිදුම් ලැබුවේ පාසලේ සිසුන් ඉදිරිපිටදීයි.

නිල ලාංඡනය පැළඳගත් තමන් ශිෂ්‍ය නායිකාවක ලෙස අන් අයට ආදර්ශමත්ව කටයුතු කළ යුතු බව ඇයට තේරුම් ගියේ මේ අතරයි.

ඇය ඉක්මන් තීරණයක් ගත්තා. කාටත් රහසේ තම ඉදිරි ජිවිතය හොඳින් ගත කිරීමට ඇය ඉටා ගත්තා. ශිෂ්‍ය නායිකාවක ලෙස දිවුරුම් දුන් දිනයට පසුදා ඇය පාසල් ගියේ මේ සියල්ලට විසඳුමක් හිතේ රඳවාගෙනයි.

ඒ අනුව සෙනසුරාදාට එළිවෙද්දි ඇය කිසියම් අසනීප ගතියකින් පෙළෙන්නට වූයේ හොර රහසේ සිදු කළ ප්‍රතිකාරය නිසායි. එහෙත් සියල්ල වෙනස් වීමට ගත වූයේ මොහොතක් පමණයි.

තමන්ට 'උදරාබාධයක්' වැළඳී ඇතැයි දමයන්ති මිත්තණියට හා මවට පැවසුවා. ඇයට ප්‍රතිකාර ලබා දෙන්නට මවත් මිත්තණියත් වතුපිටිවල මූලික රෝහලට ඇය කැඳවාගෙන ගියා. දමයන්ති මූලික ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කරනු ලැබුවා. ඒ අතර ඇය තමාට වැසිකිළි යා යුතු බව කීවා.

මවත් මිත්තණියත් ඇය සමඟ මේ ගමන ගියේ 'රහසක්' රකින්නටදැයි දන්නේ ඔවුන්ම පමණයි.

වැසිකිළියට ගිය දමයන්ති පිරිමි දරුවෙකු ප්‍රසූත කළේ කිසිවෙකුගේ සහයක් නොමැතිවයි.

එහෙත් ඉන් අනතුරුව සිදුවූයේ අහස පොළව නුහුළන අපරාධයක්. සිය කුළුදුල් දරුවාට මව් කිරි දෙනවා වෙනුවට මේ ළාබාල මව කළේ බිළිඳා වැසිකිළියේ ජනෙල් කවුළුවෙන් පිටතට විසි කිරීමයි. අනතුරුව ඇය කිසිත් නොදන්නා එකියක ලෙස නැවත මූලික ප්‍රතිකාර ඒකකයට ගියේ කෙසේ හෝ රෝහලෙන් ඉක්මනින් පිටව යන අදහසිනුයි.

සියල්ල වෙනස් වන්නට ගත වූයේ සුලු වෙලාවක් පමණයි. ජනෙල් කවුළුවෙන් ඉවතට දැමූ බිළිඳා වැටුණේ කොන්ක්‍රීට් තට්ටුවක් මතටයි. ඒ අසළින් ගිය පිරිසිදු කිරීමේ අංශයේ සේවිකාවකට බිළිඳා ඇස ගැටුණේ මේ අතරයි.

ඇය මේ බව හෙදියකට දැනුම් දෙනු ලැබුවා. හෙදිය වහා ක්‍රියාත්මක වී බිළිඳා නොමේරූ ළඳරු ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දුන්නත් ටික වේලාවකින් බිළිඳා මෙලොව හැර ගියේ හෙදියන්ගේ නෙත් කඳුළින් තෙත් කරමිනුයි.

සියල්ල මෙසේ සිදු වෙද්දි බිළිඳාගේ මව වූ 18 හැවිරිදි සිසුවිය කිසිත් නොදත් සේ සිටියත් වෛද්‍යවරුන්ට හා හෙදියන්ට සියල්ල තේරුම් ගන්න වැඩි කාලයක් ගියේ නැහැ. ඒ සමඟම සිද්ධිය පිළිබඳ රෝහල් පොලිසියට අනතුරුව නිට්ටඹුව පොලිසියටද දන්වනු ලැබූවේ අපරාධමය වරදක් වූ නිසාමයි. පොලිස් පරීක්ෂණ ආරම්භ වූයේ එතැන් සිටයි.

ප්‍රතිකාර ලබමින් සිටි දමයන්ති අත්අඩංගුවට ගනු ලැබුවා. ඇය සමඟ පෙමින් වෙළි සිටි පෙම්වතාද නුදුරු පාසලක උසස් පෙළ සිසුවකු බවට පොලිසියට තොරතුරු ලැබුණේ මේ අතරයි. ඔවුන්ගේ ප්‍රේම පුරාණය වසරකටත් එහා ගිය එකක් බවද අනාවරණය කරගන්න පොලිසියට හැකි වුණා.

බිළිඳාගේ මව වන දමයන්ති අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් මස 15 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැඩබලන මහේස්ත්‍රාත්වරිය නියෝග කරනු ලැබුවා.



එම්. පී. කුමාර

COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: ශිෂ්‍ය නායිකාවක් වූ දමයන්ති, බිහි කළ කිරි කැටියාට කළ අහස පොළව නුහුළන අපරාධය
ශිෂ්‍ය නායිකාවක් වූ දමයන්ති, බිහි කළ කිරි කැටියාට කළ අහස පොළව නුහුළන අපරාධය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgAxpIvfgo5Rm6sHrCsUtCL2LF55s4VQQg7g4RXkwtr0t32hxUqhFBkqYHf_IlDr4tQD8KThaX8x42VLWlm1ixxFyWjQlYRya4R-QwxZ0Sy6YDU-uNbtKCiiwVpSjedNXjgYZUNQCaIJSw/s640/0fd2169faef410538e55a8515200a3cd.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgAxpIvfgo5Rm6sHrCsUtCL2LF55s4VQQg7g4RXkwtr0t32hxUqhFBkqYHf_IlDr4tQD8KThaX8x42VLWlm1ixxFyWjQlYRya4R-QwxZ0Sy6YDU-uNbtKCiiwVpSjedNXjgYZUNQCaIJSw/s72-c/0fd2169faef410538e55a8515200a3cd.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2019/11/blog-post_12.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2019/11/blog-post_12.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy